Pages

Sunday, 19 March 2017

Huකමුද ?-500 දෙන්නම්




"හුකමුද-500 දෙන්නම්"

මේ වැඩිහිටි යෝජනාවක් වගේ පෙනෙන අඩුහිටි එකක්.

කොටින්ම ඉස්කෝලෙ 10 පංතියෙ පිරිමි ශිෂ්‍යයෙක් ගැහැනු ශිෂ්‍යාවන්ට කරන යෝජනාවක්.

සමහරු සදාචාරසම්පන්නව මේ මුල් වචනෙ කියවල නැට්ට කෙලිං කරගන්න ඉස්සර මේක කියවන්න. මේ සත්‍ය කතාවක්. මට කිව්වෙ ඉස්කෝල ගුරුවරයෙක්.



සිරි ලංකාවෙ වයඹ පළාතෙ මිශ්‍ර පාසලක 10 වසරෙ පංතියක ගැහැනු දරුවෝ විටින් විට අඬනව දවස් කීපෙක ඉඳන් පංති බාර තරුණ ගුරුවරය දැක්ක.

ළමයින්ගෙන් ඒකට කාරණේ ඇහුවම එකෙක්වත් උත්තරේ දෙන්නෙ නෑ. තක්බීර් වෙලා බලං ඉන්නව. ළමයින්ව තනිවම තමන් ළඟට ගෙන්නල ඇහුවමත් කරන්නෙ අඬන එකමයි.

මේක පිරිමි ගුරුවරයෙකුට කියන්න බැරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා මේ පිරිමි ගුරුවරය කොන්ත්‍රාත්තුව තවත් තරුණ ගුරු මහත්මියකට බාර දුන්න.

ඒ ගැන විමර්ශනය කළ තරුණ ගුරුවරිය මා පෙර කී තරුණ ගුරුවරය ළඟට ඇවිත් මෙහෙම කිව්ව.

" සර්....හේතුව හොයා ගත්ත. එක පිරිමි ළමයෙක් ගෑනු ළමයින්ට ඉන්න දෙන්නෙ නෑ. නරක යෝජනා කරනව"

"මොකක්ද මිස් යෝජනාව ?"

" අනේ සර් මං කොහොම කියන්නද... ඒක අමු කුණුහරුපයක්"

"අපි වැඩිහිටියොනෙ. ඉතිං මට කියන්න බැරි ඇයි. ඒ තරං දරුණුද ?

ගුරුවරය හිතුවෙ "කිස් එකක් ඉල්ලනව", නැත්නම් "ඔයාගෙ තනේ හරි පුක හරි මිරිකන්න ආසයි" කියනව වගේ දෙයක් කියලයි.

කඩප්පුලි කොලේලො ඔය වගේ ඒව කියල ගෑනු ළමයි අපහසුතාවට පත් කරල අහුවෙලා මීට කලිං දඬුවම් කරලත් තියෙන නිසයි එහෙම හිතුවෙ.

තරුණ ගුරුවරිය කියන්නෙ නැතුව ඇඹරි ඇඹරි ඉද්දි ඔතනින් යන්න ආව පෙන්ෂන් ගන්න ඔන්න මෙන්න ඉන්න හොඳ කටකාර ගුරුවරියක්.

" අනේ ටීචර්..පොඩි උදව්වක් කරන්න. මේ මිස් කියන්නෙ මොකක්ද කියල අහල මට කියන්න"

පොඩ්ඩක් පැත්තකට ගිය තරුණ ගුරුවරිය තම වැඩිහිටි ගුරුමහත්මියට
රහසින් විස්තරේ කිව්ව. වැඩැහිටි ගුරුවරිය විස්තරේ අහල ඔලුවෙ අත ගහගත්ත. 

"සර්.... මේ ළමය කොහොම ඔයාට කියන්නද? මටත් ඔයාට කියන්න විචිකිච්ඡාවයි.  ඒත් නොකිය බැහැනෙ. ඔයාගෙ 10 පංතියෙ ඉන්න සමන්(අපි ඔහුට සමන් යැයි කියමු.) ගෑනු ළමයින්ට ළඟට කතා කරල අහනවලුනෙ "හුකමුද-රුපියල් 500 ක් දෙන්නම්" කියල.

ගුරුවරය  කොයි තරම් කෝප වුණාද කිව්වොත් සමන්ව ගුරු විවේකාගාරයට ගෙන්නුව. දොර වැහුව. හොඳ පොල්ලක් අරං හොඳටම ගැහුව "තෝ ආයෙම ගෑනු ළමයින්ට වලත්තු කතා කියනවද" අහ අහ. අනෙක් ගුරුවරුත් තක්බීර් වෙලා බලං උන්නෙ මේ තරුණ ගුරුවරය කවදාවත් එහෙම දඬුවම් කරනව දැකල නැති හංදයි.


ගුරුවරය ගහන ගමං ඇහුවෙ කවුද මේ කතාව අහන්න කියා දුන්නෙ කියලයි. මුලින් පිළි නොගත්තත් අන්තිමේට සමන් පිළිගත්ත එහෙම කිව්ව බවත්, ඒ කතාව කියා දුන්නෙ ගමේ අයිය කෙනෙක් බවත්.

මේ අයිය පාසල් හැර ගොස් කුලී රස්සා කරන්නෙක් බවත්, උපකාරක පංති හමාර වී සවස ගෙදර යද්දී කඩමංඩියෙදී මේ අයියා මුණ ගැහෙන බවත් සමන් වැඩිදුරටත් පිළිගත්ත.  

සාමාන්‍යයෙන් වෙනදත් මෙහෙම අවස්ථාවල කරන විදිහට ශිෂ්‍යයා කියූ දේ ඔහු ලවාම ලියවා අත්සනත් ගත්තෙ පස්සෙ නෑ ..බෑ.. නොකියන්නයි.

අවසානයෙ ගුරුවරුන් අතර වූ සාකච්ඡාවකින් පස්සෙ සමන්ගෙ දෙමාපියන් පසුවදාම ඉස්කෝලෙට ගෙන්නල මේ ආශ්‍රයේ භයානකකම පෙන්වා දෙන්න හැමෝම තීරණය  කළා.

සමන්ගේ පියා ‍ ටේලර් කෙනෙක්. අම්මා රැකියාවක් කරන්නේ නෑ. සමන් එකම පුතා.

සමන්ගෙ තාත්ත ආවෙ චන්ඩි පාට් එකෙන්. "සර් ල එක එක ළමයින්ගෙ කියුං බස් අහල මගෙ ළමයට හොඳටම ගහල. එන්න නොකිව්වත් අද මං එනවම තමයි. එහෙම පුළුවනිද මේ විදිහට ගහන්න. මට හරි නම් පොලෝසි යන්න වුණත් පුළුවනි.

ගුරුවරය කොයි තරම් කිව්වත් සමන්ගෙ තාත්ත පිළිගත්තෙ නෑ තම දරුව මේ වගේ යෝජනා කරනව කියල.

" සර්... මේක මට කොහෙත්ම පිළිගන්න බෑ. මගෙ දරුව කුණුහරුප කියනව තියා දන්නෙවත් නෑ. ඔය වගේ කතා කොහෙත්ම දන්නෙ නෑ. අපි එයාව හදන්නෙ මලක් වගේ. ගෙදරින් පිට කිසිම තැනක යන්න දෙන්නෙ නෑ. කිසිම නරක ළමයෙක් ආශ්‍රය කරන්නෙ නෑ." තාත්තයි, අම්මයි දෙන්නම පරසක්වල ගහන්න පටං ගත්ත.

"දැං එතකොට මමද ගෑනු ළමයින්ට කුණුහරුප කිව්වෙ" ගුරුවරය කෝපයෙන් ඇහුව. 

අවසානයේ සමන් දෙමාපියන් ඉදිරිපිට තබා විමසන්න තීරණය කළා.

"ඔව් සර්....ඕකව ගේන්න. මේක වෙන්නම බෑ. කාගෙ හරි බොරු චෝදනාවක්"

දෙමාපියන් ඉදිරියේ සමන් මුලින් පිළි නොගත්තත් කලිං දවසෙ ලියල අත්සන් කළ ලියවිල්ලත් පෙන්නල ප්‍රශ්න කරද්දි සියල්ල පිළිගත්තෙ දෙමාපියන් මහ හඬින් හඩමින් කම්පා වෙද්දි.

"කවුද ඔය අයිය ?" තාත්ත ඇහුව.

"ජනකයිය..." 

"මොනාද බොල මේ කියන්නෙ. අර..කුඩු ජනක...? කොහාමද ඌ අයිය කෙනෙක් වෙන්නෙ. අනේ සර් බලන්න..ඔය ජනක කියන එකා කුඩුකාරයෙක්."

සමන්ගෙ තාත්තයි අම්මයි තුෂ්නිම්භූත වෙලා. 

අපේ මිත්‍ර ගුරුතුමා කියනව "කතාව මේකයි. කුඩු ජනක සමන්ට කුඩු උරන්නත් දීල. සමන් කියන්නෙ එක දවසයි කියල. ඒත් කවුද ඇත්ත, නැත්ත දන්නෙ. ඒ මදිවට බ්ලූ ‍ෆිල්ම් පෙන්නල. ගල් කපල මදිවට පුකෙත් ඇරල. ගෑනු ළමයින්ගෙන් අහන්න ඕනෙ ඒවත් කියා දීල. මේව කරල තියෙන්නෙ ගෙදරත් එක්කරගෙන ගිහිං."

අම්මල, තාත්තල තමන්ගෙ දරුවන් සාන්ත දාන්ත තීන්ත කූඩු විදිහට හිතාගෙන උන්නට මදි. ඔවුන් ගැන හොයා බලන්නත් ඕනෙ නේද?


-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා



Thursday, 16 March 2017

අපි ඒකටත් විරුද්ධයි-හැබැයි සටන පස්සෙ



අද දවසේ අයිටම් එක වෙලා තියෙන්නේ 
සයිටම් එකය.

සයිටම් අහෝසි කරන්නට විරු සිසුවන් එක්ක දොස්තරලා දිවි හිමියෙන් සටන් කරන්නට ප්‍රතිඥා දී ඇත. ඒ කියන්නේ මරා ගෙන මැරෙන එකය.

වෙන මොනාටවත් නොව රෝගීන් ජීවිත අනතුරෙන් බේරා ගන්නටය.
අධ්‍යාපනය විතිණීමට එරෙහිවය.

හැබැයි මේ දොස්තරලා හංදියක් හංදියක් ගානේ නිදහස් අධ්‍යාපනයෙන් ලද දැනුම අහිංසක ජහමනයාට විකුණන එක ගැන හාවක් හූවක් නැත.

දොස්තරලා නොවන කොන්දොස්තරලාත් ගමේ බේත් කඩ දාගෙන අහිංසක ගැමියාට පාට වතුර එක්ක පැනඩෝල් පොවන එක ගැනත් හාවක් හූවක් නැත.

හැබැයි සයිටම් දොස්තරලා නිසි පුහුණුවක් නැතිව ලෙඩ්ඩු මරා දමාවියයි කිඹුල් කඳුළු හෙලන ආංඩුවේ දොස්තරලා මේ ළමයින්ට නිසි තියා කවර පුහුණුවකටවත් ඉඩ දෙන්නේද නැත.

පුහුණුවක් දුන්නත් විරුද්ධය. නැතත් විරුද්ධය.
ප්‍රමිතියක් ඇතත් විරුද්ධය. නැතත් විරුද්ධය. කොහොමත් විරුද්ධය.

අනෙක් අතට නිදහස් අධ්‍යාපනය සුරකිනු. අධ්‍යාපන කඩ වලට එරෙහි වෙනු..!
කියා සටනට බහින සිසු විරුවන් 
කොතලාවල ‍‍වෛද්‍ය පීඨයේත්,
ඉංජිනේරු ඇතුළු අනෙක් වෘත්තීන්වලට අදාළ පෞද්ගලික උපාධි ආයතන වලත් අධ්‍යාපනය මහදවල් ප්‍රසිද්ධියේ හෝල්සේල් ගාණට විකුණන එක ගැන හාවක් හූවක් නැත.

ඒත් පත්තරෙන් ඇහුවම කියන්නේ අපි ඒවටත් විරුද්ධයි කියාය. ඒත් විරුද්ධවීම වෙනුවෙන් කර ඇති කෙංගෙඩියක් නැත.

හැබැයි එහෙම වරකට එක බැගින් විරුද්ධ වෙනවා කියන්නේ කචල් එක දිගටම ඇදගෙන යන්න පුළුවනි කියන එකය.

කොටින්ම ආංඩුවේ විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්නා සිසුන්ට අබ සරණය. අවුරුද්ද පුරාම විරෝධතා දක්වමින් පංති වර්ජන කරන්නනට සිද්ධ වෙනු ඇත.

අත්දැකීමෙන් පසක් කොටගත් ප්‍රශ්නයක් ඔටුවාට ඇත.

සයිටම් අහෝසි කොට අනෙක් 
පෞද්ගලික අධ්‍යාපන කඩවලට එරෙහිව සටන් වදිද්දී වෛද්‍ය ශිෂ්‍යයනුත් පෙරමුණ ගන්නවා තියා එක දේශනයක්වත් කට් කරගනීද කියන එකය.


-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා


Friday, 10 March 2017

උස්සා එළියට දැමීම

ථානායක විසින් නම් කොට උස්සා එළියට දැමු ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන රජිත් කීර්ති තෙන්නකෝන් ෆේස්බුක් දාල තිබුණ මේ ලියවිල්ල ඉතිහාසය නොදන්න බබාලටයි.

දිනේෂ් තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් කෑ ගහද්දි කිරිපණුගාය හැදිල කෑ මොර දුන්න උන්ට දැන් සනීපද?


ජනතාවගේ කර මතින් පාර්ලිමේන්තුවට එම මන්ත්‍රීවරුන් පොලීසියේ කර පිටින් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම සුවිශේෂී තත්වයකි. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය එවැනි අත්දැකීම් රැසකින් පෝසත්ය.

එන්.එම්., පිලිස්, රෝබට්, දහනායක, සුන්දරලිංගම්, රාජරත්න, රිචඩ්, දොඩංගොඩ, ඉෂාක්, ආනන්ද දසනායක, සරත් මුත්තෙට්ටුගම, මෛත්‍රීපාල සිරිසේන, දී.මු. වැනි දැවැත්තයින් ද සම සමාජ පක්ෂයේ හා ශ්‍රීලනිප යේ තවත් මන්ත්‍රීවරු රොත්තක්ම මෙයට පෙර පොලිස් කර පිටින් පාර්ලිමේන්තුවෙන් ඉවතට ගෙන ගොස් ඇත. 


මාර්තු 8 වන දා දිනේෂ් ගුණවර්ධන පොලිසිය මගින් පාර්ලිමේන්තුවෙන් ඉවත් කළේ දෙවන වතාවට ය. දහනායක, පිලිප්, මෛත්‍රීපාල සිරිසේන, සුන්දරලිංගම්, දී.මූ., දිනේෂ් ලා එක් වරකට වඩා ඔසවාගෙන ගිය මන්ත්‍රීවරුන් වෙති. 

ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සටන්කාමීමත්වය හා නොසන්ඩාලකම එකට කැටිවූ සිදුවීම් රැසකින් ‘උස්සාගෙන යාමේ පුරාණය’ රසවත්ය. ඉතා දිගු කතාවක් කෙටියෙන් කියමි. 

1. 1955 අප්‍රෙල් 5 මොරටුව ලසසප මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි උස්සාගෙන ගිය පළමු මන්ත්‍රීවරයා ය. ‘2500 සම්බුද්ධ ජයන්තිය වැය ශිර්ෂයේ දී ඇති වූ ආරවුල අමතර රු. ලක්ෂ 200 ක් අරමුදලට ලබාදීම සම්බන්ධයෙනි. මාවනැල්ල මන්ත්‍රී කීර්තිරත්න මහතා හා පැටලෙන සෝමවීර චන්ද්‍රසිරි ඉවත් කරන්නට යෝජනා කරන්නේ සභානායක ජේ.ආර්.ජයවර්ධන මහතා ය. යෝජනාවට පක්ෂව 18 ක්, හා විපක්ෂව 3 සිටි බැවින් එදා කථානායක ඇල්බට් පීරිස් මහතා විසින් මොරටුව මන්ත්‍රීවරයා ඉවත් කරන්නට යෝජනා කරයි. මහජන ඡන්දයෙන් ආපු අපිට කාථා කරන්න දෙන්න’ යැයි සෝමවීර කෑගසද්දී වේත්‍රධාරී පැමණි ඔහු ඉවත් කර තිබේ. 

2. 1957 ජූනි 19 දින වව්නියාව මන්ත්‍රී සී.සුන්දරලිංගම් (ස්වාධීන) පාර්ලිමේන්තුවෙන් ඉවත් කළේ ඔහුගේ පුටුව පිටින් ඔසවාගෙන ගොසිනි. එදා කථානායක එච්.එම්.ස්මයිල් මහතා ය. සර් ඔලිවර් ගුණතිලක ගේ රාජාසන කථාවේ ගැන ඇති වූ අර්බුදයට ‘දෙමළ ජාතිකවාදයේ ආරම්භක හුදෙකලා සටන්කරුවා’ පැටලෙන්නේ අගමැති බණ්ඩාරනායක සහ සහ විපක්ෂ නායක ඇන්.එම්. ගේ කථා අතර තමන්ටත් විනාඩි 30 ක් ඉල්ලීම නිසාය. සුන්දරලිංගම්, නිදහසින් පසු ලංකාවේ පළමු කැබිනෙට්ටුවේ සාමාජිකයෙකු විය. අතුරු මැතිවරණ ගණනාවකින් ජයගත් පුද්ගලයෙකු වූ ඔහු, ලංකාවේ මුල්ම වරට ස්වාධීන දෙමළ රාජ්‍යයක් සදහා වන ලිඛිත සංකල්පය වන Eylom: Beginning of the Freedom Struggle; Dozens Documents හි කතුවරයා ය. 

3. 1956 පෙබරවාරි 12 ලංකා පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් එකවර උස්සාගෙන ගිය දිනයයි. එදා සමසමාජය ප්‍රමුඛ මන්ත්‍රීවරු 12 ක් එළියට දමන්නේ අගමැති බණ්ඩාරනායක රජයේ මහජන ආරක්ෂණ පනත් කෙටුම්පත් විවාදය අතරය. අද මෙන් නොව පුරා දින 6 ක් දිවා රාත්‍රී විවාදය පැවැත්වී තිබුණි. අගමැති බණ්ඩාරනායක පෙබරවාරි 12 රැ 7 ට විවාදය අවසන් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන විට එන්.එම්.එයට විරුද්ධවී ඇත. කථානායක එච්.එස්.ඉස්මයිල් කථානායකවරයා එන්.එම්.ඉවත් කිරීමට නියෝග කරනවා. කොල්වින්, රෝබට් ගුණවර්ධන ගේ විරෝධයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වීමෙන් පසුව රාත්‍රී 8.30 පමණ එන්.එම්. පොලීසිය විසින් ඔසවාගෙන යනවා. දෙහිඕවිට එස්මන්ඩ් සමරක්කොඩි, කොල්වින් ආර්.ද සිල්වා, අගලවත්තේ අනිල් මුණසිංහ (ඔසවාගෙන යනවා) ඔසවාගෙන යනු ලබයි. කථානායකවරයා බදුල්ලේ ජැක් කොතලාවල පාර්ලිමේන්තුවෙන් නෙරපා හරිනු ලැබීය. බණ්ඩාරවෙල මන්ත්‍රී වයි.ජී.ජයසිංහ ‘මිනීමරු ආණ්ඩුව’ යැයි කෑගසමින් නම් කිරීමෙන් පසුව පිටත්ව ගොස් ඇත. පොලීසියට හා මිලිටරියට බැන වැදුණු රොබට් ගුණවර්ධන ගේ කථා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නට නියෝග කරන කථානායක රොබට් ද සභාවෙන් ඉවත් කරයි. ‘ධනපති ආණ්ඩුව තුරන් වෙනවා’ යැයි කෑගසන රොබට් ගැන විනෝදශීලි අගමැති බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේ දී කියන්නේ මෙවැනි කථාවකි.

a. කෝට්ටේ මන්ත්‍රී ඔසවාගෙන යන විට මට (බණ්ඩාරනායක) හුඩ් ගේ කවියක් සිහියට නැගුණා. ‘’සිහින්වට හැඩ ගැසුණු පැහැපත්ව හා තුරුණු ඔහුව මුදු ලෙස ගන්න, සීරුවට ඔසවන්න’ මගේ සිතුවිලි වලට හඩකැවීමට මෙන් ‘මිරිකන්න එපා. මිරිකන්න එපා යැයි කියා ඔහු කෑගසනු මට ඇසුණි.
ලෙස්ලි ගුණවර්ධන ට පසුව කොල්වින් ආර්.ද සිල්වා. ඉවත් කරන විට ඔහු කෑ ගසා ඇත්තේ ‘සම සමාජ අරගලය වලක්වන්න බෑ’ කියාය. සී.වන්නියසුන්දරම්, එස්.ජේ.වී.චෙල්වනායගම්, වී.අලහකෝන්, එන් ආර්. රාජවරෝඩියම්, විවියන් ගුණවර්ධන, මාවනැල්ල මන්ත්‍රී බෙලිගම්මන එදා උසවාගෙන ගිය, නම් කොට ඉවත් කෙරුණු අනෙක් මන්ත්‍රීවරුන් ය. 


4. 1960 නොවැ. 3 දින පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධන දෙදෙනා පාර්ලිමේන්තුවෙන් ඉවත් කොට ඇත. 

5. 1961 මැයි 25 විජයාන්නද දහනායක ගම් සභා සංශෝධන පනත අවස්ථාවේ දී පැය 5 කට වැඩි කලක් කථා කළ පසුවත් කථානායකවරයාගේ නියෝගය මත සිය කථාව නවත්වා නැත. රෑ එළිවෙන තෙක්ම කථාව පවත්වා පසුවදා එනම්, මැයි 26 උදේ 6.13 ට ත් කථා කරමින් සිටි ඇත. පැය 6 ක් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ලබා දීම පිළිබද මන්ත්‍රී ටී.බී. ඉලංගරත්න ප්‍රශ්ණයක් මතු කිරීමත් සමගම කථානායකවරයාට අවනත නොවූ දහනායක ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට සිදුව ඇත්තේ සී.පී.ද සිල්වා සභානායක වරයාටය. වේත්‍රධාරි ආනන්ද ද සිල්වා සමග පැමිණි පොලීසියේ 6 දෙනෙකු කෙසග සිරුරු ඇති දහනායක ඔසවා ගෙන යනවිට ‘මාව බිමින් තියන්න. ගෙනියන්නේ මාව බේරේ වැවට දාන්නද? කියා දහනායක කෑ ගැසූ බව හැන්සාඩ් ගතවී තිබේ. පොලිස් නිලධාරීන් දහනායක මහතා පාර්ලිමේන්තුවේ තාප්පයෙන් පිටතට දැම්මා පමණක් නොව ඔහුගේ කණ්නාඩි දෙක, සෙරෙප්පු හා ෆයිල් ආදිය ද තාප්පයෙන් පිටතටම ගෙනවිත් දමා ඇත.

6. 1961 අගෝස්තු 17 රොබට් හා පිලිප් ගුණවර්ධන දෙදෙනා නැවත වරක් උස්සාගෙන යන ආරවුලකට මැදිවී ඇත. රොබට් ගුණවර්ධන මන්ත්‍රීවරයා එහි දී ඩී.එස්.ගුණසේකර ට තමුන්නාන්සේ උබ්බලකඩයෙක්/හාල්මැස්සා වගේ මෙතන ඉන්න එපා යැයි කියූ විට ‘උම්බලකඩයා’ යන වචනය ඉවත් කර ගැනීමට කථානායක රොබට් ට නියෝග කොට ඇත. රොබට් ‘උම්බලකඩයා’ වචනය ඉවත් කරන්නවාත් සමගම ගාල්ලේ දහනායක කියා ඇත්තේ එය ගරු නාමයක් බැවින් ඉවත් කිරීම අවශ්‍ය නොවන බවයි. මෙහි දී ගැටුමට මැදිවන රොබට් කැලණිය මන්ත්‍රී ආර්.එස්.පෙරේරා ට පුටුවකින් පහරදීමට සුදානම් වී ඇත. ජේ.ආර්.,ඩඩ්ලි ඇතුළු පිරිස ගැටුම බේරා ඇති අතර අවසන් අදියරට පැමිණි ගැටුම තවත් මන්ත්‍රීවරයෙකු විසින් ‘ඇයි ගැහුවේ නැත්තේ? යැයි ඇසීම නිසා’ නැවත ඇවිලී ගොස් ඇත. හදිසි නීති විවාදය අතර සිදුවූ මේ කලබැගෑනියේ දී එදා කථානායක ආර්.එස්.පැල්පොල විසින් රොබට් ට මසකට පාර්ලිමේන්තුව අවසන් කරන ලදී. සභානායක සී.පී.ද සිල්වා ගේ යෝජනාවෙන් එදා රොබට් හා පිලිප් දෙදෙනාම පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ඇත. 

7. 1962 නොවැම්බර් 22 දා වැලිමඩ මන්ත්‍රී ජාතික විමුක්ති පෙරමුණේ නායක කේ.එම්.පී.රාජරත්ත ‘අල්ලස් පනත් කෙටුම්පත විවාදයට ගැනීමට යෝජනා කිරීමත් සමග පාර්ලිමේන්තුව තුල කලබැගෑනියක් ඇතිවෙනවා. ඒ සභානායක සී.පී.ද සිල්වා අල්ලස් පනත විවාද කරන්න බෑ කියන නිසයි. ‘කවුද රජා? පගා රජා යැයි’ කෑ ගැසීම ඇරබෙනවා. රාජරත්න මහතා ඉවත් කරන්නට වේත්‍රධාරි ඇතුළු පොලීසියේ 5 ක් උත්සහ දරන අතර ඔහු රැකගන්නට ඉදිරිපත් වන්නේ ස්ටැන්ලි තිලකරත්න, සෝමා වික්‍රමනායක මහත්මිය සහ සිවසිදම්බරම් යන මන්ත්‍රීවරුන් ය. තිස්සමහරාමය මන්ත්‍රී ලක්ෂ්මන් රාජපක්ෂ මහතා සෙන්කෝලේ උස්සන්නට තැත් කළ අතර එස්මන්ඩ් සමරවික්‍රම මහතා පුටුව උඩ නැග මේ කලබැගැනියට එක්වී තිබේ. රොබට් ගුණවර්ධන, සුමනපාල දහනායක, මොන්ටේගු ජයවික්‍රම මන්ත්‍රීවරුන් රාජරත්න රැගෙන යාමට පැමිණි පොලිස් නිලධාරීන්ට පහරදීමත් සමගම පාර්ලිමේන්තුවට පොලිස් බල ඇණියක් ගෙන්වා ගෙන තිබේ. එදා පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට බය නොවු නිසාදෝ පාර්ලිමේන්තුවේ ආසන මතින් දුවගොස් පොලිස් පරීක්ෂකවරයා රාජරත්නව අල්ලා ගෙන ඇත්තේ බිම පෙරලා ගනිමිනි. මන්ත්‍රීවරුන් රගර් මැච් ගහන්න වගේ යැයි කෑගසන්නට වූ අතර සෝමා වික්‍රමනායක සාරි පොටින් රාජරත්න වසාගත්තාය. මේ අතර එක් මන්ත්‍රීවරයෙකු කෑගසා ‘සටන් විරාමයක් යෝජනා කරනවා’ කියා කෑගසන විට තත්වය තරමක් සන්සුන් වී ඇති නමුත්, නැවතත් පොලීසියෙන් පැමීණීමත් සමගම ස්ටැන්ලි තිලකරත්න සටනට පැමිණ ඇත්තේ ගිණි නිවන උපකරණයක් ද රැගෙනය. ඒ වන විටත් රාජරත්න සෝමා වික්‍රමසිංහගේ සාරි පොටේ සැගවී රහසේ එළියට ගිහින් තිබූ බැවින් රගර් පිට්ටනියක් බදු වූ පාර්ලිමේන්තුවෙන් ඔහු ඉවත් කරන්නට පොලීස් නිලධාරීන්ට ඔහු ඔසවාගෙන යන්නට වුනේ නැත. 

8. 1965 ආසන්න වකවානුවක ප්‍රින්ස් ගුණසේකර ඔසවාගෙන යාමට හේතු වුනේ පාර්ලිමේන්තුවේ ‘ගැලරිය වසා දැම්මේ ඇයි? යැයි නොනවත්වා හඩ නගන්නටවීමෙන් පසුව සභානායක ජේ.ආර්. ජයවර්ධන ඒ සදහා වන යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසුවය. ප්‍රින්ස් ව එලියට දැමීමට එදා දැඩි විරෝධය පළ කොට ඇත්තේ එන්.එම්. පෙරේරා ය.

9. 1966 ජනවාරි 11 පාර්ලිමේන්තුවේ ඇති වී කලබැගෑනියකින් පසුව මොරටුව මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි මාව ඔසවා දමන්න යැයි ඔහු විසින්ම ඉල්ලා සිටීම නිසා ඔහු ද නම් කොට පොලීසියේ කර පිටින් ඉවත් කොට තිබෙනවා. 

10. 1974 මැයි 8 ගාල්ලේ සී.දහනායක ඔසවාගෙන යන්නේ පුවත්පත් නිදහස ගැන නොනවත්වා කථා කරන අතරයි. ස්වාධීන පුවත්පත් සමාගමේ දවස සහ සන් පත්තර සීල් තැබීම ගැන මන්ත්‍රී දහනායක, ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව සමග ගැටුමක ගියේය. සභානායක මෛත්‍රීපාල සේනානායක විසින් යෝජනා කිරීමෙන් පසුව නියෝජ්‍ය කථානායක දහනායක මන්ත්‍රීවරයා නම් කරනු ලැබීය. එදත් පාර්ලිමේන්තුව ගුටි කෙළියක් බවට පත්වී ඇති අතර පොලීසිය පැමිණ දහනායක ඔසවාගෙන ගොස් තිබේ. 

11. 1980 ඔක්තෝබර් 16 දින සිරිමා බණ්ඩාරනායක මහත්මිය ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ කථානායක එම්.ඒ.බාකීර් මාකර් ගේ අණ නොතකා කටයුතු කළ කොත්මලේ මන්ත්‍රී ආනන්ද දහනායක සභාගැඹෙන් ඉවත් කරනු ලැබීය. 

12. 1985 ඔක්තෝබර් 25 සරත් මුත්තෙට්ටුවේගම හමුදාවට අතිරේක මුදල් වෙන් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් වන විවාදයේ දී සිය අතිරේක කාලය ඉවත් කිරීමට විරෝධය පළ කොට කථානායකවරයාට අවනත නොවීම නිසා නම් කරනු ලැබූවා. සරත් එදා ‘ ජනාධිපතිට ජනාධිපති ධූරය භාවිත කොට වැරදි කරන්න දෙන්න බෑ.’ යැයි කෑගැසු බව හැන්සාඩ් වාර්තා වේ දැක්වේ. සරත් ඉවත් කරන්නට පොලිස් නිලධාරීන් 6 ක් පැමිණි බවත්, එයට එරෙහිව එදා අත්තනගල්ලේ ලක්ෂ්මන් ජයකොඩි සහ මහරගම මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කටයුතු කර තිබුණා. 

13. 1987 දී කථානායක ඊ.එල්.සේනානායක මහතා විසින් බෝම්බය පිපිරීමෙන් පසුව පැවති හදිසි නීති විවාදයක දී පක්ෂ නායක රැස්වීමේ එකගතාවයන් බිදිමින් කටයුතු කළ බැවින් අක්මීමන මන්ත්‍රී රිචඩ් පතිරණ ( වෛද්‍ය පතිරණ ගේ පියා), පාර්ලිමේන්තුවෙන් නම් කොට ඉවත් කළේය. පොලීසිය ඔහු ඉවත් කිරීමෙන් පසුව රිචඩ් ගේ සටන කරට ගත් එදා ශ්‍රීලනිප පතාක යෝධයා වූ ද, 1994 දකුණු පලාත් සභා බල පෙරළියේ ප්‍රමුඛයා ද වූ බද්දේගම අමරසිරි දොඩංගොඩ ‘මිනීමරු ආණ්ඩුව ගෙදර යනු යැයි හඩ නැගීය. ඔහුගේ සහායට සිටියේ කොත්මලේ මන්ත්‍රී ආනන්ද දසනායක, දිනේෂ් ගුණවර්ධන, හා අත්තනගල්ල මන්ත්‍රී ලක්මන් ජයකොඩි ය. 

14. රිචඩ් පතිරණ ගිය මගම යමින් එදා කථා නායකවරයාට දිනේෂ් ගුණවර්ධන, අමරසිරි දොඩංගොඩ, ලක්ෂමන් ජයකොඩි මන්ත්‍රීවරුන් තිදෙනා ද සභාවෙන් ඉවත් කිරීමට සිදු විය. මන්ත්‍රීවරුන් ඉවත් කිරීමේ යෝජනවා එදා ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සිදු වූයේ එජාප උතුරු කොළඹ මන්ත්‍රී වින්සන්ට් පෙරේරා අමාත්‍යවරයා ටය. පොලිස් නිලධාරීන් 8 දෙනෙකු පැමිණ ඔවුන් තිදෙනා ඉවත් කරන ලද්දේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හූ හඩ මධ්‍යයේය.

15. එදා පාර්ලිමේන්තුවේ දැවැන්ත එජාපයට එරෙහිව අට දෙනාගේ සටනක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පතාකයෙක් වූවේ මැදකොළඹ මන්ත්‍රී හලීම් ඉෂාක් ය. තම සගයින් සභා ගැඹින් ඉවත් කිරීමෙන් පසුව ඉෂාක් ද සටන අතහැරියේ නැත. ඔහුට ද සිදු වූයේ පොලීසියේ කර පිටින් සභා ගැබින් ඉවතට යන්නටය. කලබැගෑනියෙන් පසුව දකුණේ විපක්ෂයෙන් සභාවේ ඉතිරි වූයේ කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර මහතා පමණී. ඔහු හදිසි නීතියට එරෙහිව එකම ඡන්දය දුන්නේය. 

16. 1993 වන විට පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිප සටන්කරුවන් බොහෝ විය. ඒ අතර වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ද විය. මෛත්‍රීපාල සිරිසේන ඉවත් කිරීමේ වගකීම ඉටු කළේ රොනී අබේසිංහ සහ විජය පල්ලියගුරු වේත්‍රධාරීන් විසිනි. කැදවාගෙන යන්නට ආ වේත්‍රධාරීන් සමග නොගිය මෛත්‍රී වතුරු වීදුරුවක් බී තම පුටුවේ හරි බරි ගැසී වාඩි වූ බව නදීරා මඩුගල්ල වරක් හැන්සාඩ් ඇසුරෙන් දියත පුවත්පතට ලිව්වේය. ‘’මෛත්‍රී කරමතින් මිස ඇවිදගෙන නම් නොයන බව කිවේ ඔහුගේ සටන් සගයා වූ රිචඩ් පතිරණ ය’’. පොලීසියේ 14 දෙනෙකු මෛත්‍රී ඔසවාගන්නා විට වාසුදේව ‘ආණ්ඩුව භංග වේවා! යියි ද, දී.මු.ජයරත්න ‘ජයවේවා’ යැයි කෑ ගැසු බවත් පාර්ලිමේන්තු වාර්තා පරිශීලනය කරමින් නදීරා ලියූ සටහනේ වේ. පොලිස් නිලධාරීන් ගේ කාකි ඇදුම් මතින් මෛත්‍රී ඉහළට එසවුනේ ‘සුදෝ සුදු නෙළුම්මලක් ලෙස යැයි’ නදීරා තැබූ සටහනේ වේ. (සභා ගර්භයට පොලිස් ලාංඡන, පටි, තොප්පි නැතිව පැමිණෙන නිලධාරීන් දුරට එකම කාකි ඇදුමක් ලෙසත් ඈතට පෙනී ඇත) 1993 අගෝස්තු 20 දින මෛත්‍රීපාල සිරිසේන මහතා සමග රිචඩ් පතිරණ, සී.වී.ගුණරත්න හා දි.මු. ජයරත්න ද ඉවත් කොට ඇත්තේ සතියක පාර්ලිමේන්තු තහනමක් ද සහිතවය. 

17. පසුගිය දා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධානයක ලෙස දිනේෂ් ගුණවර්ධන ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට සිදු වූ සභානායක ලක්ෂමන් කිරිඇල්ල එදා ශ්‍රීලනිපයේ දක්ෂතම කථිකයින් අතර පෙරමුණේ විය. කිරිඇල්ල නොනවත්වා උද්යෝගයෙන් කථා කරන විට එයට බාධා කළේ එජාප පාර්ලිමේන්තු ඉතිහාසයේ කථානායකවරුන්ට වැඩිම හිසරදයක් වූ මුස්ලිම් කටයුතු රාජ්‍ය ඇමති ඒ.එච්.එම්.අස්වර් මහතා ය. එදා අස්වර් නියෝජ්‍ය කථානායක ගාමිණී ෆොන්සේකාට කොච්චර කරදරයක් වූවේ ද යත්, ඔහු ද එළියට දැමීමට ගාමිණී පසුබට නොවීය. 




18. එකම දවසක මෛත්‍රීපාල සිරිසේන පොලිස් කර පිටින් ද, අස්වර් හා අබුබකර් මන්ත්‍රීවරුන් වටකරගෙන ස්වෙච්චාවෙන් ද සභා ගැබින් ඉවත් විය.

19. කිරිඇල්ලගෙන් පසුව කථා කළ එස්.සෙල්ලසාමිට බාධා කළේ මන්ත්‍රී අබුබකර් ය. නියෝජ්‍ය කථානායක ගාමිණී කළේ ඔහුව ද එළියට දැමීමය. දී.මු. ජයරත්න එදා ශ්‍රීලනිප යේ ආනන්දනීය කථිකයෙකු වූයේ ය. ඔහුට බාධා කළේ මර්වින් ජේ.කුරේ ඇමතිවරයා ය. නියෝජ්‍ය කථානායක ගාමිණී ඔහුට ද නියෝග කළේ සභාවෙන් ඉවත් වන ලෙසය. කොහොමත් නිවුණු පුද්ගලයෙකු වූ මර්වින් ජේ.කුරේ කැමැත්තෙන්ම සභාවෙන් පිටවිය. 

20. කිරිඇල්ල, දී.මූ. ගෙන් පසුව සටන ගෙනිච්චේ ඝාතනය වූ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ය. ඔහු ද සභාවේ ඉවත් කිරීමට ගාමිණී ෆොන්සේකා කටයුතු කළේය. එදා හදිසි නීතිය සම්මත වූයේ මේ ආකාරයට එකවර ආණ්ඩුවේ ද, විපක්ෂයේ ද රොත්තක්ම සභාවෙන් පිටකරමිනි.

මන්ත්‍රීවරුන් කථානායකවරයාට අවනත නොවී හැසිරී ඇති ඉහත අවස්ථා සියල්ලම පාහේ ජාතික වැදගත්කමකින් යුතු අවස්ථාවන් අරභයා ඇති වූ සිදුවීම් බව පැහැදිලිව හදුණාගත හැකිය. ජාතික ප්‍රශ්නය, භාෂා ප්‍රශ්ණය ඒ අතර මුලික විය. හදිසි නීතිය දිර්ඝ කිරීම, නැතිනම් හදිසි නීති විවාද ඒ එදා සම සමාජයේ, 77-94 ශ්‍රීලනිප යේ මන්ත්‍රීවරුන් ඔසවාගෙන යාමට මුලික හේතුව විය. සිරිමාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම රටක් බලා සිටි මන්ත්‍රීවරුන් 8 දෙනෙකුට එජාපයේ 120 ක් සමග පාර්ලිමේන්තුවේ සටන් කරන්නට තිබූ අසම තරගයක් විය. අල්ලස් පනත ගෙන ඇවිත් රාජරත්න නැටු තොවිලය ‘ලංකා ඉතිහාසයේ පළමු වරට මන්ත්‍රීවරුන්ට විවෘතව පගා චෝදනා එල්ල වූ අවස්ථාව විය. 

දැවැන්ත ආණ්ඩු පක්ෂයකට එරෙහිව දුර්වල විපක්ෂයක් පාර්ලිමේන්තුවේ දී කල හැකි කලබැගෑනියක උපරිමය ලෙස කථානායක ගේ අණ නොතකා හැරීම බොහෝ විට සිදුවේ. සුන්දරලිංගම් එදා ඊලමේ හුදෙකලා සටන්කරුවාය. ඔහු තම බලය පෙන්වුවේ නැවත නැවත අතුරු මැතිවරණ හරහා සිය බලය පෙන්වමිනි. බණ්ඩාරනායක අගමැතිට එරෙහිව ලසසප ද එදා හදිසි නිතියේ දී සිටියේ එවැනි ස්ථාවරයකය. ප්‍රින්ස්, රාජරත්න ට ඩඩ්ලිගේ භාෂා ප්‍රතිපත්ති යුගය එවැනිම අසම යුද්ධයක් වූවේය. 77-88 යුගයේ සරත්-රිචඩ්-ආනන්ද-ඉෂාක්-දොඩංගොඩ-දිනේෂ් ද පාර්ලිමේන්තුවේ කළේ යුද්ධයකි. 89 -94 දී එයට අලුතෙන් ජෙයරාජ්-කිරිඇල්ල-මෛත්‍රීපාල වැනි සටන්කරුවන් කිහිප දෙනෙකු එක් වූවා පමණී.

අනෙක් අතට ‘ජාතික ප්‍රශ්නයකට දුර්වල විපක්ෂයකට පාර්ලිමේන්තුවේ සිදු කළ හැකි අවසන් විරෝධය මහා කලබැගෑනියක් ඇති කිරීම’ බව එදා සමසමාජ යෝධයින් පිලිප්, රොබට්, එන්.එම්., එඩ්මන්ඩ්, දහනායක, ඇසුරේ කදිමට හදුණා ගත හැකිය. රාජරත්න, සුන්දරලිංගම් හා දහනායක හමුවේ ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය. අනෙක් අතට එය සුක්ෂම සැලසුම්ගත ක්‍රියාවකි. මෛත්‍රීපාල වතුර බී පිටුවේ වාඩිවෙන්නේත්, රිචඩ් අද නම් ‘මෛත්‍රී කරෙන් මිසක් පයින් නොයන බව’ කියන්නේත් අද වගේම වාසු ලා හූ කියන්නේත් ඒ සැලසුම් සහගත අවධානය වෙනුවෙනි. සෝමවීර චන්ද්‍රසිරි ‘මාව උස්සාගෙන යන්න’ කියන්නේත් ඒ නිසාය. උස්සාගෙන යන රොබට් ගැන බණ්ඩාරනායක හුඩ් ගේ කවි කියන්නේ අනික් පැත්තේ උදවිය ද ඒ බව දන්නා නිසාය.

දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය මාර්තු 8 දින පාර්ලිමේන්තුවේ හැසිරුණු ස්වභාවය ලංකා දේශපාලනයට අලුත් දෙයක් නොවේ. 

 එය ලංකා පාර්ලිමේන්තුවේ දැවැන්තයින් මෙයට පෙර ද භාවිත කර තුරුම්බුවකි. දේශපාලන ළදරුවන්ගේ නොව කෛරාටිකයින්ගේ මෙවලමකි. 

කරමතින් පාර්ලිමේන්තුවෙන් පිටට ගිය මන්ත්‍රීවරුන් ඒ සදහා පෙළඹවූ සිදුවීම් අතර ජාතික වැදගත්කම තම තම නැන පමණින් විමසා බලා ගැනීම තුල දිනේෂ් ගුණවර්ධන මහතා ගේ භුමිකාවේ සැබෑ වැදගත්කම තේරුම් ගත හැකිය. චතුර සේනාරත්න ගේ මාධ්‍ය අවකාශය දින 5 කට උදුරා ගන්නට වික්ටර් රත්නායකට හැකි විය. දිනේෂ් එය අදට දින තුනක් අඛන්ඩව එය හිමි කර ගනී. දේශපාලනයට ඉතිහාසය තරම් ‘අගයක්’ ලබා දෙන තවත් මිම්මක් නැත. ලංකා පාර්ලිමේන්තුවේ ‘උස්සාගෙන යාමේ පුරාණය’ සිද්ධිවල ‘වටිනාකම නොව ‘අගය’ අනුව ඇගයීමකට ලක් වන්නේ ය. 

පසු සටහන
පළමුවන රාජ්‍ය සභාවේ අනුරාධපුර මන්ත්‍රී එච්.එම්.ප්‍රීමන් 1934 සැප්තෑම්බර් 13 දින ද, දෙවන රාජ්‍ය සභාවේ බිබිල මන්ත්‍රී ඩබ්ලිව්.දහනායක 1946 ජූලි 2 දින ද පාර්ලිමේන්තුවේ කථානායක නියෝග මත ඉවත් කළ පළමු මන්ත්‍රීවරු දෙදෙනාය. 


වව්නියාව මන්ත්‍රී සී.සුන්දරලිංගම් මහතා 1950 දෙසැම්බර් 12 සහ 1955 මාර්තු 31 අවස්ථා දෙකක දී ඉවත් කොට ඇත. බොරළුගොඩ සිංහයා, අවිස්සාවේල්ල මන්ත්‍රී පිලිප් ගුණවර්ධන 1961 මැයි 18 සහ අගෝස්තු 17 අවස්ථා දෙකක දී පාර්ලිමේන්තුවෙන් ඔසවාගෙන ගොස් ඉවත් කොට ඇත.

පානදුර ලෙස්ලි ගුණවර්ධන සහ වලපනේ ටී.බී.එම්.හේරත් දෙදෙනා 1967 මාර්තු 20 දින පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ඇත. බෙන්තර ඇල්පිටිය මන්ත්‍රී ඇල්බට් කාරියවසම් 1967 ජූනි 4 දින ද, ගම්පහ මන්ත්‍රී එස්.ඩී. බණ්ඩාරනායක 1968 අගෝස්තු 16 දින පාර්ලිමේන්තුවෙන් ඉවත් කොට ඇත.

1974 දෙසැම්බර් 20 දින දෙවන වරට ඩබ්ලිව්. දහනායක පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්නේ ගාල්ල මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරද්දී ය. 1993 පෙබරවාරි 25 දින වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවෙන් ඉවත් කළේ සතියක පාර්ලිමේන්තු තහනමක් ද සමගිනි. 

පස්වන පාර්ලිමේන්තුවේ 1993 අගෝස්තු 20 දින රිචඩ් පතිරණ, මෛත්‍රීපාල සිරිසේන හා සී.වී.ගුණරත්න, දි.මු. ජයරත්න ඉවත් කළ හැටි සවිස්තරව ඉහතින් දක්වා ඇත. 

1994 ජනවාරි 18 දින ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ, හීන්මහත්තයා ලියනගේ සහ ඩබ්ලිව්.ජී.විජිතමුණි සොයිසා සහ රෙජී රණතුංග පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්නේ දැවැන්ත කලබැගෑනියක් හේතුවෙන් සතියක පාර්ලිමේන්තු තහනමක් ද සමගිනි. 

1999 අගෝස්තු 17 දින දී.මු.ජයරත්න මහතා එක් දිනක තහනමක් සහිතව පාර්ලිමේන්තුවෙන් ඉවත් කොට ඇත. 2007 මැයි 10 දින එස්.ගජේන්ද්‍රන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා ද 2011 ඔක්තෝබර් 6 දින දයාසිරි ජයසේකර මහතා ද එක් දිනකට පාර්ලිමේන්තු තහනමකට ලක්කොට කථානායකවරයා විසින් නම් කොට ඉවත් කර ඇත.

සරණ ගුණවර්ධන 2011 නොවැම්බර් 29 දින සතියකට පාර්ලිමේන්තුව තහනම් කොට කථානායකවරයා විසින් ඉවත් කොට ඇත.

-රජිත් කීර්ති තෙන්නකෝන්ගේ ලියවිල්ලක්....

-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා

Tuesday, 7 March 2017

මහාචාර්යවරු අතර පිනාචාර්යලා




මහාචාර්ය වෙන්න ඕනෙ සුදුසුකම් මොනවද කියල අහන්න වෙන්නෙ මේං මේ වගේ කතන්දර ඇහුවමයි අායිබං......

මේ පත්තර කෑල්ල‍ෙ තියෙන ප්‍රශ්න කිරීම කරල තියෙන්නෙ විශ්වවිද්‍යාල කතිකාචාර්ය කෙනෙක්මයි ඕං.





මේකෙන් කියවෙන්නෙ මහාචාර්ය පට්ටම් හිතවත්කම්වලටල මුට්ටි ඇල්ලුවම බෙදා දෙන්න පුළුවනි කියලද?

මෙහෙම නැතිව දක්ෂතා මත මහාචාර්ය උසස්වීම් දෙන බව කවුරුත් දන්නවනෙ.

හැබැයි ගොඩක් අය හිතං ඉන්නෙ මහාචාර්ය වෙන්න ආචාර්ය උපාධියක් ඕනෙ...නැත්නං මහාචාර්ය කියන්නෙ ආචාර්ය පට්ටමේ ඊළඟ උසස්වීම කියල. ඒත් ඒක එහෙම නොවේ බොලල්ලා. ආචාර්ය පට්ටම් විතරක් නොවේ උපාධියෙ පළමු පෙළ සාමාර්ථ නැති මහාචාර්යලත් කොයි තරම් වෙද්ද...?

මේ පත්තර කෑල්ලෙ කියන විදිහට මහාචාර්ය පට්ටම් පිනාචාර්ය විදිහටත් ගන්න පුළුවන් වගේ නේද ....?

-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා

Sunday, 19 June 2016

තව ලැජ්ජ නැතිව 21 න් යවන්න යනවා...

සෙරන්ඩිබ් ඔටුවා ආයෙම පණ ගහල එන්නයි යන්නේ.
යහ පාලනේ යම පාලනයක් වෙද්දි කටපුක වහන් ඉඳල කොහොමද....?

තව ලැජ්ජ නැතිව 21 න් යවන්න යනවා...
ඕකට මොකටද ඇමතිවරියක්...

                                                        ගරු කටයුතු ඇමැතිතුමිය

අපි ඔව්වා කලිං කිව්වා....
දැං හෝල් සේල් ඇදගෙන නාමු බොලල්ලා...













"දැනට විදේශ රැකියාවලට යන කාන්තාවන්ගෙන් බහුතරය විවාහකය. එයින්ද සාතිශය බහුතරයක් මවුවරුන්ය. 

මේ හේතුව නිසා පවුල් ආරවුල් ඇතිවීම, පවුල් සබදතා ලිහී විසිරියාම, බලා වයස්කාර දරුවන් අපයෝජනය, ලිංගික අපරාධ, අධික මත් ලොල්ත්වය, පොරැෂ වර්ධනයේ ගැටලු වැනි සමාජ ප්‍රශ්න රැසක් වර්ධනය වී ඇති බව සමීක්ෂණ වාර්තා පෙන්වා දී ඇත. 

එසේම සමීක්ෂණ අනුව පෙනී යන්නේ ලංකාවෙන් විදේශගතවන කාන්තාවන් අතුරින් 90%ක් පමණ ගෘහසේවිකාවන් ලෙස රැකියා ඉලක්ක කරගෙන බවයි. එවැනි සේවිකාවන් හිරිහැරයට ලක්වීම ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වාර්ෂිකව පැමිණිලි සංඛ්‍යාව 5000 ඉක්මවා යන බව පෙනී යයි. ලෝකයේ ගෘහස්ත ශ්‍රමිකයන් ලෙස රැකියාවට යන ප්‍රමාණයද ඉහළ ගොස් ඇත. එයින් 80%ක්ම කාන්තාවන් බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

එහෙත් ආණ්ඩුව මෙහිදී සලකා බලන්නේ විදේශ විනිමය උපයාගැනීම පැත්තෙන් පමණකි. ඒ බව විදේශ රැකියා ඇමතිවරිය දක්වන කරුනු පැහැදිලි කිරීමෙන් ම සනාථ වේ. 

කාන්තාවන් පිටරට යැවීම යනු හුදෙක් ගමන් බලපත්‍රයක් ලබාගෙන වෙනත් රටක රැකියාවක් කර මෙරටට විදේශ විනිමය එවීමක් ලෙස අර්ථ ගන්වා ගැනීම මෙහි දක්නට ලැබේ. 

එම ක්‍රියාවලියෙන් සමාජමය වශයෙන් ලැබෙන ප්‍රතිඵලය නොසළකා උපයන රියාල්, ඩිනාර්, ඩොලර්, පවුම් හෝ වෙනත් මුදල් කන්දරාවක් ගැන ආණ්ඩුවේ ගණන් බැලීම විසින් පීඩිත ජනයාට හිමිවන පංගුව කුමක්දැයි සලකා බැලිය යුතුය."

කාන්තාවන් වහල් සේවයට යැවීමට එරෙහි වෙමු.


වහල් සේවයට යැවීමේ ආදිනව උදාහරණ එක්ක ළඟදීම එනවා......


-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා

Wednesday, 27 January 2016

තීරණයක් ගන්න බැරි නපුංසක ආංඩුත් තියෙනවා.....

සෞදියට කාන්තාවන් යැවීම තහනම්!
2016-01-27 10:33:08
      Views - 5937
සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා කාන්තාවන් යැවීම රටවල් කිහිපයක් විසින් මේ වන විටත් තහනම් කර තිබෙනවා.


ඒ ඉන්දුනීසියාව, ඉතියෝපියාව සහ පිලිපීනය යන රටවල්.


මේ අතර සෞදි අරාබියේ සිටින උගන්ඩා ජාතික කාන්තාවන් හත් දෙනකු නැවත සිය රටට ගෙන්වා ගන්නා බව උගන්ඩා ආණ්ඩුව ද මේ වන විට නිවේදනය කර තිබෙනවා.


ගෘහ සේවය සඳහා සෞදිය බලා යෑම සිය රටේ කාන්තාවන්ට තහනම් කිරීමට උගන්ඩා ආණ්ඩුව පියවර ගනු ලැබුවේ මීට දින කීපයකට ඉහතදීයි.



උගන්ඩාව එම පියවර ගනු ලැබුවේ හාම්පුතුන් විසින් උගන්ඩා ජාතික කාන්තාවන් විශාල වශයෙන් අපයෝජනයට ලක් කොට ඇති බවට වාර්තා පළ වීමත් සමගයි.


රියාද් අගනුවර සංක්‍රමණික සේවකයන්ට නවාතැන් ලබා දෙන ස්ථානයක සිටියදී ඉහත කී කාන්තාවන් සොයා ගත් බවයි උගන්ඩා ආණ්ඩුව පවසන්නේ.


මූලික සේවක අයිතීන් සහතික කිරීම සඳහා සෞදි අරාබිය පියවර ගන්නා තෙක් තහනම ක්‍රියාත්මක කරන බවයි එම රටවල් පවසන්නේ.





Uganda bans housemaids from working

 in Saudi Arabia


According to Ugandan figures, 

about 500 housemaids have gone to 

Saudi Arabia since the deal took effect 


The Ugandan government has banned 
its citizens from taking jobs as domestic workers
 in Saudi Arabia, claiming they are often abused by their employers.

Wilson Muruli Mukasa, minister of gender, labour and social development, said on Friday that the government continued "to receive information of our people being subjected to inhumane treatment at the hands of the employers in Saudi Arabia".

"The ban will remain in force until the conditions are deemed fitting," Mukasa said in a letter sent to the Ministry of Foreign Affairs.
Uganda's Independent magazine said 
 the letter came days after an audio recording circulated on social media in which 
a number of Ugandan women claimed
to be in prison in Saudi Arabia 
and shared stories of abuse.

"This recording resulted in a lot of public outcry, 
and many think it could have been the peak for 
government's final decision on the matter," 
the paper said. 



The decision came six months after Saudi Arabia and Uganda signed a memorandum of understanding that enabled Ugandan domestic workers to seek employment in Saudi Arabia. It was seen as a way of addressing high unemployment rates among young people in Uganda.

"Our expectations were that with the signing of the agreement, trafficking in persons to Saudi Arabia would stop," Mukasa said. 
Uganda becomes the fourth country after Indonesia, Ethiopia and the Philippines to ban their nationals from travelling to Saudi to work as domestic workers over concerns of abuse.
According to Ugandan figures, about 500 housemaids have gone to Saudi Arabia since the deal took effect.

-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා

Saturday, 9 January 2016

එදත් ගැයුවා බොරු ප්‍රශස්ති..අද ගයන්නෙ ගොං ප්‍රශස්ති

නේ අම්මපා කොර ගත්තු වින්නැහියක්.

ඔටුව මේව කලිංම කිව්ව ඕං...

යහපාලනය චොර වෙයිද?

මෙමත්‍රී ජවුසම

දැන් වල්ගෙ දෙපරන්ද අස්සෙ ගහං හිටපල්ලා බූරු රැළ.....

මේ ගොං ආතල් ගන්න නිළ වීඩියෝ දැක්කම හිරිකිතයි.

සිරිසේන පුම්බන ගොං ආතල්



video




එකෙක් රජ වෙන්න ගිහිං තව එකෙක් ගෙනාවෙ ආයෙ රජ කරන්නද?




මේ ගොං ආතල් ගන්න නිළ වීඩියෝ දැක්කම හිරිකිතයි.
කලිං කඩේ ගිය උන් නළාකාරයො
මුං කලාකරෙයො තියා නළාකාරයො වෙන්නවත් බෑ..

නිකංම නිකං හුලං අස්පයො..
ඒකනෙ මේ අස්පයෙක් රවුං ගස්සන්නෙ

තලන්න ඕනෙ මුංට මඩු වලිගෙන්ම තමයි..
ලොක්කගෙන්ම ඉල්ලගෙන.





හදනව නං හදහල්ලකො ලෝකෙට පෙන්නන්න පුළුවන් හරිහමන් වීඩියොවක්..
තුට්ටු දෙකට ගොං ආතල් ගන්නෙ නැතිව.

බම්බුවෙ යහ පාලනය මේකද???

මේව කරන උන්ගෙත් ලැජ්ජාව බීටි ගාලද?

කෙලිං හිටෝපු සිරිසේන උන්නැහේ




රජ්ජුරුවෝ හාංසි



-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා

Thursday, 24 December 2015

තලතා නෝනා නං යංතං ගොඩ



සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික

කාන්තාවගේ දඬුවම ලිහිල් කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත.

ඒ අනුව මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් දක්වා ලිහිල්

කිරීමටද එරට අධිකරණය තීරණය කර ඇති බව විදේශ කටයුතු

අමාත්‍යංශය සඳහන් කරයි. ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම්

සලකා බලා සෞදි බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇති බවද 

නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය වෙත

සඳහන් කළේය.


මෙම ශ්‍රී ලාංකික කාන්තාව මරණ දඬුවමින් ගලවා ගැනීම සඳහා ශ්‍රී

ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

දිගින් දිගටම සෞදි බලධාරීන් සමග අදහස් හුවමාරු කර ගනිමින්

නිරන්තර ප්‍රයත්නයක නිරත වූ බවත් නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා

මෙහිදී සඳහන් කළේය.


මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව මේ වන විට ලැබි ඇති ජීවිතාන්තය

දක්වා වූ සිරදඬුවමද තවදුරටත් ලිහිල් කර ගැනීමට උත්සාහ කරන බව ද

විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.


අනියම් සබඳතාවක් පැවැත්වීම යන චෝදනාව යටතේ වරදකරුවූ මෙම

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට පසුගියදා සෞදි අධිකරණය විසින් ගල් ගසා

මරා දැමීමේ දඬුවම නියම කරන ලදී.


+++++++++++++++++++++++++++++++



මෑතකදි ලැබුණ හිත පිනා යන ආරංචිය බොලල්ලා...


වැඩේ අවතක්සේරු කරනව හෙම නොවෙයි ඕං....


තැන් තැන් වලින් මෙරු මතු වෙන්නැහෙ ආව ජනතා 

ජනතා විරෝධතා නොවෙන්නට නෝනල ඇහැ කන

පිහං ඉන්නවට මෙන්න කැට.


යම් තරමකින් හරි බ්ලොග්කාරයො ටිකත් අත 

ඇරියෙම නෑ....


ඒකත් පුංචි හරි තල්ලුවක් දෙන්න ඇති.


+++++++++++++++++++++++++++++


හැබැයි ඉතිං අඩුම තරමින් සෞදිය වගේ මිනීමරු

රටතටවත් අපේ කාන්තාවන් වහල් සේවෙට යවන

එක, යවල උන්දැලාගෙ සල්ලි වලින් හිරිකිතයක්


ලැජ්ජාවක් නැතිව ජෝගි නටන එක නවත්තන්න


තලතා නෝනට කොන්ද පණ තිබුණොත් නෝනත්


ගොඩ...අහිංසකයොත් ගොඩ...






-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා