Pages

Wednesday, 29 January 2014

සුද්දගෙම සූට් බූට් ඇඳගෙන...... නිදහස සමරන ටයි කෝට්කාරයෝ...........

කදාස් නමසිය හතළිස් අටේ පෙබරවාරි හතරවෙනිද ලංකාවට(සිලෝන් නමින් හැඳින්වුණ පුංචි කොදෙව්වටඉංග්‍රීසිකාරය නිදහස දුන්නෙ බන්දේසික තියල දෙන කේක් ගෙඩියක් වගේ. කපාගෙන කාපල්ල කියල. 

ඒකනෙ.........එදා ඉදං අද වෙනතුරු ලංකාව පාලනය කරපු එව්වො වැඩි දෙනෙක් රට භක්ෂණය කරන්න ගත්තෙ ලවක් දෙවක් නැතිව. තමන්ට අප්පොච්චගෙන් ලැබුණ බූදලයක් වගේ. අනේ අම්මපා................ 

අල්ලපු රට වන ඉංදියාවට වගේ නිදහස ලබා ගන්න සටනක් දියත් කරන්න කිසිලෙසකින් වත් ඕනැ වුණේ නැත්තෙ නිදහස“ නාමයෙන් දෙන්නෙ හැබෑ නිදහසක් නොව දිරච්ච ලණුවක් බව සුද්ද දැනගෙන හිටි නිසයි.

ඉංදියාවෙ ශ්‍රී ජවහල්ලාල් නේරුල,  සුභාෂ් චන්ද්‍රබෝස්ල, මොහාන්දාස් ගාන්ධිල සටන් කරල ලබාගත්ත පූර්ණ නිදහස ඉංදියානුවන්ගෙ ඇට, මස්, ලේ නහර තුළට කිඳා බහිද්දි   ලාංකිකයො සෑහීමකට පත් වුණේ නිකංම ඉඳල ලැබෙන නාමික නිදහසකිනුයි. 

ඒ හංද ලාංකිකයන්ට මේ ව්‍යාජ නිදහස හිතට, ගතට දැනුණෙ නැහැ. 

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් වෙතින් ලාංකික කොම්ප්‍රදෝරු ධනපති පංතියෙ නියෝජිතයන් වෙච්චි සේනානායකල, බණ්ඩාරනායකල වාගෙ කළු සුද්දන්ගෙ අතට බලය හුවමාරු වෙන එකයි සිද්ධ වුණේ.

ඉංදියාවෙ ජන නායකයො දිවිහිමියෙන් සටන් වැදිල සුද්දගෙන්  නිදහස දිනාගත්ත විදිහයි, අපේ රටේ ඈයො සුද්ද ඉදිරියේ දණින් වැටිල සුද්දො ප්‍රදානය කරපු නිදහස බාරගත්ත විදිහයි සිහි වෙද්දි ලැජ්ජත් හිතෙනව ආයිබං.......සෙරන්ඩිබි දේසෙ වාසය කරන ඔටුවටත් ලැජ්ජයි කිව්වම ඕං.

අවසානයෙදි ලබාගත්තෙ එංගලන්තයෙ ජෝර්ජ් මහ රජ්ජුරුවන්ගෙ කිරීටයට යටත් වෙලා ඉන්න සිද්ධ වුණ ආකාරයෙ ඩොමිනිකන් රාජ්‍ය තත්ත්වයක් විතරයි.

හරියට බැලුවොත් ලාංකිකයො තරමක් දුරට හරි නිදහසක් ලැබුවෙ එකදාස් නමසිය හැත්තෑ දෙකේ දි ලංකාව ජනරජයක් බවට පත්වුණාට පස්සෙයි. එංගලන්ත මහ රැජනට තිබුණ නිල බැඳිම අහවර වුණෙත් ඊට පස්සෙ නෙව ..... 

ලංකාවකියන නම  ශ්‍රී ලංකාවවුණෙත් මේ වෙලාවෙ තමයි. ඒ විදිහට බලනකොට හරිනම් නිදහස සමරන්න ඕනෙ මැයි 22 දාටයි.

ඔය කොයි නිදහස ලැබුණ කිව්වත් පලක් නෑ...මානසික නිදහස ලැබිල නැති කොට. 

සීත රටේ සුද්ද ටයි කෝට් සූට් බූට් ඇන්දෙ හීතල සමහන් කරගන්න. අනේ අම්මපා සිරි ලංකාවෙ ඉන්න කළු සුද්දො විතරක් නොවෙයි, ගිනි කාෂ්ඨක වාලුකා කාන්තාරෙ රස්සාවට ඇවිල්ල ඉන්න ලාංකිකයන් ලෙස පෙනී සිටිමින්, ලාංකිකයන් නියෝජනය කරනවැයි පුරසාරම් දොඩවන සංගම්වල කට්ටියත් ටොයිලට් එකට ගියත් අඳින්නෙ ටයි කෝට්මනෙ?

මේ හුටප්පරං ඇඳුම අඳිනව විතරක් නොවේ ලෝකෙට පේන්න හරිම උජාරුවෙන් ගත්තු පිංතූරත් ෆේස් බුක් එකේ ප්‍රසිද්ධ කරනවනෙ. 

මේවයින් පෙනෙන්නෙ මේ කට්ටිය කොයි තරම් දීන මානසිකත්වයක් තියෙන ඈයොද කියලයි.

ඔටුව කිසි ලෙසකින්  ටයි කෝට් විරෝධියෙක් නං නෙමෙයි ඔන්න. 

යුරෝපයෙ සීත රටක සම්මන්ත්‍රනයකට සම්මේලනයකට සහභාගි වෙනකොට, නැත්තං සුද්දත් එක්ක රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කරනකොට වගේ ගැලපෙන අවස්ථාවලදි ටයි කෝට් ඇන්දෙ නැත්තං නිකං ගැලපෙන්නෙ නැහැ වගේ බව ඔටුවට තේරෙනව. 

ඇරත් ලාංකිකයො තම එදිනෙදා ගමනට බිමනට පවා කලිසං කමිස අඳින්න හුරු වෙලා අහවරයි.. පහසුව අතින් බැලුවත් අමුඩ කෙටියට වඩා මේ ඇඳුම සංවරයි. කැඩි කැඩි සරම අඳිනවට වඩා පහසුයි. ඉතිං කලිසම් කමිස අඳිනවට ඔටුව විරුද්ධ නැහැ.

ඔටුව කියන්නෙ ආයෙම අමුඩෙට යන්න කියල නෙමෙයි ඕං...නිකං කළු සුද්දො වෙලා බෙල්ල හිර කරං පිඹ පිඹ ඉන්න එක ගොං පාට් එකක් කියලයි.

ඒ හිංද මේව අහල ලැජ්ජ හිතිල ඔය වටිනාකරන සූට් බූට් ටිකට ගිනි තියනව එහෙම නොවෙයි. අපුල්ලල අරං තිබ්බට කාරි නැහැ, අඳින්න වෙලාවක් එයි.

ඇයි හෙට අනිද්දා උපන් මාතෘ භූමියට, සිරි ලංකාවට හතළිස් අටේ ලැබුණ නිදහස සමරන්න තානාපතිතුමා සංවිධානය කරන උත්සවයත් ජයටම ගන්නවනෙ හැබෑටම.

හොහ්...හොහ්....හොහ්....!







සෙස්ස පස්සට ෴ 


- සෙරන්ඩිබ් ඔටුවා  


23 comments:

  1. මම දන්නේ නැහැ අපේ ආච්චිලා කොච්චර දුරට දේශපාලනය දන්නවාද කියලා. හැබැයි ඒ ගොල්ලෝ කිව්වේ අපිට නිදහස ලැබුනා වේලසන වැඩියි කියලා. අපේ තාත්තා නම් ආච්චීත් එක්ක රන්ඩුවුනා ඔය කතාවට.

    ReplyDelete
  2. text එක පිටිපස්සෙ තියෙන පාට ඉවත් කරන්න. කියවන්න ලේසි වෙයි..

    කකා තමා මේ පැත්තට එව්වේ :)

    ReplyDelete
  3. ඒත් අමතක කරන්න එපා 1818/48 නිදහස් සටන්.අපි නිකන් හිටපු අය නොවේ.ඕවා පැරදුනේ අපේම නොමනාපකම් හා පවාදීම් කරපු එවුන් නිසා.
    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
  4. අපට නිදහස ගන්න කොට සේනානායක මහත්තයා ඒක හරි ක්‍රමයට ගත්‍තෞඉ කියලා මට නම් හිතෙන්නේ....

    දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එංගලන්තේ දේශපාලනය හා ක්‍රමය ගොඩක වෙනස් වෙනවා....නව ලෝක බලවතින් බිහිවෙනවා....මේවත් එක්ක පරණ අධිරාජ්‍ය ක්‍රමවල තියෙන අඩුපාඩු ඒගොල්ලන්ට පේන්න ගන්නවා...ඒ වෙනුවට ඒගොල්ලෝ ඌට වඩා දියුණු ක්‍රමයක් ගේනවා...

    මේ ක්‍රමේදී රටවල් භූමියක් ලේස අල්ල ගන්නේ නැතුව ඒත් අවශය් දේවල තමන්ට ඌනා විදිහට හසුරවන්න ක්‍රමයක් හදා ගන්නවා...

    සේනානයකලා මේ ක්‍රමය ගැනි හොද අවබෝධයකින් පාලනය තමන්ගේ අතට ගන්නවා..නැගී ගෙන එන කොමිනිස්ට් ක්‍රමය හා ඇමෙරිකන් බලය ගැන හොද අවබෝදයක් ඒතුඅම්ට තියෙනවා....ඒවගේම ඉංග්‍රීසීන්ට ත්‍රිකුණාමාල් වරාය භාර දීලා හැම පැත්තම බැලන්ස් කර ගැනීමේ ශූර ඥාණයක් ඒතුමට තියෙනවා.....

    ඒ වගේම ගොවි ජනපද ඇතිකරලා ලංකාව වාර්ගික වශයෙන් බෙදෙන එක නවත්වන්න් ඒතුමා ස්ථිර සාර වැඩපිලිවෙලක් හදුන්වලා දෙනවා..... මේ ඔක්කොම අමතක කරලා කොට් බොට් ඇන්ද පලියට සේනානායක් මහත්තයා කළ් සුද්දෙක් කියන තැනට යන්න එපා කියලා මම යෝජනා කරනවා...


    අනිත් එක ඉන්දියාවේ නිදහස සටනේදි මතවාදී අරගල ගොඩක් ත්බුනා...කොටින නිදහස ගැන ගාන්ධී හා තාගෝර් හිටියේ වෙනස් මත දෙකක...නිදහස ගන්න ක්‍රමේ ගැන ගාන්දි හා චන්ද්‍රබෝස් ලා අතර තිබුනේ වෙනත් ක්‍රම...මේ ඔක්කොම එගොල්ලන්ගේ නිදහස ගනේ වැඩියේන් හිතන්න හේතූ උනා.....

    ReplyDelete
  5. කියවන්න බොහොම අමාරුයි. ඇස්වලට ඉතා වෙහෙසකරයි.. කරුණාකර යමක් කරන්න.. ළිපි නම් පට්ට රහයි.. ඒත් බලන්න හිතෙන්නේ නෑ..

    ReplyDelete
  6. කියවන්න බොහොම අමාරුයි. ඇස්වලට ඉතා වෙහෙසකරයි.. කරුණාකර යමක් කරන්න.. ළිපි නම් පට්ට රහයි.. ඒත් බලන්න හිතෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. කොල්ලා කොල්ල කිව්වට මාතලනුත් දැන් වයසට ගිහින් වගේ

      Delete
  7. ඔන්න බලන්න සිරි ලංකාවේ පිරිමි කට්ටිය ඔය සුද්දන්ගේ සූට් බූට් ඇන්දට මගුලටයි මරණේටයි ඔෆිස් එකටයි හැම එකටම, ගෑනු උදවිය නම් තාම සාරි තමයි අඳින්නේ...ඒ ඇයි කියලා මම මේ හිතනවා

    ReplyDelete
  8. කාකාගේ පාරෙන් ආවේ ..... උඩ තියෙන අඩුපාඩුත් හදාගෙන followers ගැජට් එකත් දා ගත්තනම් අපිට ආයෙත් එන්න ලේසියි කොල්ලෝ

    ReplyDelete
  9. කතන්දර පාර කිව්වා..කියවන්න අමාරුව තමයි තියෙන්නෙ ! අපි නාකිනෙ දැන්..
    අකුරු ලොකු කලා නම් හොඳයි වගේ...

    ReplyDelete
  10. කතන්දර දුන්න ඔත්තුවට ඔලුව දැම්මේ මේ පැත්තට !!

    මේ රටවල මැනේජර්ලා ඩිරෙක්ටර් ලා සැහැල්ලු ඇඳුමක් ඇඳන් වැඩට එද්දි අපේ මචංලා ටයි පොලු දාං කාශ්ටක අව්වේ පිඹ පිඹ යනවා ,, අනේ මංදා !!

    ReplyDelete
  11. කතන්දරගේ ඔත්තුවෙන් ආවේ. කෝ එලවන (Followers) ගැජට්ටුව. එක දා ගන්න. අපි දිගටම පන්නන්නම්.

    ReplyDelete
  12. කකා, ඹබට බොහොමත්ම තුති. අනෙක් අය අතරට ඹටුකතා ගෙනයන්න තවලමක් වුණාට.
    ඒ වගේම ඉන්දික උපශාන්තටත් ඹටුවගේ ප්‍රණාමය හිමිවෙනවා BLOG එකක් ලියන්න යෝජනා කළාට.
    හැමෝගෙම අදහස් නිහතමානීව බාර ගනිමින් ඹන්න කියවීමේ අපහසුව දුරලන්න පසුබිම් වර්ණ ඉවත් කළා.
    ඹටුව බ්ලොග් ලිවීමට ආධුනික නිසා හැඩවැඩ ආලවට්ටම් දාන්න තව කල් ගන්න ඹ්නෙ තමයි.
    හැමෝටම ස්තූතියි.

    ReplyDelete
  13. ඔටුවෝත් ලස්සනට ඉන්න ඕනනේ , ලගදීම හැඩ වැඩ දාගනියි .

    ReplyDelete
  14. යකෝ ඉස්සෙල්ලා දාපු කොමෙන්ට් එකත් නෑ, කොහොම හරි කමක් නෑ දැන් තිබ්බට වඩා සෑහෙන හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඉවාන්.
      හිතාමතා කළ දෙයක් නොවේ. අතිවැරදීමක් ගැලවෙන්නැති. මම කොමෙන්ටුව කියවූවා.

      Delete
  15. බ්ලොගර් ෆලෝවරය දාන්ඩකෝ

    ReplyDelete
  16. කකාගේ ලින්කුවෙන් ආවේ මොකද අපිට ෆලෝ කරන්න දෙන්න අදහසක් හෙම නැද්ද ?



    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  17. කතන්දර පෙන්වපු මාවතේ පැමිණියෙමි. එන්නම් දිගටම දැන් ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමීණීම ගැන සතුටුයි. සෑම සති අන්තයකම හමුවෙමු.

      Delete
  18. තවත් ඹටුවෙකුගේ ආධාර මත බ්ලොග් එකේ පෙනුම වෙනස් කළා.
    බ්ලොගර් ෆලෝවරය ඉක්මනින් දාන්නම්.

    ReplyDelete
  19. ඔය කතාව ඉතිං පොඩි කාලේ ඉඳලා අහලා තියනවා. දැන් නම් මම හිතන්නේ කොච්චර හොඳද එහෙම ලේ නොහලා නිදහස ලබාගත්ත එක කියලා. ලේ හැලුණේ නෑ කියලා ඒක මදිකමක් වගේ දකින මිනිස්සුන්ට මනුස්ස ජීවිත ගැන කිසිම හැඟීමක් තියෙන්න විදිහක් නෑ...

    ReplyDelete
  20. නිදහස ලබන්න ලේ හොල්ලන්න ඹ්නෙ කියන එක නොවෙයි ආයිබං සෙරන්ඩිබ් ඹටුවගෙ අදහස. නොලැබුණ නිදහසක් හිතෙන් මවාගෙන ඇඳගෙන ඉන්න එක ගැනයි ඹටුකතාවට තේමා වුණේ. ඒ ගැන තවදුරටත් මීළඟ ඹටුකතාවෙන් කියඤ්ඤං.....

    ReplyDelete