Pages

Friday, 21 March 2014

ජ්‍යොතිෂකාරයන්ට රැවටෙන්නෝ........ රැවටි රැවටි වැනසෙන්නෝ..........



බටහිර වෛද්‍යවරයෙකු වන ආනන්ද දිසානායකගෙන්

සියලුම ‍ජ්‍යොතිෂවේදීන්ට අභියෝගයක්



මිත්‍යාව නමැති අවිඳු අඳුරේ අතපත ගාන 



උගත්, නූගත් මෙන්ම 


විවිධ තරාතිරමේ රැකියාවන්හි නියැලෙන 

හුදී ජනයාගේ නෙත් විවර කරන්නට 



"ලක්බිම ඉරිදා"  පත්තරේ පළවූ 

වෛද්‍ය ආනන්ද දිසානායකයන්ගේ 

මේ ලිපිය හේතුවක්ම වේවා.....!



ජ්‍යොතිෂය එකල දේශපාලනයට, අධ්‍යාපනයට, වෛද්‍ය කර්මයට මෙන්ම ආගමික ඉගැන්වීම් තුළටද ඇතුළු කර තිබුණි.  

17 වැනි සියවස අගභාගයේ දී නවීන විද්‍යාවේ ප්‍රවේශයත් සමග ‍ජ්‍යොතිෂයේ වැදගත්කම ක්‍රමයෙන් හීන වන්නට විය. 

ග්‍රහ තාරකාවල පිහිටීම අනුව කෙනෙකුගේ අනාගතය හෝ ඉරණම තීරණයවන අන්දම පැහැදිලි කිරීමට ‍ජ්‍යොතිෂයට නොහැකි වූවා පමණක් නොව ප්‍රකට විද්‍යාත්මක පර්යේෂණ රාශියකින් ‍ජ්‍යොතිෂය මගින් දක්වන අනාවැකි නිවැරදි නොවන බවද තහවුරු විය.

‍ජ්‍යොතිෂයේ දැක්වෙන මත හෝ සංකල්ප පරීක්ෂණ හා නිරීක්ෂණ තුළින් වැරදි බව ඔප්පු කළ හැකි නිසා ‍ජ්‍යොතිෂය යනු විද්‍යාවක් නොව ව්‍යාජ විද්‍යාවක් බව තහවුරු විය.

‍ජ්‍යොතිෂය පිළිබඳව සිදුකරන ලද විද්‍යාත්මක පර්යේෂණ අතර ෂෝන් කා‍ලේසන්ගේ පර්යේෂණයට විශේෂ තැනක් හිමිවේ. මෙහිදී කැලිෆෝනියා, මනෝවිද්‍යා දත්ත වට්ටෝරුවෙන් ලබා ගන්නා  ලද පුද්ගලයන් සියයකට අධික සංඛ්‍යාවකගේ මනෝවිද්‍යා දත්ත ගොනු එම පුද්ගලයන්ගේ ජන්ම පත්‍ර සමග ‍ජ්‍යොතිෂ විද්‍යානුකූලව ගළපන ලෙස ‍ජ්‍යොතිෂවේදීන්ට ආරාධනා  කරනු ලැබිය.

ඇමෙරිකාවේ සහ යුරෝපයේ ‍ජ්‍යොතිෂවේදීන් 28 

දෙනකු මේ  සඳහා ඉදිරිපත් වූ අතර ඔවුහු 

පරීක්ෂණයේ කොන්දේසිවලටද එකඟ වූහ. 

අවසන් ප්‍රතිඵලය වූයේ ජන්ම පත්‍ර සහ මනෝවිද්‍යා දත්ත ගොනු ගැළපීමට ‍ජ්‍යොතිෂවේදීන්ට නොහැකි වීමයි. ප්‍රතිඵලය අහඹු ලෙස සිදුකළ සැසඳීමකට වඩා නොවෙනස් විය.  පරීක්ෂණය සාධාරණ වූ බව ජගත් විෂය පිළිබඳ ජාතික පර්යේෂණ සභාවට අයත් ‍ජ්‍යොතිෂවේදීන් විසින් පිළිගන්නා ලදී.

කෙතරම් පර්යේෂණ මගින් ‍ජ්‍යොතිෂය අවිද්‍යාත්මක


 බව ගෙනහැර දැක්වූවද  මෙම මිථ්‍යා විශ්වාස 


සමාජය තුළින් පලවා හැරීම ඉතා අපහසුය. 

මෙයට හේතුවී ඇත්තේ තම දෙමවුපියන්, ගුරුවරුන්, තමා ගරු කරන සමාජයේ වැදගත්  පුද්ගලයන් සහ ආගමික දේශකයන් විසින් එම විශ්වාස එක් එක් පුද්ගලයාගේ සිත් තුළට තදබල ලෙස කාවද්දා ඇති නිසාය. 

බොහෝ පුද්ගලයන් විසින් මෙම මිථ්‍යා මත පැතිරවීම ජනමාධ්‍ය හරහාද දිගින් දිගටම කරගන යනු ලබති. ඒ ඔවුනගේ වාණිජමය අවශ්‍යතාවයන් සපුරා ගැනීමටය.  ‍ජ්‍යොතිෂය වැනි ව්‍යාජ විද්‍යාවක් විශ්වාස කිරීම සඳහා කෙනෙකුගේ බුද්ධි මට්ටම බලපානු නොලැබෙන බව පෙනේ.

වෛද්‍යවරුන් , මහාචාර්යවරුන් ඉංජිනේරුවන් මෙන්ම ප්‍රකට දේශපාලනඥයන් වැනි පුද්ගලයන් අතරද ‍ජ්‍යොතිෂය විශ්වාස කරන අය එමට ඇති බව  මෙය තහවුරු  කිරීමට ඇති හොඳම සාක්ෂියයි. 

මෙවැනි විශ්වාශයනට එරෙහිව ප්‍රබල විද්‍යාත්මක සාක්ෂි ඇති බව දැන දැනත් ඒවායෙහිම එල්බගෙන සිටීම මනෝවිද්‍යාවේ විස්තර කර ඇත්තේ ව්‍යාජ විශ්වාස  අත්නොහැරීම යන හැඳින්වීමෙනි.

අප කොතෙක් දුරට මෙසේ පැවැසුවද ‍ජ්‍යොතිෂය තදින්  විශ්වාස කරන  අයෙකුට ‍ජ්‍යොතිෂවේදියෙකු ලබාදෙන අනාවැකි හෝ විස්තර අතිශයින්ම සත්‍ය බවට දිස්වේ. මෙයට හේතුව  ලෙස මනෝ විද්‍යාවේ විස්තර  කරන්නේ  පක්ෂපාතී  සනාත කිරීම යනුවෙනි. 

එනම් යම් අයෙකු කිසියම් විශ්වාසයක හෝ මතයක එල්බගන සිටින කල්හි  එම මතය හෝ විශ්වාසය තහවුරු කරන කරුණු කෙරෙහි පමණක් ඔහු වැඩි රුචිකත්වයකින් කටයුතු කිරීමයි.

ජ්‍යොතිෂවේදියා විසින් කාටත් හරියන  ලෙස දෙනු 


ලබන විස්තරයේ තමාට ගැළපෙන  සහ තමා 


බලා‍පොරොත්තු වන විස්තර පමණක් තම මතකයේ 


රැදෙන අතර වැරදි හෝ නොගැළපෙන කොටස් එකී 


විශ්වාස කරන්නන්ගේ මතකයෙන් ගිලිහී යයි.

එබැවින් ඔහුට හෝ ඇයට ලබා  දෙන ‍ජ්‍යොතිෂ විස්තරය අතිශයින්ම  සත්‍ය බව ඔවුහු විශ්වාස  කරයි.

නිදසුනක් ලෙස ගතහොත් වැස්සට තෙමීමෙන් පසු සෙම්ප්‍රතිශ්‍යාව සෑදෙන බව විශ්වාස කරන පුද්ගලයෙකුට තම මතකයේ රැදී පවතින්නේ වැස්සට තෙමීමෙන් දින කීපයක් තුළ සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවූ අවස්ථාවන් පමණි.  

නමුත් ඊට  වඩා වැඩි අවස්ථාවන් ගණනකදී වැස්සට නොතෙමී ඔහුට සෙම්ප්‍රතිශ්‍යාව ඇති වන්නට ඇත. නමුත් එම අවස්ථාව ඔහුගේ මතකයේ රැදී නොපවතී.

පර්යේෂණවලට අනුව  පෙනී යන්නේ ‍ජ්‍යොතිෂ අනාවැකි අහඹු ලෙස ඕනෑම අයෙකුට ගැළපෙන අයුරින් සකසා ඇති ප්‍රකාශනයක් පමණක් බවයි. යම් අනාවැකියක් සිදුනොවුවද එසේ වීමට හේතුවද එම අනාවැකිය සමගම දෙනු ලබයි.

නිදසුනක් ලෙස යම් කාන්තාවක් තමාට අනාගතයේ  දරුපල  හිමිද? යනුවෙන් ප්‍රශ්නයක් ඇසුවහොත් එයට ඔව් හෝ නැත යනුවෙන් සෘජු පිළිතුරක්  නොලැබෙයි. ඔබට දරුපල ප්‍රමාද කරන තත්ත්වයක් පෙන්නුම් කළද මෙම ග්‍රහයාගේ හැසිරීම නිසා දරුපල ලැබිමට  ඉඩක්ද ඇත. යනුවෙන් පිළිතුරක් ලැබෙයි. 

තමාට කලක සිට වැළඳී ඇති රෝගය සුවකළ හැකිද යන ප්‍රශ්නයට ලැබෙනුයේ  එය සුව කිරීම තරමක් අසීරු බවත් නිවැරදි  ප්‍රතිකාර වලට යොමුවීමෙන් සුවවීමට ඉඩක් ඇති බවයි. යන පිළිතුරකි.

නූතන ජනප්‍රිය ‍ජ්‍යොතිෂවේදීන්ට යම් අයෙකු පිළිබඳ විස්තරයක් දීමට  අවශ්‍ය වන්නේ ඔහුගේ  හෝ ඇයගේ ජන්ම පත්‍රය නොව ඔහුගේ වයස, පෙනුම , රැකියාව සහ සිතුම්  පැතුම් ගැන මනාව තේරුම් ගැනීමයි.

ඒ අනුව ඔහුට හෝ ඇයට ගැළපෙන විස්තරයක්  සකසා දෙයි. මෙවැනි විස්තරයක අඩංගු කරුණු කාරණා තුළින් තමාට  හොඳින්ම ගැළපෙන කරුණ පමණක් තම සිතෙහි තැන්පත් කරගන්නා ඔහු හෝ ඇය තමාට ලබාදුන්  සියලු තොරතුරු සත්‍ය බව පිළිගනියි.

ජනතාව ‍ජ්‍යොතිෂය විශ්වාස කරන්නේ ඇයි

අද වැනි අවිනිශ්චිත කාල වකවානුවක යම් යම් තීරණ ගැනීමේ දී මිනිසාට පහසු කරවන මග පෙන්වන්නකු ලෙස මෙය පිළිගන්නවා විය හැකියි. 

ඔවුනට පාලනය කළ නොහැකි ග්‍රහ තාරකාවල බලපෑම් නිසා ඇති කරනු  ලබන ඕනෑම ඉරණමක් කෙරෙහි විශ්වාසය තබා සිටිනවා විය හැකිය. කෙසේ නමුත් අප ලෝකයට මුහුණ දිය යුතුය. එසේම අපගේ අනාගතය රැඳී පවතින්නේ අප තුළ බවත් ග්‍රහ තාරකා මත නොවන  බවත් අප අවබෝධ කරගත යුතුය.

අද නූතන ලෝකය තුළ පැතිර තිබෙන අධ්‍යාපනයේ 


ප්‍රබෝධය ගැන සිතන විට මායාකාරී හෝ අන්ධ


 විශ්වාස අවශ්‍ය නොවේ. 


නමුත් ‍ජ්‍යොතිෂය නූතන සමාජය තුළ වඩ  වඩාත් පැතිර යමින් පවතී. කිසිදු විවේචනයකට ඉඩ නොදී ‍ජ්‍යොතිෂ මත, අනාවැකි සහ කේන්දර ගැන ආකල්ප සමාජය තුළ පැතිරී තිබිම කනගාටුවට කරුණකි. මේ මගින් සිදුවන්නේ අහේතුවාදය සහ බුද්ධි රෝධක වාදය  වර්ධනය වීම පමණි. අප විශ්වාස කරන්නේ මෙවැනි අනාවැකිවලට එරෙහිව කෙළින්ම සහ බලගතු ලෙස අභියෝග කළ යුතු කාලය පැමිණ ඇති බවයි.

‍ජ්‍යොතිෂය ගැන විශ්වාසය ඇතිකරගන ඇති ජනතාව ගැන සලකා බැලීමේදී පෙනීයන්නේ ඔවුනගේ විශ්වාස කිසිදු නිවැරදි විද්‍යාත්මක පදනමකින් තොර බවත් ඇත්ත වශයෙන්ම ඒවා මිථ්‍යා මත බව ඔප්පු කිරීමට ප්‍රබල විද්‍යාත්මක සාක්ෂි එමට ඇති බවත්ය.

ඒ නිසා ‍ජ්‍යොතිෂය මිථ්‍යාවක් නොවන බව 


විද්‍යාත්මකව පෙන්වන මෙන්  ඕනෑම


ජ්‍යොතිෂවේදියෙකුට අභියෝග කරමි.










ඔන්න ඉතිං දැන්වත් ඇහැ කන ඇරගෙන හිටපල්ලා....

හොරු තක්කඩි පස්සෙ ගිහිං ලෝහ පතුරු ඇඟේ එල්ල ගන්නෙ නැතිව...

සන්තකේට ඇති මිල මුදල්, ඉඩකඩම් බිලි දෙන්නේ නැතිව....

එක එක යාතිකා කරන්නට ගීතිකා කියමින් එන 

ජ්‍යොතිෂකාරයන්ට/ පේනකාරයන්ට / සාස්තරකාරයන්ට

හුලිජ්ජ කොරපු බූවල්ලෙන් තලනු.




=======================================



මෙන්න මුන්දැල හතරවරං ගහනවෝ.................







* දේශාංශ 52ත් 92ත් කලාපයේ යානය තියෙනවා ?

අම්මප බණ්ඩාර ගොයියෝ...ඔය ඇත්තටමද කියන්නේ....

යානය පිටත් වූ වේලාව නිවැරදිව දැනගත්තොත් වුණ දේ කියන්න     පුළුවනි.

අන්දෝ සංසාරේ....හේම ශ්‍රී ගොයියෝ... වෙලාව හොයාගන්න එකත් මහ කජ්ජක්ද......තෙපරබාන්නෙ නැතිව කියනවකො ඕයි.....
කොයි යානය ?

තත්කාල කේන්ද්‍රයක් හදා ගත්තොත් අනතුරක් වෙයිද නැද්ද කිව හැකියි.

මද්දුවගේ උන්නැහේ දැං අපිද ඔහේද ඔය මගුල් කේන්දරේ හදන්න ඕනෙ ? උන්නැහේ නිකං කටපත්ත අදින්නෙ නැතිව බත්කාල කේන්දරේ හදල අනාවැකිය කියනවකො බයිල ගහන්නෙ නැතිව.

---ඔන්න වේගිරියෙ ඇත්තොයි, පාතේගම අපෙ හාංදුරුවොයි මේ හොර තක්කඩියන්ගෙ පුකටම පයිං ඇනල...(ඇයි ඉතිං මුංගෙ මොලේ තියෙන්නෙ පුකේනෙ)


මෙන්න මාතලන්ගෙන් බංඩාර ගොයියට කණ රත්වෙන්න පාරක්...

http://maathalan.blogspot.com/2014/03/mh370-mh370-predictions-tom-pachaya.html?showComment=1395931853781#c711749339852634433




සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....

9 comments:

  1. Anonymous06:20

    ලිපිය ඔයා පළ කරපු නිසා තමයි මෙහෙම අහන්නේ.අර උදාහරණය ගනිමු.එතකොට අපි ගන්න ඕන නිගමනය වැස්සට තෙමීම හා හෙම්බිරිස්සාව හැදීම අතර සම්බන්ධයක් නැත කියාද?
    ඒ වගේම අර දරු ඵල,රෝගය සුව වීම යන කරුණු ගැන වෛද්‍යවරයෙක්ගෙන් ඇහුවත් ඒ වගේ පිළිතුරු නේද ලැබෙන්නේ?www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. //වැස්සට තෙමීමෙන් පසු සෙම්ප්‍රතිශ්‍යාව සෑදෙන බව විශ්වාස කරන පුද්ගලයෙකුට තම මතකයේ රැදී පවතින්නේ වැස්සට තෙමීමෙන් දින කීපයක් තුළ සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවූ අවස්ථාවන් පමණි.
      නමුත් ඊට වඩා වැඩි අවස්ථාවන් ගණනකදී වැස්සට නොතෙමී ඔහුට සෙම්ප්‍රතිශ්‍යාව ඇති වන්නට ඇත. නමුත් එම අවස්ථාව ඔහුගේ මතකයේ රැදී නොපවතී.//

      ඒ කියන්නෙ සැඟවුණ කොලුවෝ(Anonymous).......
      “වැස්සට නොතෙමී හෙම්බිරිස්සාව හැදෙනව වගේ“ කිව්වේ ජ්‍යොතිෂවේදියා විසින් කාටත් හරියන ලෙස දෙනු ලබන විස්තරයට අනුව තමාට ගැළපෙන සහ තමා බලා‍පොරොත්තු වන විස්තර පමණක් තම මතකයේ රඳවා ගැනීමට එය විශ්වාස කරන්නා පෙළඹෙන බව කීමටයි.
      දරු ඵල,රෝගය සුව වීම යන කරුණු ගැන වෛද්‍යවරයෙක් අනාවැකි කියන එකක් නැහැ නේද? එහෙම කිව්වොත් එයා සාස්තරකාරයෙක් ගාණට වැටෙනව නේද?

      Delete
    2. Anonymous13:04

      ඒක එහෙම ගන්න ගියොත් රට පැටලෙනවා.වැස්සට තෙමුනා.මං ලෙඩ වුනා.මං හිතනවා වැස්සට තෙමිච්ච හින්දා ලෙඩ වුනා කියලා.වැස්සට තෙමුනා.ලෙඩ වුනේ නෑ.ඒ අනුව වැස්සට තෙමුනට කමක් නෑ කියලා හිතලා ඊළඟ පාර වැස්සට තෙමිලා ලෙඩ වුනොත් මොකද කරන්නේ?
      දොස්තරගේ ගැටළුව-යුවලක් වෛද්‍යවරයගෙන් අහනවා අපිට දරුවෙක් ලැබෙයිද කියලා?මෙතනදි ඒ වෛද්‍යවරයට එක්කෝ ඔව් නැත්නම් නෑ හරි ඒ අතරමැද එකක් හරි කියන්න වෙනවා.ඒත් ඒ කියන නිගමනය පස්සේ වැරදි වුනොත් ඒ වෛද්‍යවරයට කියන්න උත්තරත් තියෙනවා.දෛවඥයට වෙන්නෙත් ඒ වගේ වැඩක්.www.amuthusithuwili.wordpress.com

      Delete
    3. කිසිම පටලැවීමක් නෑ මහත්තයෝ...හරිම සරලයි.
      වැස්සට තෙමිලා ලෙඩ වුණොත් සාත්තරකාරයො පස්සේ නොගොහිං දොස්තර කෙනෙක් ළඟට ගිහිං බේත් ටිකක් ගන්න.
      වෛද්‍යවරයගෙන් අපිට දරුවෙක් ලැබෙයිද කියලා ඇහුවොත් එයා බලයි බඩ වෙලාද නැද්ද කියල. කලලය බඩේ නම් දරුව ලැබෙයි. නැත්තං ඉතිං ශුක්‍රාණු සංසේචනය කරගන්න වෙයි. ආයෙ මොන අතරමැද එකක්ද ආයිබං....

      Delete
  2. ඕනෑම කෙනෙකුට ඕනෑම විශ්වාසයක් දරන්න අයිතිය තිබෙනවා.හැබැයි එයින් කිසිවෙකුට හානි නොවිය යුතුයි.ජ්‍යොතිෂය කියන්නේ එහෙම අහිංසක විශ්වාසයක් නොවෙයි. මම කියන්නේ එය අලෙවිකිරීම නොවෙයි.ඇත්තෙන්ම එහි හානියක් නෑ. හානිය බොරු අනාවැකි කීමෙන් මිනිස්සු ඔළු අවුල් කර ගන්නා නිසයි. අද කී දෙනෙක් ගෙදරට නාකි වෙනවද මේ මාන්ස්ගාතෙ නිසා.කී දෙනෙක් කරදර වලට මුහුණ දීලද මේ අනාවැකි යටි හිතට කා වද්දගෙන.
    මම කියන්නෙ මේකයි.ගල් දහයක් ඝැහුව්ත් එකක් හරි වදිනව.මේකෙ මේ එක වත් හරියට වදින්නෙ නෑ. යම් සිද්ධියක් වුනහම ඒකට හේතු කියන්න පුළුවන්.හැබැ‍යි ඒ හේතුම තිබෙන වෙනත් වෙලාවල අර දේ වෙන්නෙ නෑ.

    බොරුවක් නම් මෙච්චර කල් පැවතුනේ ඇයි කියල අහනව. මේකයි මේක හතර අතට කරකවන්න පුළුවන් විශයක්.ඒක මගෙ ලිපියෙ මම පැහැදිලි කළා

    http://yakaageadaviya.blogspot.com/2014/03/blog-post_13.html

    ReplyDelete
  3. //හුලිජ්ජ බූවල්ලෙන් තලනු.//
    හුලිජ්ජ මඩු වලිගෙන් නෙවේද?
    ජෝතිෂය ගැන නං කියල වැඩක් නෑ. නමුත් විශ්වාස කරන හරක් ඉන්නව නෙව!

    ReplyDelete
    Replies
    1. ඔටුව දන්න ගමේ ගොඩේ ඇත්තියො නං පොල් ගස් මුල වැටිල තියෙන බූවල්ලට හුලිජ්ජ කොරල තමයි පත බාන්නෙ. මඩු වලිගෙනුත් තලනව තමයි. ඔනැම නං ඒකටත් හුලිජ්ජ කොලෑකි රාජ් ළමයෝ...

      Delete
  4. ඒබ්‍රහම් ටී කොවූර් මතක් වුණා. මේ ආකාරයේ මිථ්‍යා මතවලට එරෙහිව ලොකු සටනක් ඔහු කළත් ඔහුගේ අභාවයත් එක්ක ඔක්කොම යටපත් වුණා වගේ. ලංකා හේතුවාදී සංගමයක් තවමත් තිබුණත් මේ මෑතකදි මොකක් හරි දෙයක් සම්බන්ධව ඔවුන් අභියෝග කළත් කොවූර්ගේ අභාවයත් එක්කම සංගෙමෙත් අභාවය වුණා වගේ

    ReplyDelete
    Replies
    1. ඒබ්‍රහම් ටී කොවූර් උත්තමයගෙ අභියෝග ඉදිරියේ මිථ්‍යා මත වපුරන හොර තක්කඩි
      හැත්ත නිකංම නිකං බිංදුවට වැටුණ. අද කොවූර්ල දස දහස් ගණනින් බිහි වෙන්න ඔ්නැ යුගයක් අායිබං...

      Delete