Pages

Saturday, 26 April 2014

වාලුකා කාන්තාරෙත් ගජරාමෙට සිංහල අවුරුදු සැමරුවලු බොලල්ලා...


 ද ඔටුකතාව ලියවෙන්නේ සෙරන්ඩිබ් ඔටුවට විද්‍යුත් තැපෑලෙන්, ෆේස්බුක් එකෙන් විතරක් නොවෙයි වයිබර් තාක්ෂණේටත් පිං සිද්ධ වෙන්න හත් ගව්වක් ඈත ඉඳල වුණත් ලැබුණු ඇමතුමෙන් දැන ගත්තු කයිකතන්දරයක් ගැනයි ආයිබං.

මේ දවස් වල සෙරන්ඩිබ් ඔටුවා වාලුකා කාන්තාරෙන් එපිට පුංචි පහේ සංචාරයකය යෙදිල ඉන්න නිසා සිරිලංකාවෙ දේසපාලනේ ගැන ඔටු අදහසක් ලියන්න හිත හිත ඉන්න කොටයි ඕං මේ විස්තරේ ලැබුණෙ.

අලුත් අවුරුදු උත්සවයක් ගැනත් ඊට යාවෙච්චි කතා බහ කීපයක් ගැනත් කෙටියෙන් ලියා දාන්නෙ සංචාරෙක ඇවිල්ලත් මේව ලිය ලියා උන්නොත් මාස ගාණකට පස්සෙ මුණ ගැහිච්ච ඔටුදෙනගෙං හොඳ හැටි කන පුරෝල අහගන්න ලැබෙන බව දන්න හින්දයි.

මේ බයකට හෙම නොවේ........ඕං



බුදෙයියා සංගමේ අවුරුදු උත්සවේට සහභාගි වෙන්න නොලැබිච්චි එක ගැන දුක හිතුණෙ මේ ලැබුණු තොරතුරු වලට අනුව වැඩේ මල් හතට සිද්ධ වුණ බව තේරෙන හිංදයි බොලල්ලා.

නිමල් උන්නැහේගෙන් පස්සෙ ඔටුවගෙ ළඟම හිතවතියක් වෙච්චි ගයන්ති ඇත්ති සංගමේ ලොක්කි වුණා නොවැ. රේණු කෙලීයි, ඉන්දික කොලුවයි, රත්නසිරි කොලුවයි, කපිල, දීපා,චාමි,මධු වගේ මෙකී නොකී කොල්ලො කෙල්ලො රොත්තකුයි කරදීල උරදීල කරපු සිංහල අවුරුදු උත්සවේ හරිම ජයට සිද්ධ වුණ බව තමයි දැන ගන්න තියෙන්නෙ.




කොටින්ම කියනව නං සිරිලාංකිකයන්ගෙ අයිතිකාරයා කියල හිතාන ඉන්න මුලින් තිබුණු කිරීඩා කෑල්ල හලා ගත්තු සමාජයෙ ලොක්ක කිව්වලු “මට නං මේ වගෙ අපූරු ගේමක් දෙන්න බෑ........ඒක ෂුවර්......“ කියල.

ඇත්ත නොවෙන්නං, උන්නැහෙ වෙසක් මහේ පවත්වන්න යන අවුරුදු උත්සවේ (හික්.....! බක් මාසේ නොවෙයි ඕං වෙසක් මාසෙලු බං බක්මහේ අවුරුදු උත්සවේ තියෙන්නෙ.... හිකිස්) ගන්න හිටිය පිට්ටනියත් අහෝසි වෙල කියන්නෙ උන්දැලටම නොදැනීම.

බුදෙයියා සංගමේ අවුරුදු උත්සවේ නං ලකේට කෙරුණු පාටයි. 

ඒත් ඉතිං උදේ නමයට පටං ගන්න තිබුණු උත්සවේ එකොලහමාර වෙනකං කල්දාන්න වෙච්චි එක නං හොඳ ආදුරුසයක් නොවෙයි ඕං.

ගයන්ති ඇත්තිල කලිං දවසෙ පාන්දර තුන වෙනකල් පිට්ටනිය සකල් කරල උදේ හයේ ඉදන් ආයෙම නැහිල වැඩ කොලාට විතරක් මදි. කාල කළමනාකරණය වගේම වැඩ කරන රටාව ගැනත්, වැඩ බෙදන රටාව ගැනත් මීට වඩා හිතුවොත් හොඳයි.

මොකද අඹ ගොඩ බදා ගත්ත වගේ සේරම බදා ගන්න ගියාම ඔහොම වෙනව තමයි.




අන්තිමේදි සුදේෂ් කොලුවගෙ මයික් එකත් මේ උන්දැම අතට ගත්ත කියල ඇහුවම මට පුකෙනුත් හිනා ගියා කිව්වම.

සභාපතිතුමී වුණාම හැම දේ දිහාවෙම බලා කියාගෙන තීන්දු තීරණ දීල උත්සවේ කලඑළි කරන්න ඕනැ එකේ මයික් පොජ්ජ අතට ගත්ත එක නම් අමුම අමු ගොං පාට් එකක්.

ඊළඟ කාරණාව මහ නිලමෙගෙ පමාව. 

උදේ නමයට එනැවයි කිව්ව හාදය දවල් එකොළහමාරට ආවම සේරම වැඩ කටයුතු හබක් වෙන එක අහන්ඩ දෙයක් යැ.

හැබැයි ඉතිං කොහොමින් හරි රෑ බෝ වුණත් වැඩේ කලඑළියට සිද්ධ කෙරුණු බව තමයි ආරංචි වෙන්නෙ. මැද පෙරදිග වාලුකා කාන්තාරෙ දහදුක් විඳින කොල්ලන්ට කෙල්ලන්ට හයියක් හත්තියක් තියෙන උදවිය මේ වගේ පිං අතේ වැඩ කරන එක හරි වටිනව.

දැං ලබන සුමානෙ තියෙනවලුනෙ කිරීඩා කෑල්ල හලා ගත්තු සිරිලංකා සමාජෙ කට්ටියගෙ අවුරුදු උත්සවේ. දූවිලි පිරිච්ච පිට්ටනියක.

වෙසක් මහේදි සමරන බක්මහේ අවුරුදු උත්සවේ.
බලමුකො එදාට උන්දැලගෙ වැඩ කිඩ.
===========================================

පුදනකොටම කාපි යකා කිව්වලු.....

මෙන්න බොලේ සෙරන්ඩිබ් ඔටුව කිව්වැහෙම වෙසක්

මාසෙදි බක්මහ උලෙලක් පවත්වනවෝ.......

2014 අවුරුදු උළෙල කිව්ව නං ගොඩයන්න තිබුණනෙ

බොලල්ලා............















හොඳ වැඩ අස්සෙම සෙරන්ඩිබ් ඔටුවට පේන 
හුරස් පරස් .........

1. පේ බක්මහ උළෙල කියන්නෙ මේකට ඔටුවන්ට       එන්න බැරිද බොලං...?
     “අපේ“  කිව්වම අදහස් වෙන්නෙ ආරාධනා කරන        සංගමේ කට්ටියට සීමා වුණ වැඩක් කියල නේද?

2.  මැයි මාසෙ කියන්නෙ වෙසක් මාසෙ නොවෙද            ආයිබංලා... වෙසක් මාසෙට කොහොමද බක්මහ          උත්සව තියන්නේ....?

3.  පේ බක්මහ උළෙල ඉංගිරිසියෙන් National New      Year Festival වෙන්නෙ නොදැනුවත් කොමට             වෙන්න බෑ ඕං..මොකද ටයි කෝට් අඳින                     කස්ටියනේ...ඉංගිරිසි වරදින්න විදියක් නෑ.
      මෙතන තියෙන්නෙ මේ අවුරුදු උත්සවේ තමයි           ජාතික උත්සවේ කියල හිතා ඉන්න දීන                       මානසිකත්වය. පොරචාර පත්‍රිකාවෙන්ම පේනව           ජාතික වැඩේ තරම.

4.  CLUB කියන වචනෙ තේරුම සංගමය වෙන්නෙ          කොහොමෙයි.....සමාජය මිසක්කා...
     Sports Club කියන නමෙන් Sports  හැලිල                  නිකංම Club වුණා වගේ ක්‍රීඩා සමාජයෙ නමෙන්          ක්‍රීඩා හැලුණ මදිවට සමාජය “සංගමය“ වෙලා               නොවැ  ආයිබං.

කොයි කාගෙත් ආදර ගෞරවය දිනාගත්ත රංවල උන්නැහෙත් එක්ක රංවල බලකායම එනව ඇතිනෙ.
ඔන්න ඔටුව හත්ගව්වක් දුර ගෙවාගෙන හරි එනවාමයි සිංදුවක් අහල යන්න.
(මේ විස්තර ටික සමග පත්‍රිකාව විද්‍යුත් තැපෑලෙන් එවල තිබුණෙ සංගමේ ඇතුළෙ ඉන්න පොරක්ම තමයි ඕං....තරහා අවසර...!)

=========================================


-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.
otukatha@gmail.com
පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 
එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....


28 comments:

  1. රටවල්වල තියෙන කල්ලි කණ්ඩායම් ගැටුම් පැත්තක් අරගෙන ලියල බ්ලොගේට දාන එක නං එච්චර හොඳ වැඩක් නෙවෙයි ඔටුවෝ.
    ලියන්න දෙයක් නැත්නං නිකං ඉන්නව මීට වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම කියන්න හිතුනා ආයිබෝං. මේ වගේ පිල් බෙදාගන්න එක ඔබ තුමා වගේ කෙනෙකුට ගැලපෙන දෙයක් නෙමෙයි. එතකොට මේ බ්ලොග් එකේ හැබෑ අරමුණ යට යනවා නේද? මොකද පිට රට ඉන්න සංගම් වල ඉන්න කවුරු කවුරුත් ශුද්දවන්තයෝ කියන්න බෑනේ. අන්තිමට ඔබ වගේ ලියන්නෙක් මේ කොහෙවත් තියෙන පිලකට වැටෙන එක රටටම පාඩුවක්...
      ආයිබෝං අමනාප ගන්න කාරි නෑ. දැනෙන තේරෙන හැටියට කීවේ.

      Delete
    2. අදහස් වලට ගොඩක් තුති ළමයිනේ...
      හැබැයි ඉතිං සන්නිවේදනය කියන්නෙ අදහස් වගේම මත පළ කිරීම නොවෙන්නං.
      බ්ලොග් ලියන, පත්තරවලට ලියන, ෆේස්බුක් එකේ කොමෙන්ට් දාන, සඟරා ප්‍රකාශන පළ කරන කවුරුත් කරන්නෙ මත පළ කරමින් අදහස් දක්වන එක කියලයි සෙරන්ඩිබ් ඔටුව හිතන්නෙ.

      “වාලුකා සිතුවිලි“ බ්ලොග් එක ලියන්නෙත් ඔටුවගෙ අදහස් හා මත ජනතාව අතරට ගෙනිහිං සංවාදයක් ගොඩනගන්න හංදා අරමුණ යටපත් වෙන්නෙ නෑ.

      දැන් අහයි මේ අදහස් පක්ෂග්‍රාහියි, පැත්තක් අරගෙන නේද කියල...
      බොරු කියන්නෙ මොටද...ඕනැම කෙනෙකුට මතයක් තියෙන්න ඕනෙ, හොඳ දේට හොඳයි කීමත් නරක දේ විවේචනය කිරීමත් ඔටුවගෙ උපන් ගතිය නෙ බොලල්ලා.

      තමන් පිළිගන්න මතයක් නිරවුල් අදහසක් නැතිව ඔහේ වැනි වැනි ඉන්නෙ පොන්නයො කියලයි ඔටුවගෙ පිළිගැනීම.
      සෙරන්ඩිබ් ඔටුවට උප්පත්තියෙ ඉඳන්ම ශක්තිමක් කශේරුකාවක් තියෙන හංදයි තමන් නිවැරදියි කියල පිළිගන්න මතය වෙනුවෙන් පෙනී හිටින්නෙ.
      ඒක පිලකට වැටීමක් කියල අර්ථ දැක්වීම වැරදියි නොවෙයිද ආයිබං...
      ( සංවාදයකට විවෘතයි)

      Delete
    3. මම ඔබේ කතාවට යම් පමණකට විතරයි එකඟ වෙන්නේ.

      එකක් මුලින්ම, මේ කියන සමිතිය හෝ සිද්ධිය හෝ රට පිළිබඳව කිසිම අදහසක් මට නෑ. එතකොට මම මේ ප්‍රශ්නේ දකින්නේ පිටස්තරයෙක් විදිහට විතරමයි.
      ඔබ සමාජයේ හරි දේ හරි විදියට දකින එකත් වැරදි දේ වැරදි විදියට දකින එකෙත් කිසිම අවුලක් නෑ. ඒක අපි වුනත් එහෙමයි.
      ඒත් මේ කියන සටහනේ ඉන් එහාට ගිය යමක් තියෙනවා කියලයි මට නම් දැනුනේ. මම වැරදි වෙන්න පුළුවන්. අපි කියමු අර අනිත් සංවිධානේ වැරදි කලාම කියලා. මේ සංවිධානේ දැනට එහෙම නොකලා වෙන්න පුළුවන්. ඒත් මේ වගේ ලිවීමක් හෝ පෙළඹවීමක් හරහා ඒ අය මාකට් වෙන්න බලන එකක් නෑ කියලා ඔබට විස්වාසද? මට නම් දීර්ග කාළින විදේශිය ශ්‍රී ලාංකිකයෝ ඇසුරු කරල දැනෙන නියුට්‍රල් හැඟීම ඕක.
      ඉන් එහාට ඔබේ තර්කෙට මම එකඟයි.

      Delete
    4. රංගී,වසර විස්සකට ආසන්න කාලයක් විදෙස්ගතව දීර්ඝ කාලීනව ජීවත්වන ශ්‍රී ලාංකිකයන් ආශ්‍රය කර ලබාගත් අත්දැකීම් අනුව කියනවනං ශ්‍රී ලාංකිකයන් සේවය කරන හැම රටකම ශ්‍රී ලාංකික සංවිධාන එකකට වඩා ප්‍රමාණයක් ඇතුවා සේම ඔවුන් විවිධ කරුණු වලදී විවිධාකාරයෙන් ප්‍රශ්නත් ඇතිකරගන්නවා,එය ලේඛකයා ඉන්න රටට පමණක් නොව හැම රටකටම පොදුයි.
      ඔවැනි තත්වයන් උපේක්ෂා සහගතව ඉවසා ගැනීම හැර වෙනත් දෙයක් කරන්නට නැහැ. මගේ අදහසේ හැටියට මෙතනදී පැහැදිලි වන්නේ ලේඛකයාගේ විදේශගත අත්දැකීම්වල මද භාවයයි.කාලයත් සමග ඔහු එය වටහාගනීවී කියා මම හිතනවා.

      Delete
    5. හැලපේ, ඔබගේ මේ කතාව මට හොඳට පුරුදුයි.

      ඔවුන් එක්ක අපි ඩිප්ලොමැටික් නොවුනොත් අපිත් ඒ කැඳ හැලියටම වැටෙන බව මගේ මේ ලාබාල වයසට මටත් තේරෙනවා.
      මම ලාංකීය සංවිධාන කිසිම දේක නෑ. හේතුව ඔබට හිතාගන්න පුළුවන්. ඔය සංවිධානම ඕනේ නෑ මිනිසුන්ට සේවයක් කරන්න. ඕවයින් මිනිස්සු සල්ලි හොයන හැටි මට ගොඩාක් අත්දැකීම් තියෙනවා. අපේ මිනිස්සු අඹයකට ගල් ගහන්නේ අතපිහ දාන්න නෙමෙයිනේ. මාත් ඔටුවට කියන්න ඕන උනේ ඒක. (මොකද ඔහුගේ තරමට එහෙම ඔහුගේ නාමය නැතිකරගන්න ඕනේ නෑ කියලා මම අදහනවා)

      Delete
    6. හැලපේ ,රංගි කියනවා වගේ මටත් අවුරුදු 25කට අධික කාලයක් මැද පෙරදිගත්, යුරෝපයේත් මේ වගේ කල්ලි කංඩායම් මත ගැටුම් දැකලා සීසන්වෙලා ඉන්නේ. මම නම් කරන්නේ ඇහැට ඇන්නත් දැක්කේ නැහැ වගේ ඉන්න එක. මේවාට මැදිහත් වෙලා නියම බුල්ටෝ කාලා තියෙනවා.

      ඔටුවාගේ ලිපියේ ටෝන් එක පොඩ්ඩක් අවුල් වගේ. අනිත් උත්සවේ අප්සට් වෙනකම් බලා ඉන්නවා වගේ එකක් දැණෙන්නේ.

      Delete
    7. රංගි කෙල්ලේ.....ඔය ළමය සෙරන්ඩිබ් ඔටුවට බොහොමත්ම ලෙන්ගතු විදිහට දෙන අවවාද වගේම පළ කරන අදහස් වලට බොහොමත්ම ස්තූතියි.

      // ඔය සංවිධානම ඕනේ නෑ මිනිසුන්ට සේවයක් කරන්න. ඕවයින් මිනිස්සු සල්ලි හොයන හැටි මට ගොඩාක් අත්දැකීම් තියෙනවා. අපේ මිනිස්සු අඹයකට ගල් ගහන්නේ අතපිහ දාන්න නෙමෙයිනේ. //
      හැමෝම එහෙමමත් නැහැ. එහෙම අය නැත්තෙත් නැහැ.
      ඒ හංද තමයි ඔටුව කිසිම සමිති සමාගමකට බැඳිලත් නැත්තෙ. බැඳෙන්න හිතන්නෙවත් නැත්තෙ.

      වාළුකා කාන්තාරෙට එනකොටම හිතමිතුරු ඔටුවෙකුගෙන් ලැබුණ අවවාදය තමයි ඔය සමිති සමාගම් සමාජ වලට බැඳෙන්න ඉක්මන් වෙන්න එපා කියන එක.
      දැන් අවුරුදු ගණනාවක් ගිහිල්ලත් ඔටුව නිදහසේ විවෘත මනසකින් ඉන්නෙ ඔය කල්ලි කණ්ඩායම් වලට බැඳිල නැති නිසා නොවෙන්නං.

      හැබැයි ළමයෝ එකක් කියන්න ඕනෙ. ඔටුවගෙ නාමය නැති කරන්න නං ලේසි වෙන්නෙ නෑ. ඒ තරමට ඉතිහාසය නිරවුල් වගේම පැහැදිලියි. ඒ වගේම මොන විදිහට ගල් මුල් ආවත් සැලෙන්නෙත් නැති බව රංගි ළමය හොඳට දන්නව නැතෑ.

      Delete
    8. හැලප කඩේ කොලුවෝ.....

      ඔය කොලුව කාටද අප්ප කඩේ යන්න තතනන්නෙ. හැලපයක් වෙළඳාම් කරගෙන ඉන්නෙ නැතිව.
      ඔටුවගේ විදේශගත අත්දැකීම් ගැන පැටික්රිය දිග අරින්න ගත්තොත් ඔය හැලපයො හාංසි තමයි. පටං ගත්තෙ එක ඔටුවෙක් උනාට දැං මෙතන ඉන්නෙ ඔටු රැළක්.....ඕං එහෙනං ඒ රහසත් කියල දැම්ම.

      සෙරන්ඩිබ් ඔටුවට තියෙන්නෙ උපේක්ෂාවක් නොවෙයි...අපේක්ෂාවක් ආයිබං...ආයෙ අලුතෙන් තේරුම් ගන්න ඔටුව බබෙක් නොවෙයි උන්නැහේ....හොඳ හැටියට තෙම්පරාදු වෙච්චි දේශපාලන සත්ත්වයෙක්.

      ලියන්ඩ දේවල්ද නැත්තෙ. ඔටුවට නං නිකං ඉන්න බැරි වෙයි පුතෝ...හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කිව්වලු.
      සෙස්ස පස්සටලු.

      Delete
    9. arugeadaviya ට, ඔටුවා බලා ඉන්නෙ කිසිම උත්සවයක් කඩාකප්පල් වෙන තුරුය කීම වැරදි තක්සේරුවක්. හැම උත්සවයක්ම සාර්ථක වෙලා ජහමනයාට සෙතක්, විනොදයක්, තෘප්තියක් ලැබෙනව නං ඔටුවට ඊට වඩා දෙයක් නෑ ඕං.
      ඔටුව මෙච්චර කෑ මොර දෙන්නෙ කාසි වියදං වුණාට කල්ලියක පවුල් කීපයකට විතරක් සෙතක්, විනොදයක්, තෘප්තියක් ලැබෙන බව පේන හංදයි බොලං.

      Delete
  2. චන්දිම නිරෝෂන්14:31

    මට නං හිතෙන්නෙ මත පළ කිරීම අපි ප්‍රශ්නයක් කරගන්න ඕනෙ නෑ.
    හැමෝටම තම තමන්ගෙ මතයක් තිබීම වැදගත්.
    මම සතිපතා ඔටුකතා කියවන්නෙම ඔටුවගෙ අදහස් මත දැනගන්නමයි.
    මම ඒවට ගෙඩි පිටින් එහෙයි කියනවද කියන එක වෙනම කතාවක්.

    මම නං කියන්නෙ ඔටුවෝ නොසැලී දිගටම ලියහං....
    ගල් මුල් එයි. නොසැලියං.

    ReplyDelete
    Replies
    1. නොසැලෙමි. දිගටම ලියමි.
      ඒ වගේම තව ටික කලකින් විරාමයක් ගන්නට අදහස් කරමි.

      Delete
  3. අපේ සහෝදර පිරිසට මගෙන් සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ළමයිනේ.....

      Delete
  4. මේ මචෝ උඹ ඉන්නේ කොයි රටේද හැබෑට? සුදේෂ් ගැන කිව්වම හිතුනා බහරේන්ද කියලත්.

    අපේ ඉන්දික උපසාන්ත මහත්තයා යෝජනා කොරනවා ඔටු දේස වල අයගේ බ්ලොග් ගෙට්ටුවක් ඩුබායි නගරේ තියමු කියලා මොකෝ කියන්නේ?

    අහ් පෝස්ට් එක ගැන කියනවනම් එක එක කන්ඩායම් වැඩ කරන්නේ එක එක විදිහටනේ . .. මහා පරිමාන ගැටුම් නැතුව තරඟකාරීත්වයකින් වැඩ කරනවනම් බෙනිෆිට් එක එන්නේ සමාජිකයින්ට හෝ ඒ රටවල ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට නිසා කන්ඩායම් අතරේ තරඟකාරීත්වයක් තියෙන එකේ නරකක් නෑ කියලයි මට නම් හිතෙන්නේ

    ReplyDelete
  5. දුකා....ඉන්න රට ගැන පස්සෙ දවසක දැනගන්න ලැබෙයි.
    මේ ඔටුකතාව ඔටුවට විද්‍යුත් තැපෑලෙන්, ෆේස්බුක් එකෙන් විතරක් නොවෙයි වයිබර් තාක්ෂණේටත් පිං සිද්ධ වෙන්න හත් ගව්වක් ඈත ඉඳල වුණත් ලැබුණු ඇමතුමෙන් දැන ගත්තු කයිකතන්දරයක් කියල මුලදිම කිව්වනෙ.
    පට්ට අදහසක් නොවැ දුකා.....තමුන්නැහෙ ඉන්නෙ ඩුබායි විත්තිය මං නොදන්නවයැ.
    ගෙට්ටුව සංවිධානය කරමුකො එහෙනං. ඔටුදෙනවත් කැන්දංම එන්න බැරිවයැ.

    කණ්ඩායම් අතරේ තරඟකාරීත්වයක් තියෙන එකේ නරකක් නෑ නොවෙන්නං. මෙතන වැඩේ තරඟෙ නෙමේ බොලල්ලා...එක කට්ටියක් සාමාන්‍ය මිනිස්සුන්ට සේවය සලසන කොට රවේ නම අයිති කොරං මහ නිලමෙගෙන් වරදාන ගන්න කට්ටිය වෙනම පැලැන්තියක් හදාගෙන චොකා බයිල නටමින් තමන්ටම කොරගන්න එක නොවැ.

    ReplyDelete
    Replies
    1. දුකාගේ දැනගැනීම පිණිස පසුව ලියමි.
      ඉන්දික ඔටුවත් ඔටු පැටිය එක්ක අවුරුදු උත්සවේට ගොඩවැදුණ කියල අර තොරතුරු දුන්න ගොයිය මේ දැං වයිබර් මගින් කතා කරල කිව්ව ඕං.

      Delete
    2. ඉන්න දිහාව ඕන් දැන ගත්තා . .

      "වැඩේ තරඟෙ නෙමේ බොලල්ලා...එක කට්ටියක් සාමාන්‍ය මිනිස්සුන්ට සේවය සලසන කොට රවේ නම අයිති කොරං මහ නිලමෙගෙන් වරදාන ගන්න කට්ටිය වෙනම පැලැන්තියක් හදාගෙන චොකා බයිල නටමින් තමන්ටම කොරගන්න එක නොවැ."

      අහ් සමහර රටවල්වල ඔය සීන් එක වෙනවා බන් . . තමන්ට හැකි පමනින් අවාධාරණයට එරෙහි වෙන්න ඕන මම එකෙන්ම එකඟයි මචෝ . .

      Delete
  6. සිහින කුමාරි20:17

    මං ඉන්න රටෙත් අවුරුදු උත්සවයක් පැවැත්වුවා පහු ගිය සතියේ. ඒත් ඔය වගේම තමයි. අනේ මන්දා මේ මිනිස්සු රස්සාව කරන්න ආව නම් රස්සාව කර ගන්නේ නැතිව පිල් බෙදිල කරන මේ මහ විකාර නිසා බලන්න යන්නවත් හිතෙන්නෙ නැහැ.
    මට නම් හිතෙන්නේ ලංකාවෙදි මේ අය මරණාධාර සමිතියකවත් ඉදලා නෑ වගෙයි. ඒකනේ බලයට මෙච්චර ආසා කරන්නේ.
    කොහොමින් කොහොම හරි ඔටුවටත් ලැබෙන්නේ මාර ආරංචි තමයි.
    ශ්‍රී ලංකාකියන් වෙච්චි අපි එකම පවුලක ඈයෝ කියල හිතල වැඩ කෙරුවොත් නම් මේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. සිහින කුමාරියේ.......
      මේ අය ලංකාවෙදි මරණාධාර සමිතියකවත් ඉදලා නෑ වගෙයි විතරක් නොවෙයි මහිලා සමිතියකවත් ඉඳල නැතිවට මෙන්න කැට....!

      Delete
    2. "මේ අය ලංකාවෙදි මරණාධාර සමිතියකවත් ඉදලා නෑ වගෙයි විතරක් නොවෙයි මහිලා සමිතියකවත් ඉඳල නැතිවට මෙන්න කැට....!"

      හෙ හෙ හේ . . මෙහේ ත් එක සමිතියක ඔය වගේ සීන් එකක් ගිහින් මෙන්න මේ කතාමයි කස්ටියක් කිව්වේ හෙ හෙ හේ

      Delete
    3. මෙහෙත් හරි වැස්ස....එහෙත් හෙම වෙද්ද...
      හැම තැනම ඔය වගේ වෙනව කියන්නෙ ඔටුකතාව සර්වකාලීනයි, සර්ව භෞමිකයි....

      Delete
  7. රතු මාමා16:56

    අප්පද බොල.....ඔටුව පේන දකිනව වගේ කිව්ව දේ ඔය පෝස්ටරෙන්ම ඹප්පු වෙන්නෙ........ඔය උත්සවේ කරන්න යන කට්ටිය වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහිං නැද්ද මන්දා...සහන් රංවලට (ලියල තිබ්බෙ නං රන්වල කියල) පව් අනේ.

    ReplyDelete
  8. ඔටුවට බොරු කරන්න බෑ රතු මාමේ...

    ReplyDelete
  9. නොදන්නාකම නොදැනීම තරම් තවත් ඛේදයක් වේදැයි පසක් කරමින් ක්‍රීඩා සංගමේ ලොක්කා මෙහෙම නිවේදනය කළාලු.

    “එක එක අය කියනව බක් මහ උළෙලක් මැයි මාසෙ තියන්න බෑ කියල. මං කියනව බක් මහ උළෙල අවුරුද්දෙ ඕනැම මාසෙක තියන්න පුළුවනි කියල“

    ඹන්න පුංචි මොලේට තේරෙන තරම.
    සිංහල ක්‍රමේට බක් මාසෙ කියන්නෙ රෝමන් දින දර්ශනයේ අප්‍රේල් මාසෙට.
    ඉතින් බක් මහ උළෙලක් කොහොමද අප්‍රේල් මාසෙ ඇර වෙන මාසෙක තියන්නෙ.

    ඔටුව කියල තිබුන වගේ සෝබනේට “බක්මහ“ කතා නැතිව “අවුරුදු උත්සවේ“ කිව්ව නම් මැයි නොවේ ජුනි මාසෙ වුණත් තියන්න තිබුණ.
    නැත්නම් අඩුම ගානෙ “බක්මහ අවුරුදු උළෙල“ කිව්ව නම් යම්තම් ජාමෙවත් බේරගන්න තිබුණ.

    “පුංචි පැලේ ගස වෙනා.....
    පුංචි මොලේ ගම කනා...

    ReplyDelete
  10. නොදන්නාකම නොදැනීම තරම් තවත් ඛේදයක් වේදැයි පසක් කරමින් ක්‍රීඩා සංගමේ ලොක්කා මෙහෙම නිවේදනය කළාලු.

    “එක එක අය කියනව බක් මහ උළෙලක් මැයි මාසෙ තියන්න බෑ කියල. මං කියනව බක් මහ උළෙල අවුරුද්දෙ ඕනැම මාසෙක තියන්න පුළුවනි කියල“

    ඹන්න පුංචි මොලේට තේරෙන තරම.
    සිංහල ක්‍රමේට බක් මාසෙ කියන්නෙ රෝමන් දින දර්ශනයේ අප්‍රේල් මාසෙට.
    ඉතින් බක් මහ උළෙලක් කොහොමද අප්‍රේල් මාසෙ ඇර වෙන මාසෙක තියන්නෙ.

    ඔටුව කියල තිබුන වගේ සෝබනේට “බක්මහ“ කතා නැතිව “අවුරුදු උත්සවේ“ කිව්ව නම් මැයි නොවේ ජුනි මාසෙ වුණත් තියන්න තිබුණ.
    නැත්නම් අඩුම ගානෙ “බක්මහ අවුරුදු උළෙල“ කිව්ව නම් යම්තම් ජාමෙවත් බේරගන්න තිබුණ.

    “පුංචි පැලේ ගස වෙනා.....
    පුංචි මොලේ ගම කනා...

    ReplyDelete
  11. එන්න ප්‍රමාද උනානෙ. මෙතන ඔටුවට දීපු ඔත්තුවෙ අඩුපාඩු තීනව.

    මොකද ඔය කිව්වට බුදෙය්ය උස්සවෙත් කාන්තා කඹ ඇදිල්ලෙ එහෙම පොඩි කෙස්වලු පටලගන්න වගේ නොගියම නෙවෙයි. අනික මට හිතුනෙ තරඟ ටික පිළිවෙලකට සංවිධානය කරල අදාල තැන් හරියට පැහැදිලි කරල තිබ්බ මදි වගේ කියල.

    සමස්ථයක් වශයෙන් ගත්තම සතුටු වෙන්න පුලුවන් මට්ටමක තිබුන තමයි වෙනද දකින විකාර වලට වඩා. ඒත් තව යන්න දුර බොහොමයි.

    ඔටුව දන්නෙ නෑ වෙන්ඨ මෙහෙ අපේ ලොකු උන්නන්සෙ ඇවිත් ගිය දා හරි හරි වැඩ වෙලා ටීනවලු. අපි ඉතින් ඔව්වට නොයන කල්ලියෙ නිසා හරියටම දන්නෙ නෑ, ඒත් හොයල බලන්න ඔය ඔත්තුකාරයන්ට කතා කරල ( නැත්තන් මූණු පොත පැත්තෙ එන්න ).

    ReplyDelete
  12. ඔටුව දැහින් නොදැක ලැබුණ විස්තරේ ලිව්ව නිසා අඩුපාඩු ඇත්නම් නිවැරදි කරන මෙන් ඉල්ලනවා.

    මොනාද අප්පා සිද්ධ වුණාය කියන ඔය හරි හරි වැඩ...?

    ReplyDelete