Pages

Saturday, 19 July 2014

'රටවිරුවන් ' කියා අන්ද අන්ද විදෙස් ශ්‍රමිකයන්ගෙන් කප්පං ගන්නා රටකරවන්නෝ.....


'රටවිරුවන් ' කියා අන්ද අන්ද 
විදෙස් ශ්‍රමිකයන් ගෙන් කප්පං ගන්නා 
අපූරු ඩබල....
(විශ්‍රාම වැටුප් දෙන්න කලින් රට යනකොට 
බලහත්කාරයෙන් මංකොල්ල කෑම නවතනු...!)

සිරි ලංකාවෙ ආර්ථිකය වැඩිවශයෙන් රඳා පවතින්නෙ මැද පෙරදිග ඇතුළු විදෙස් රටවල් රාශියක රැකියා සඳහා රටින් පිටව ගොස් ඇති ශ්‍රමිකයන් උපයන ආදායමින්.

2013 වසර තුළ රුපියල් කෝටි අසූදහසකට ආසන්න වාර්තාගත ආදායමක් රටට ලැබී තිබෙනව. 
2012 වසරේ දී විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ආදායම රුපියල් කෝටි හැටඅටදහස් දෙසීයක් පමණ වෙනව. 
2011 වර්ෂයේ එම ආදායම රුපියල් කෝටි පනස්දහසක්. 
2010 වර්ෂයේ රුපියල් කෝටි හතළිස්දහසක්. 

කොහොමද වැඩේ. 

ටම ජොලි කරන්නෙ වැඩි වශයෙන් සිරි ලංකාවෙ කාන්තාවො දහදුක් විඳල, කඹුරල, ඇට මස් ලේ පූජා කරල හරිහම්බ කරන සොච්චං මුදලෙන්.

තනි තනිව ගත්තම මුදල සොච්චං වුණාට රටක් විදිහට ගත්තම විශාල මුදලක් බවට පත් වෙන්නෙ ඒ දශලක්ෂ ගාණක් ශ්‍රමිකයින් රට රටවල දුක් විඳින හංද නොවෙන්නං.

මෙතරම් විශාල ආදායමක් ලැබීම ගැන අදහස් දක්වන මහ බැංකුවේ හිටපු ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂවරයෙක් පත්තරේකට කියා සිටින්නේ රණවිරුවන් තිස් වසරක් පැවැති යුද්ධයෙන් රට ගලවා ගත්තා මෙන්ම විදෙස්ගත ශ්‍රමික 'රටවිරුවන්' මෙරට ආර්ථිකය ගොඩනගමින් රටට වැඩිම ආදායමක් ලබාදී ආර්ථික යුද්ධයෙන් රට ගලවා ගන්නා බවයි.

'රටවිරුවන්' කියල පට්ටං දුන්නට මේ උදවියට ආංඩුව සලකන්නෙ අන්තිම පහත් විදිහට.

මොනාත් ඕනෙ නෑ. ඔය ඉහළින් තියෙන දැන්වීම කියෙව්වම තේරෙනව පිට රටවල රස්සාවට එන ඇත්තන්ව, ඇත්තියන්ව නොහොමද ආංඩුව සූරාකන්නෙ කියල.

කප්පං ගන්නෙ කියල.

මේ කපපං ගත්තට රටයන ඇත්තන්ට ලැබෙන කෙං ගෙඩියක් නෑ. 
ප්‍රතිලාභයක් නෑ.

අඩුම තරමෙ කරදරේකදි හොයල බලන්නෙවත් නෑ.

පත්කොරල ඉන්න නිළමෙලත් වෙන වෙන ජවුසං නටනව මිසක්කා මේ ශ්‍රමිකයින් දිහා ඇහැක් ඇරල බකන්නෙ නෑ. තමන් ඉහළ මට්ටමේ පඩිනඩි අරං යෙහෙන් වැජඹෙන්නෙ මේ ශ්‍රමිකයන්ට පිං සිද්ධ වෙන්න නේද කියල නිලධාරීන්ට නිකමටවත් හිතෙන්නෙ නෑ....

මේව ගැන නං මොනවට අටුවා ටීකාද...

ඔය පත්තරවල හැමදාම කියවන්න ලැබෙන්නෙ.

මෑතක් වෙන කල් මේ සල්ලි ගුවන් තොටුපොළේදි ගෙවන්න පහසුකං සලසල තිබුණ.

දැං ඒකත් නවත්තල විදේශ සේවා කාර්යංශෙ තියෙන තැනක් හොයාගෙන යන්න වෙලා.

යන්තං අවුරුද්දකට දෙකකට පස්සෙ නිවාඩුවකට ගියාම පලයල්ලකො මුංගෙ රැස්පොට් බලන්න.

මේ සල්ලි ගෙවන්න විදේශ සේවා කාර්යංශෙට ගියාම ලකන්නෙත් 

බල්ලන්ට වගේ...මහම මහ කරදරකාරයන්ට 

වගේ...කියල ළඟදි සිරි ලංකාවට ගෙහුං ආව සෙරන්ඩ්බ්ඔටුවගෙ මිත්‍රයෙක් කිව්ව ඕං....

මේ කප්පං පිදීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියල පිළිගැනීමේ යෙදිල ඉන්න මානවිකාවකගෙන් අපේ මිත්‍රය ඇහුවම උන්දැ තුෂ්නිම්භූත වෙලා වගේ බලං ඉඳල කිව්වලු අනේ එහෙම දෙයක් ගැන නං මං දන්නෙ නෑ කියල...

මිත්‍රය කටපියා ගෙන සල්ලි ගෙවල එන්න ආවලු. නැත්තං මුං ටික එයාර් පෝර්ට් එකේ රැකං ඉඳල රට යන්න දෙන්නෙ නැතිව කුදලගන්නවනෙ.
ඔටුවත් ළඟදිම සෙරන්ඩ්බ් දේසෙ පැත්තෙ නිවාඩුවකට යන හංද ඔය විදේශ සේවා

 එකේ පිං බතාලට කණේ ඇඟිලි ගහගන්න කියල එන්නයි හිතං ඉන්නෙ...

අනේ හැබෑටම ආංඩු කරන එකාලට ලැජ්ජාවක් නැති හැටි බොලල්ලා....



'රටවිරුවන්' බාර ඇමැත්තයා       'රටවිරුවන්' බාර  සබාපතියා                          



-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා


14 comments:

  1. මටත් තේරෙන්නේ නැත්තේ මේ විදේශ සේවා කාර්යංශය සල්ලි ලබා ගන්නේ ඇයි කියන එක ගැන. ඔය කියන විදියට යහපතක් එව්ච්ච කිහිප දෙනෙක්වත් ඉන්නවද? ඒ විතරක් නම් කමක් නෑ ඒ ගැන මීඩියා වල ඇඩ්වටයිසින් කරනවා වෙන්න ඔය ලබාගනන් මුදල් වලින් වැඩි කොටසක්ම ගෙවලා.
    තානාපති කාර්යාල නිළදාරින් ගැන නම් මොන කතාද? ඔවුන් හිතන් ඉන්නේ සේවයට වඩා කීයක් හරි වැඩි පුර හොයා ගැනීමයි අහිංසක මිනිස්සුන්ට තමන්ගේ ලොකුකම පෙන්වන්නයි විතරයි.

    ReplyDelete
    Replies
    1. කාටවත් තේරෙන්නෙ නෑ තමයි. මේ සූරා කෑමට විරැද්ධ වෙන්නෙ නැත්තෙ ඇයි. “රාවය“ පත්තරේ නං ටික කලකට ඉස්සර ලිපි කීපයක් ගියා. ඒත් හැමෝම කරබාගෙන දොල පිදේනිය පිනට ගෙවල එනව.
      කාර්යාංශෙ උන්දැලට බෝනස් පිට බෝනස්...

      Delete
  2. මෙක කියන්න තියෙන්නෙ මෙක සිරි ලංකාව නේ කියලා විතරයි ,හිරිකිතයි

    ReplyDelete
    Replies
    1. හිරිකිතයි, කැතයි, ලැජ්ජයි, අශික්ෂිතයි,

      Delete
  3. මෙහෙම සල්ලි ගෙවන්න ඕනෑ බව මා දැන ගත්තේ අදයි.

    අනික මුලින්ම රට රැකියවකට යන අයෙකුට මෙය සෑහෙන මුදලක් නේද?

    රට පාලනය කරන ආණ්ඩුවේ මූලිකම වගකීම තමන් ගේ රටවැසියන්ව රටේදීත්, එතෙරදීත් ආරක්‍ෂා කිරීමයි.

    මේ කාරණය ආණ්ඩුව අමතක කිරීම එකක්.

    ජනතාව නොදැන සිටීම තමයි මහාම අභාග්‍යය!

    ReplyDelete
    Replies
    1. යුරෝපයෙ ඉන්න උදවියට මේ තහංචි නෑ....මැදපෙරදිග අරාබියන්ට කඹුරන ඔටුවන්ගෙ රීරි මාංසෙ තමයි මේ හැත්ත උරා බොන්නෙ...

      Delete
  4. මේකනං මහ කාලකන්නි වධයක්. මුන් මෙහෙම කිව්වට එක පාරක් හරි ( අවුරුදු දෙහෙකට පාරක් නෙ ඔය සල්ලි ගෙවන්න ඕන ) ලැප්ස් වෙලා තිබ්බොත් රුපියල් විසිදාස් ගානක් දීල මුද්දර ගහ ගන්න ඕන. අපේ මලයට පහුගිය මාසෙ එද්දි ඔය වැඩේ වෙලා තිබ්බ. මිනිහ කියනව එතන හිටියලු සල්ලි ගෙවාගන්න නැති අසරණ මනුස්සයෙක්. මිනිහ වැඳල වගේ කිව්වලු අද නොගියොත් මගෙ ජොබ් එකත් නැති වෙයි කියල. අරුන් කියන්වලු සල්ලි නැත්තන් යන්න බෑ, නීතිය ඒකයි, ජොබ් එක නැතිවෙන එක අපේ ප්‍රශ්නයක් නෙමෙයි කියල.

    තව පාරක් අපේ ගෙදරට ගෙන්නගත්තු හවුස් මේඩ් එයාර්පෝට් එකේදි ගෙවන්න ඔය දැන්වීමෙ විදියට අට දාහක් අරන් ආවම මුන් කියල එහෙම බෑ, දහ අට දාස් ගානක් ගාන, ඔක්කොම ගෙවන්න කියල. මේ මනුස්සය ගාව තියා එක්ක ආපු උන් ගාවවත් සල්ලි තිබිල නෑ. ඒ වෙලාවෙ ලංකාවෙ වෙලාව දහයට විතර රෑ.මෙහෙ දොළහ මාරයි. මට කතා කරාම, මම අපේ පොඩි මල්ලිට කතා කරල, මිනිහගෙ යාලුවෙක් ඉන්නව වත්තල ඌව නැගිට්ටවල එහෙට අර මිනිස්සු ආයි යවල රෑ ඒ ටී එම් එහෙකින් සල්ලි අරන් ඇවිත් ගෙවල ආවෙ.

    මේ පාර එනකොට මගෙන් ඔය කප්පන් ඇන්ටිල ඇහුවෙ නෑ. ඒත් කස්ටම් ඔපිසරය එමිග්‍රේෂන් එකේදි අහනව ඔයාට ඒ බදු ගෙවන්න ඕනෙ නැද්ද කියල. මම කිව්ව නෑ, මට රෙසිඩන්ට් පර්මිට් තීන්නෙ වර්ක් පර්මිට් නෙමෙයි, ඒ නිසා බදු ගෙවන්නෙ නෑ කියල. උන් ඔක්කොම ඉන්නෙ රට ඉඳන් එන උන්ගෙන් කීයක් හරි හූරගන්නම තමයි.

    ReplyDelete
    Replies
    1. අම්මපා....ඉන්දික ළමයො....බයක් හැකක් නැතිව කොහොම ආවද...
      කප්පන් ඇන්ටිලට අහු වුණා නං ඉතිං සෙට් එකත් නැතිව තමයි එන්න වෙන්නෙ....
      කොන්ද කෙලින් කරං ඉස්සරහ බලාගෙන ටිකක් තද ගතියට එන හංදද කොහෙද ඔටුවගෙනුත් ඇන්ටිල අහන්න බයයි.
      හැබැයි පුතෝ මේ වතාවෙ ගියාම නං ගෙවලම එනව....නැත්තං වෙන්නෙ ඇන්ටිලට කියල කිරිපල්ල අතගා ගන්නයි.

      Delete
  5. Anonymous17:46

    මෑතක් වෙන කල් මේ සල්ලි ගුවන් තොටුපොළේදි ගෙවන්න පහසුකං සලසල තිබුණ.
    දැං ඒකත් නවත්තල විදේශ සේවා කාර්යංශෙ තියෙන තැනක් හොයාගෙන යන්න වෙලා.

    ඒ කියන්නේ ගෙවලා තිබුනේ නැතිනම් එදා යන්න වෙන්නේ නැද්ද? මම පුරුද්දක් විදියට කරන්නේ Airport එකේදි check කලොත් විතරක් එතෙන්ට ගෙවනවා. දැන් එහෙම කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ...ඉවරෙටම ඉවරයි... අල්ලගත්තොත් රට ගිහිං හමාරයි..
      එහෙම්මම හරවල ගෙදර යවනව...විදේශ සේවා කාර්යංශෙ තියෙන තැනක් හොයාගෙන සල්ලි බැඳල එන්න කියල...ආයෙම ටිකැට්ටුවකුත් ගන්න වෙයි...
      හරිම ජංජාලෙ තමයි....
      ඔන්න “රට විරුවන්ට“ සලකන විදිහ....
      හැබැයි පුතෝ check කළොත් විතරයි. පහුගියදා ඔටුවගෙ මිත්‍රයෙක් බයටම සල්ලි ගෙවල ආවලු..හැබැයි check කරල නෑ. ඒ වගේම නොදැනුවත්කොමට නොගෙව ආව ඇත්තියක්ව අඬ අඬ විලාප තියද්දිත් හරවල ඇරියලු ඕං...

      Delete
    2. ඒ කියන්නේ මේක අනිවාර්ය ටැක්ස් එකක් නැතිනම් අනිවාර්යෙන්ම ගන්න ඕනෑ ඉන්ෂුවරන්ස් එකක් වගේ එකක්. නිකං ඔප්ෂනල් ලියාපදිංචි වීමක් නොවෙයි? බුදු සන්තෝ!

      Delete
    3. අනිවාර්යෙන්ම ගෙවන්න ඕනෙමයි.
      මුංගෙ තියෙන බලුකොම කියන්නෙ කතන්දරකාරයෝ මේකෙන් වැඩියෙන්ම කෙලවෙන්නෙ මැදපෙරදිග ගිනිගහන වාලුකා කාන්තාරෙ දුක් මහන්සියෙන් හරි හම්බ කරන ගෘහ සේවිකා සහෝදරියන්ටයි.
      අනෙක රටට වැඩියෙන්ම විදේශ විනිමය හොයල දෙන්නෙත් මේ උදවිය.
      ඉතිං වටිනවද මං අහන්නෙ මේ විදිහට සූරා කන්න.
      හැබැයි යුරෝපයෙ රස්සාව කරන අයට මේ මොනාත් නෑ.අගේට එයාර්පෝර්ට් එකෙන් චුත වෙලා යනව.

      Delete
  6. රට‍ගිය ඇත්තන්ගෙ පවුල් වල අයට නිවාස ණය වැඩසටහන් ළමයින්ට ශිෂ්‍යත්ව වැඩසටහන් ආදිය තියනව. ඒකෙ අවුලක් නෑ. නමුත් ඔටුව කියනව වගේ මේව වෙන්න ඕන ඒ මිනිස්සු උපයන මුදලින් ලැබෙන වක්‍ර බදු වලින් මිසක් මේවගේ ගසාකෑම් කප්පම් හරහා නෙවේ. අර මුදල් ගැන විස්තරේ දැනගත්තෙ නං දැං. ඇත්තටම ඒක මංකොල්ලයක් තමයි.

    ReplyDelete
    Replies
    1. // මේව වෙන්න ඕන ඒ මිනිස්සු උපයන මුදලින් ලැබෙන වක්‍ර බදු වලින් මිසක් මේවගේ ගසාකෑම් කප්පම් හරහා නෙවේ.//
      මුංට තේරෙන්නෙ නැද්ද...තේරෙන්නෙ නෑ වගේ ඉන්නවද මංදා රාජ් ළමයා්...

      Delete