Pages

Monday, 4 August 2014

අතින් හෙලුව වසා ලෝකයා අබියස කස්‌තිරම් ඇල්ලීම


මානයේ තානාපතිවරයා වසර විසි දෙකක 

සේවා කාලයක්‌ සහිත විදේශ සේවයේ 

පළමු ශ්‍රේණියේ නිලධාරියෙකි. 

ඕමානය තුළ ඔහුගේ ධුර කාලය නිමා වන්නට තිබුණේ 

2014 අගෝස්‌තු 31 වැනිදාය. 

එසේ තිබියදී වහාම ක්‍රියාත්මක වන පරිදි 

හෙතෙම කොළඹට ගෙන්වන්නේය. 

මේ කැඳවීම සිදු වු බව විදේශ

අමාත්‍යංශය තහවුරු කරන්නේය.

තානාපතිවරයෙක්‌ විදේශයක සේවය කරන්නේ සිය රටේ සම්භාවනීය

නියෝජනය ලෙසය. එබැවින්ම රටේත් තානාපති වෘත්තියේත් 

ගෞරවය රක්‌ෂා කරනු සඳහා පිළිගත් සම්ප්‍රදායන් තිබේ. අනුදත්

සම්ප්‍රදායානුකූලව ඉතා කෙටි දැනුම් දීමකින් තානාපතිවරයෙක්‌ ඉවත්

කරනු ලබන්නේ විශේෂ අවස්‌ථාවලදීය. 

සේවය කරන රටේ යුද්ධයක්‌ පවතින අවස්‌ථාවක එම තානාපතිවරයාට

ජීවිත තර්ජන ඇත්නම්, අදාළ තානාපතිවරයා නොපිළිගන්නා 

පුද්ගලයෙක්‌ ලෙස ඔහු සේවය කරනු ලබනා රට විසින් නම් කර 

ඇත්නම්, සහ දෙරට අතර අර්බුදයක්‌ නිර්මාණය වී ඇත්නම් මේ 

ආකාරයෙන් කෙටි දැනුම් දීමකින් අනතුරුව තානාපතිවරු ස්‌වකීය මවු

රට වලට කැඳවුම් ලැබු අවස්‌ථා ඉතිහාසයේ පැවතිනි. එසේ නොමැති

විටෙක මව් රටට කැඳවුම් කරන තානාපතිවරයෙකුට ස්‌වකීය වෘත්තීමය

පරිසරය තුළ වන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයන් අනුගමනය කිරීමට

වටපිටාව සකස්‌ කරදීම සඳහා අඩුම තරමින් මාස දෙකකට හෝ

තුනකට පෙර ඒ පිළිබඳව දැනුම් දෙනු ලැබේ.


ඕමානයේ යුද්දයක්‌ නැත. ලංකාව හා ඕමානය අතර රාජ්‍ය තාන්ත්‍රික 

අර්බුදයකුත් නැත. තානාපතිවරයා පිළිබඳ ඕමාන රජයෙන් 

චෝදනාවකුත් නැත. එහෙත් ඕමානයේ රජතුමා හමු වී

තමන්ව ලංකාවට කැඳවූ බව කියන්නටවත් වෙලාවක්‌ ඉතිරි නොකර, 

බරපතළ අපරාධකාරයෙක්‌ කළ තැනැත්තෙක්‌ සේ ඔහු

ලංකාවට ගෙන්වන්නේය. මේ කැඳවීම පිටුපස රටක්‌ වශයෙන් නෑසිය

යුතු කතාවක්‌ ඇති බව අපට කියන්නේ ඕමානයේ වෙසෙන ශ්‍රී 

ලාංකිකයන්ය. වාර්තා වන ආකාරයට ඒ කතාව මෙසේය.

වාර්තා වන ආකාරය

ඕමාන ජාතික හාම්පුතෙකු යටතේ පසුගිය ජනවාරියේ සිට සේවය කළ
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක්‌ ඔහුගෙන් දූෂණය වන්නේය. දූෂණය 
වීමෙන් අනතුරුව ගැබ්ගත් මෙම කාන්තාව තානාපති කාර්යාලය 
භාරයේ ඇති ආරක්‌ෂිත නිවසේ රඳවා සිටින්නීය.

මේ අතර උක්‌ත කාන්තාව බලහත්කාරයෙන් ගබ්සාවකට ලක්‌ කිරීම 
සඳහා තානාපති කාර්යාලයේ කම්කරු නිලධාරීන් හා එක්‌ වු 
කාන්තාවගේ හාම්පුතා කටයුතු කර තිබුණ බවට රාවයක්‌ පැතිර 
යන්නේය. 

අනතුරුව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන මේ කාන්තාව වෛද්‍ය 
පරීක්‌ෂණයක්‌ සඳහා යොමු කරන විට ඇගේ ගමන් බලපත්‍ර රැගෙන
වෙනත් කාන්තාවක්‌ ඇය වෙනුවෙන් පරීක්‌ෂණයට යොමු කිරීමට 
සැලසුම් කළ බව පැවසෙන්නේය. මේ සාහසික අපරාධය පිළිබඳව
මැදිහත් පරීක්‌ෂණයක්‌ පවැත්වීමට ඕමාන තානාපතිවරයා කටයුතු කළ 
බව කියැවුණේය. 

ඒ සමගම ඕමානයේ රජයට මේ ගැන දැනුම් දී ඕමානය පාර්ශවයෙන් 
විශේෂ පරීක්‌ෂණයක්‌ පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන්නේය. 

ඕමානය තුළ ගබ්සාව මරණීය දණ්‌ඩනය හිමිවිය යුතු වරදකි. 

මෙවැනි අපරාධයක්‌ සිදුවී ඇති බව ඔප්පු වුවහොත් ඒ අපරාධකරුවන්ට 
මරණයෙන් බේරෙන්නට ඉඩක්‌ නොවේ. 




මේ කටයුතු සිදුවෙමින් පැවතෙද්දී ඕමාන 

තානාපතිවරයා වහාම ක්‍රියාත්මක වන 

පරිදි කොළඹට කැඳවන්නේය.

මේ පිළිබඳව මැදහත් පරීක්‌ෂණයක්‌ කරන්නට යන 

තානාපතිවරයා අපරාධකාරයෙක්‌ සේ වහා ක්‍රියාත්මක

වන පරිදි සිය රටට ගෙන්වන්නේය. 

විදේශසේවා නියුක්‌ති කාර්යාංශයේ කතාව

විදේශසේවා නියුක්‌තික කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ 
එම ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණියය. මංගල 
රන්දෙණියට අනුව මේ කතාව පට්‌ටපල් බොරුවකි. ඕමානයේ කම්කරු
නිලධාරීන් කිසිම වරදක්‌ කර නැත. කොටින්ම මෙවැනි කිසිම සිදුවීමක්‌
සිදුවී නැත. මේ ගසන්නේ පට්‌ට මඩකි. මේ සිද්ධිය ඇත්තක්‌ නම් එය 
ඔප්පු කරන ලෙස මංගල රන්දෙණිය ඕමාන තානාපති අශෝක 
ගිරිහාගමට අභියෝග කරයි. තානාපතිවරයා ලංකාවට එවීමට හේතුව 
විදේශ ලේකම්වරියගෙන් දැනගන්නා ලෙස උපදෙස්‌ දෙයි. අනතුරුව
මේ පට්‌ටපල් බොරු මාධ්‍ය ඔස්‌සේ වාර්තා නොකරන ලෙසත්, එසේ 
වාර්තා කළ විට විනාශ වන්නේ මේ සිද්ධියට මුහුණ දුන්නායැයි කියන
කාන්තාවගේ ජීවිතය බවත් හේ අපට පැහැදිලි කර දෙයි.

පසුගියදා රූපවාහිනී නාලිකාවකට සිදුවීම ගැන ප්‍රකාශයක්‌ කරන මංගල
රන්දෙණිය මෙවැනි සිදුවීමක්‌ නොවු බවට එම කාන්තාව ලිඛිතව ප්‍රකාශ
කර ඇතැයි පවසයි. මංගල රන්දෙණිය එසේ කියන විට මෙම 
කාන්තාවගේ සැමියා කියන්නේ තම බිරිඳගේ ජීවිතය අනාරක්‌ෂිත
බවය. තානාපති වරයා ලංකාවට පැමිණි පසු ඒ ජීවිත අවදානම ඉහළ 
යන වගය. මේ වන විට තමන්ටත් මරණ තර්ජන තිබෙන බවය. 
තානාපතිවරයෙක්‌ ඉවත් කළ හැකි බලයක්‌ සහිත ප්‍රශ්නයකට මැදිහත් වී
එම ප්‍රශ්න සහගත අපරාධය කළ බවට විශ්වාස කරන පිරිසක්‌ අතර 
හුදකලා වන අසරණ ගැහැනියකගේ ලිඛිත ප්‍රකාශ ගැන කියවෙන
තා ඇසෙන විට අපට දුක හිතේ.

මැදපෙරදිගදී මෙවැනි සිදුවීම් සිදුවන්නට හැකි ඉඩකඩ 

පිළිබඳ ඉතිහාසයක්‌ තිබේ. 




අසරණ ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිසරණක්‌ 

නොමැතිව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 

ආරක්‌ෂිත නිවාසවලට පැමිණි විට ඔවුන් ගණිකා

වෘත්තියේ යෙදවු, බලහත්කාරයෙන් අඹුකමට

තියාගත්, කාලකණ්‌ණි කතා අපට අලුත් නැත. 

මීට දෙසතියකට පෙරලෙබනනයේදී මිනීමැරුම් චෝදනාවකට 
වරදකරු වන කාන්තාවකගෙන් ලිංගික අල්ලස්‌ රැගෙන, ඇය ඉපයු 
සියලු කණකර හා මුදල් පැහැරගෙන ඇයව ලෙබනන් පොලිසියට පාවා
දී තිබුණේ ලෙබනන් තානාපති කාර්යාලයේ කම්කරු
උපදේශකවරයෙකි. 

රටේ අලුත්ම විනිමය උල්පත වු කොරියාවේදී මිය ගිය තරුණයෙකුගේ 
මිනියේ තිබු පවුම් හයක රන් මාලය හා රිදී මුදුව හොරකම් කළ 
තානාපති කාර්යාලයේ නිලධාරීන් ගැන විලි ලජ්ජා නැති කතාව ඇසුවේ
පසුගිය සතියේය. 

පොඩි වෙනසකට ඇත්තේ මෙවැනි අපරාධයක්‌ පිළිබඳ මැදහත් 
පරීක්‌ෂණයක්‌ කරන්නට යන තානාපතිවරයා යළි ලංකාවට කැඳවීම
පමණය. 

අප විමසිය යුත්තේ මෙවැනි අලජ්ජී පරිසරයක්‌ විදේශයන්හි 
ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඇසුරෙහි නිර්මාණය වන්නේ කෙසේද
යන්නය. 

දේශපාලන බත්බැලයින්ගේ පත්වීම් සමග බිඳ වැටුණ මැදපෙරදිග 
තානාපති සේවය සඳහා විදේශ සේවයේ පළපුරුදු නිලධාරීන් එම
රටවලට පත් කර යවන්නේ රටේ ජනාධිපතිවරයාගේ යෝජනාවක්‌ 
ලෙසය. දැන් යළිත් කෙටි දැනුම්දීම්වලින් අනතුරුව තමන් සේවය 
කරමින් සිටින රටින් ලංකාවට ගෙන්වා ගනිමින් සිටින්නේ විදේශ 
සේවයේ පළමු ශ්‍රේණියේ වෘත්තිකයන්ය. අපට පෙනෙන පරිදි මේ
මිනිස්‌සුන්ට සිය වෘත්තිය කරගත නොහැකි සේ තානාපති කාර්යාල 
දේශපාලනීකරණය වී තිබෙන්නේය. ඔවුන්ට හමුවන්නේ තානාපති 
කාර්යාල තුළදී තානාපතිවරයාට පාලනය කරගත නොහැකි, වෙනම 
චක්‍රලේඛවලින් පාලනය වන, දේශපාලන බලපුළුවන්කාරකම සහිත 
වෙනම බලයක්‌ ගොඩනගාගත් විදේශසේවා නියුක්‌ති කාර්යාංශයේ 
නිලධාරීන්ය. ඔවුන් සමග මොනම ආකාරයක හෝ ගැටුමක්‌ ඇතිකර 
ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකාවට පැමිණීමට හේතුවන බව 
පවසන්නේ විදේශ සේවයේ යෙදී සිටිනා පරිණත නිලධාරින්ය. එය 
එක්‌ පැත්තකි.

තවත් ඛෙදවාචකයක්‌ තිබේ. එය සබුද්ධිකව තේරුම් ගත යුතුය. 

විදේශයන්හි ලංකාවේ තානාපති කාර්යාල හා කොන්සල් කාර්යාල 58
ක්‌ වේ. රටේ ප්‍රමාණය ලෝකයට කියන මෙම ආයතනවලින් සියයට 
අසුවක පමණ සිටින්නේ වෘත්තීය විදේශ සේවා නිලධාරීන් නොවේ. 
විදේශ තානාපති සේවය පිළිබඳ අබමල් රේණුවක දැනීමක්‌ නැති
කුණුගඳ ගහන දේශපාලන මුලයන්ගෙන් පහළවුන අබබ්බයන්ය. 

සමහර රටවල තානාපතිවරු වෙදමහත්තුරුය. 

පැරදුණ දේශපාලනඥයෝය. තේ කොළ වෙළෙන්දන්ය.

කනවැන්දුම් වු ඇමති බිරින්දෑවරුන්ය. කුණුමෝල්වල වැඩ කළවුන්ය. 

ලංකාවේ පුරවැසිකම වත් නැති විදේශ රටවල පුරවැසියන්ය. අකීකරු 

ඇමති පුතුන්ය. දේශපාලකයින්ගේ සුකුමාර සහෝදරයින්ය. 

රට ජාත්‍යන්තරය හා ගනුදෙනු කරන්නේ මෙවැනි 

සුන්දර මිනිසුන් සමගය.

ඔල්මොරොන්දම් වු ගංජාකාරයෙකුවත් තමන්ගේ රට

සම්බන්ධව මෙවැනි බිහිසුණු තීන්දු ගනු ඇතැයි අපට

සිතෙන්නේ නැත. 

අප ලෝකයා ඉදිරියේ කස්‌තිරම් අල්ලන්නට 

හදන්නේ අපේ හෙළුව අල්ලෙන් වසාගෙනය. අප

හිතන්නේ ලෝකයට අපේ පිළිකුල් සහගත හෙලුව 

නොපෙනෙන බවය.

(ජානක ලියනාආරච්චි - දිවයින ඉරිදා සංග්‍රහයට 03/ 08 /2014 ලියූ ලිපියෙන් උපුටා ගත් කොටස්  මෙලෙස 

“වාලුකා සිතිවිලි“ වලට එක් කරන්නේ  එහි ඇති කාලීන වැදගත්කම සලකාය. )






(ගයාන් කුමාර වීරසේකර - ලක්බිම ඉරිදා සංග්‍රහයට 03/ 08 /2014 ලියූ ලිපිය ද මෙලෙස 


 එක් කරන්නේ  මේ ප්‍රශ්ණය මාධ්‍යයන් මගින් එළිදරව් කිරීම ඇගයීමටය. )



-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා

10 comments:

  1. ඒ වුනාට යුද්දෙ දින්න නිසා ඕවා සලකන්න ඕනිනැහැ කියලයි මම හිතන්නෙ..

    ReplyDelete
    Replies
    1. ආ....ඇත්තටම යුද්දෙ දිනුව නොවෙන්නං....කට පුක වහ ගනිල්ලා...

      Delete
  2. මෙහෙම දාන එකත් ලොකු දෙයක්.......
    තානාපති සේවය ගැන කතා කරල වැඩක් නැහැ.....
    මැදපෙරදිග වැඩට ආපු අයට වෙන අසාධාරණ වලට සම්පුර්ණයෙන් වග කියන්න ඕන .... අර ඩිලාන් කියන නාරි භක්ෂික පර වේසාව ......
    නීති ගරුක රාජ්‍ය සේවකයකුට හරියට සේවය කරන්න දෙන්නෙ නැහැ .....
    විදේශ සේවය අද හසුරවන්නෙ අර කැසිනෝ ධම්මිකය.......

    ReplyDelete
    Replies
    1. කෙන්ජියෝ......හා...හා...කට...කට...

      Delete
  3. මේවා අපි කිව්වාම ගොඩාක් අයට මල පනිනවා..

    ReplyDelete
    Replies
    1. මල පැන්නත් කරන්න දෙයක් නෑ....ඔහෙ කියල දාමු මාතලන් උන්නැහේ...

      Delete
  4. Anonymous18:04

    කටුනායකදී පොලිසියෙන් කල මිනීමරුමක වගකීම භාරගෙන ඉල්ලා අස්වුණ පොලිස්පති මැදපෙරදිග තානාපතිලා වෙලා එනකොට කට පුක වහගෙන හිටපු උබල දැන් තමයි දෙකොන මුට්ටු වෙලා බෙරිගන් දෙන්නේ. කාන්තාරේ වෙන දේවල් වලට විතරක් පරල වෙන්නේ නැතුව. ලංකාවේ හැම මනුස්සයෙකුටම, ඉස්පිරිතලේදී, ඉස්කෝලෙදි, උසාවියේදී, බස් එකේදී, කන්තෝරුවේදී වෙන හැම අසාධාරනයකටම උබලත් පෙනීහිටිනවා නම් අපිත් කාන්තාරේ එවුන් වෙනුවෙන් පෙනී හිටින්න ලෙස්තියි. එත් කාන්තාරේ උබලට අසාධාරනකම් වෙනකොට විතරක් දෙකොන මුට්ටු වෙලා බෙරිහන් දුන්නට කව්රුවත් එන්නේ නැහැ. එක්කෝ එකවගේ සමාජ අසාධාරණයට මුණ දෙමු, නැතිනම් කල්ලි ගැහිලා එකට අතුගැවිල යමු. බ්ලොග් කාරයෝ ඔක්කොටම එක්කයි මේ ආරාධනාව සහ මතක් කිරීම.

    ReplyDelete
  5. හැබෑව....හැබෑව....බ්ලොග්කාරයෝ ඔක්කොම හිතට ගත්තොත් හොඳයි....තමුන්නැහැල ගැන සමහරුන්ගෙ තක්සේරුව....
    //එක්කෝ එකවගේ සමාජ අසාධාරණයට මුණ දෙමු, නැතිනම් කල්ලි ගැහිලා එකට අතුගෑවිලා යමු. //

    ReplyDelete
  6. අනේ ජනාධිපතිතුමා මේ ගැන දන්නෙ නැතුව ඇති. ඒ උත්තමය දන්නවනං ඔය තානාපති තුමා පහු යවල, ඒ ළමයව අරලිය මන්දරේටම ගෙනල්ල අර ඉන්ඩිජනස් දොස්තර උත්තමයගෙම්ම චැක් අප් එහෙකුත් කරල වන්දියකුත් දීල මෙලාට. ඔය ළමයගෙ මහත්තයට ඕකට සාධරණයක ජනාධිපතිතුමාට නොකියම උනත් කරගන්න තිබ්බ් පදිංචිය කතරගම හරි බදුල්ලෙ හරි උනානං.

    හීනෙං මගෙ රටෙයි නිදියන හැමදාම.....

    ReplyDelete
    Replies
    1. //පදිංචිය කතරගම හරි බදුල්ලෙ හරි උනානං.// අනේ ඉන්දික උන්නැහේ නොතේරෙන කොමටයි අහන්නෙ....මොකක්ද අප්පා ඒ හරුපෙ තේරුම....

      Delete