Pages

Friday, 10 October 2014

හිංගල සිනමාව කම්මුතු වෙන්න යන එක ගැන කාලකණ්ණි සතුටක්.....

සිරිලංකා සිනමාව යනු සිංහල සිනමාව වන තරමට මේ දීපේ හැදෙන්නේ සිංහල භාෂිත චිත්‍රපටිය.

ඉඳහිට එහෙන් මෙහෙන් දමිළ හා ඉංගිරිසි චිත්‍රපට ප්‍රදර්ශනය වුවද වැඩිමනත් පෙන්නන්නේ සිංහල බයස්කෝප්ය.

මුලින්ම ආවේ අල්ලපු රටේ පට්ට ගහන වට්ටෝරුය.
කොල්ලා, කෙල්ල, දුෂ්ටයා ඉන්නා ෆයිට්, සිංදු, කෝලම් මේවායේ අඩුවක් නොවීය. ඒ එක්කම රජකතාද ආවේය. බොහෝ ඒවා හැදුවේද අල්ලපු රටෙන් ආ අද්යක්ෂලාය. රූපගත කළේද චිත්‍රාගාර ඇතුළේමය.



කඩවුණු පොරොන්දු සමග ශ්‍රී වික්‍රම, සීගිරි කාශ්‍යපලා ඒ කාලේ වැහි වැස්සේය.
බොහොමයක් ඒවා අමුම අමු කොපි වූයේය. සිංදුම දහඅටක් විස්සක්, ෆයිට්ම දහයක් පහළොවක්, කොමික්ම හත අටක් මේවායේ තිබුණා පමණක් නොව පොරචාරය කොළේද ඒ මළකෝලං බලන්න එන්න කියාය. ප්‍රේක්ෂක ජනතාව වැල නොකැඩී මේ බයස්කෝප් බලන්න ගියෝය.

ඒ අස්සේ සැඟවුනු පිළිතුර, උමතු විශ්වාසය, කැලෑ හඳ, අයිරාංගනී, දේව විපාකය, හදිසි විවාහය, මෙන්ම කවට අන්දරේලාද වැහිවැස්සේය. කපටි ආරක්ෂකයා එක්ක බංඩා නගරයට ආවේත් මේ කාලේය.


ඊළඟට මාර කඩාකප්පල්කාරයෙක් සිංහල සිනමාවට කඩං පාත් වුණේය.
නම සිංහල නොවුණත් වැඩ පෙන්නන්න පටන් ගත්තේ කැමරාව චිත්‍රාගාරයෙන් එළියට අරගෙනය.


රේඛාවෙන් පටන්ගෙන ගම්පෙරළිය ගෙනෙමින් සිංහල සිනමාවේ පෙරළිකාරයෙක් වුණේය. ඒ පසුපසුසේ කුරුළු බැද්ද, සිකුරු තරුව, සත්සමුදුර ගොඩ ගැලුවේය. තුං මං හන්දිය ආවේය. හන්තානේ කතාව පෙන්නුවේය. ගොලු හදවත, රන් සළු, වෙස්ගත්තෝ, නිම් වළල්ල, වැලිකතර, හාර ලක්ෂෙ මෙන්ම එදා මෙදාතුර සිංහල සිනමාවේ අංක එකට එන නිධානයද දායාද වුණේය.


සිංහල සිනමාවේ දෙවෙනි කඩාකප්පල්කාරයා කඩං පාත් වුණේ එය අව්අස්සේය.


මේ යෝධයා අහස් ගව්ව ගෙනැවිත් සිනමාව පමණක් නොව ප්‍රේක්ෂකයාද හොල්මන් කර දැම්මේය. අන්දමන්ද කළේය. වැඩේ නම් මාරම මාරය.

මේ හාදයා  එයා දැන් ලොකු මේ හාදයා එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ එක්ක පාරදිගේ පෙන්නා බයස්කෝප්කාරයන්ව පාරටම ඇද දැම්මේය.

මේ අව්අස්සේ වෙනින් කවුරුත්ලාද බයස්කෝප් හදන එක නැවැත්තුවේ නං නැත. වට්ටෝරුව පත අට එකට සිඳ ප්‍රේක්ෂක ජනයාගේ පොකැට්ටුවට තට්ටු කරන වැඩේ ජයටම කරගෙන ගියෝය.

අපරාදෙ කියන්න බෑ... එහෙම නොවන අධ්‍යක්ෂලාත් ඉඳහිට හරි මතු වුණේය.


පළගැටියෝ, හංසවිලක්, දුහුළු මලක්, තුන්වෙනි යාමය, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, විරාගය, රිදී නිම්නය, මල්දෙනියේ සිමියොන්, සුද්දිලගෙ කතාව මෙන්ම කෙළි මඬළද කරළියට ආවේය.

සිසිල ගිනි ගත්තේ මේ කාලයේය. දඩයම, චන්ද කින්නරී, අනන්ත රාත්‍රිය, බවදුක, බවකර්ම, එක්කම මැදමාවතේ යැයි හැඳින්වූ සිකුරුලියා, මංගල තෑග්ග, පරිත්‍යාග, අපේක්ෂා, පාලම යටද ජයකෙහෙළි නංවන්නට පටන් ගත්තේය.


සිංහල සිනමාවේ තුන්වෙනි කඩාකප්පල්කාරයා කඩං පාත් වෙමින් මේ මගේ සඳයි පෙන්නූ විට සමස්ථ සිංහල සිනමාවම උඩුයටිකුරු වී ගියේය.


මේ හාදයා දිගින් දිගටම කඩාකප්පල්කාරී වැඩම කරන්නට විය. සඳ දඩයම, තනි තටුවෙන් පියාඹන්න හදා අක්ෂරයෙන් කෙළවා ගත්තේය. අක්ෂරය නං පෙන්නන්න දුන්නේම නැත. පෙන්නන්න දෙන්නේම නැතැයි පරසක්වළ ගැසූ ගොබිලන් මේ හාදයාව හිරේ විලංගුවේ දාන්නත් වළි කෑවේ උසස් සිනමාවට කෙළවන්නටය.

සිසිල ගිනි ගනී හදා සිය සිනමා ප්‍රවේශය තහවුරු කරගත් අධ්‍යක්ෂවරයා පුරහඳ කළුවර, ඉර මැදියම, ආකාස කුසුම් හදද්දී සිහින දේශයෙන්,  ගරිල්ලා මාර්කටිං, සුදු කළු සහ අළු, සුලං කිරිල්ලී වැනි චිත්‍රපටද ඒ එක්කම සුළඟ එනු පිණිසද හමා ආවේය.


මේ අව් අස්සේ සූරිය අරණ, සමනල තටු පාවී ඇවිත් නිදා උන් ප්‍රේක්ෂකයා කිති කවන්නට පටන් ගත්තේය.

මේ අතරට කාම සිනමාවද ආවේය. මස් කඩ පෙන්නන විට ප්‍රාථමික මනස් ඇති ප්‍රේක්ෂකයා වැල නොකැඩී වැල පසුපස්සේ දිව්වේය.

ඔන්න යුද්දෙත් අවේය. ඇවිත් පැල් බැඳ ගත්තේය. යන්නත් ගියේය.

 ඔන්න ඉතිං කට්ටිය යුද්දෙත් වවන් කන්න පටන් ගත්තේය. ගාමණීලා, ප්‍රභාකරන්ලා, සෙල්වම්ලා, විතරක් නං මදැයි මාතාලාද තිරයේ ගිනිවිජ්ජුම්බර පෙන්නනන්නට පටන් ගත්තෝය.

ඔන්න රජතුමා සිංහාසනාරූඪ වන්නාහ.

දැන් රජ පෙරහැරය. ධර්ම පෙරහැරය.

අබාය.
කුස පබාය.
මහින්දාගමනයය.
කුවේණිය.
උප්පලවන්නාය.
සිරි දළදාගමනයය.
ගෞතම සිද්ධාර්ථය.
සිරිපැරකුම්ය.
ඇහැලේපොළ කුමාරිහාමිය.
ඒ සේරම මදිවාට අනාගාරික ධර්මපාලය.

හපෝයී...... මේව නං බලා ඉන්න බැරුවාය.
නිකං මොන්ටිසෝරි නාට්‍ය වාගේය.
පමණක් ඒවා ඊටත් පල්ලෙහාය.
අමුම අමු ගොංපාට්ය.

මාළිගාවල පසුතල වල ගෝනි කෑලි පේනවාය. සටනට හේවායෝ එන නෞකා පපඩං බෝට්ටු වාගේය. රහතුන් වහන්සේලා අහසේ අලවලා වාගේය.

මේවාටත් චිත්‍රපටි කියනවා නං චිත්‍රපටිවලට මොනවා කියා කියන්දැයි හිතා ගන්නවත් බැරුවාය. බයස්කෝප් කලාවටත් මේ බහුරූ කෝලං අපහාස කරනවාය.

හැබැයි සැබෑ සිනමාවට බෙහෙවින් ඇලුම් කරන සෙරන්ඩිබ් ඔටුවාට ඉහේ මල් පිපෙන ආරංචියක් ලැබුණේය.
ලැබුණෙත් එසේ මේසේ පොරකගෙන් නොව සිංහල සිනමාව දිග්විජය කළ ඔබ නැතුව ඔබ එක්ක එන සම්මානනීය අධ්‍යක්ෂවරයෙකුගෙන්ය.

අර රජකතා, ධර්ම කතා දවසින් දවස ලොස් වෙනවාලුය. පාඩු පිට දුවනවාලුය. ලැජ්ජාවට ගලවන්නේ නැතිව එල්ලං ඉන්නවාලුය.
මේවා හදන නිෂ්පාදකයෝ පමණක් නොව අද්යක්ෂලාද එලොව පොල් පෙනි පෙනි ඉන්නවාලුය. චිත්‍රපටි හැදීමේ කරුමාන්තයෙන් අයින් වෙනවා කියා මේ හාදයින් පාරම්බානවාලුය.

මාරය....මාරම මාරය.
ඔටුවාට කාලකණ්ණි සතුටක් දැනෙවාය.

සිංහල සිනමාව හිංගල කෝලම් මඩු කරනා, කාබාසිනියා කරනා මේ හැතිකරේ නැතිභංගස්ථාන වී යනවා නං ආයෙම වතාවක් හැබෑ  දේශීය සිනමාවක් ගොඩ නගාගන්නට ඉඩක් මතුවෙනවා ඇත.

හැම අඳුරු වළාවකම රිදී රේඛාවක් ඇතැයි කියන්නේ මේ හංදා වෙන්න ඕනෑය.

(වාලුකා කාන්තාරේ ඉඳන් ඔටුකතා ලියන හෙයින් පෙරලා බලන්නට පොත්පත් හිඟ හංදා චිත්රපටිවල නං වාසගං මතකෙන් ලියු නිසා සඳහන් කළ යුතුම සමහර ඒවා මගහැරී තියෙන්න ඉඩ ඇත්තේය. ඒ ගැන සමාව බජනය කොරන්න කැමතිය.)




-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා



16 comments:

  1. /* වාලුකා කාන්තාරේ ඉඳන් ඔටුකතා ලියන හෙයින් පෙරලා බලන්නට පොත්පත් හිඟ හංදා චිත්රපටිවල නං වාසගං මතකෙන් ලියු නිසා */

    ඇයි ඉන්ටර්නෙට් නැද්ද වාලුකා වේ?

    ReplyDelete
    Replies
    1. ඉන්ටර්නෙට් එකේ සියල්ම හිංගල චිත්රපටිවල නං වාසගං තියෙන තැනක් ඔටුවට හොයා ගන්න බැරි වුණා ආයිබං....

      Delete
  2. මහරජ ගැමුණුත් එනවා

    ReplyDelete
    Replies
    1. හපෝයි.....ට්‍රේලරය දැක්කම බඩ යනවෝ....

      Delete
  3. ඔබ එක්ක ඔබ නැතුව නැරඹුවා. බලන්න වටින සිනමා පටයක්. නැවත නරඹන්නට ඕන කියලා හිතෙනවා. කවදා ඒක ඉටුවෙයිද...
    මලිත් හෑගොඩගේ දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටය ලංඩන් ෆිල්ම් ෆෙස්ටිවල් එකට තේරිලා. නමුත් අපිට ඒවා බලන්න වෙන එකක් නැහැ දැන්ම.

    ReplyDelete
    Replies
    1. තොරතුර ගැන ස්තූතියි.
      තන්හා, රතී, රගා.ත් වෙනස් වැඩක්.

      Delete
  4. ඔටුකොටුවට පැන්න වටුවෙක් වගේ අර අටම් ඔටුවගෙ රෝලෙන් පාර බලන් අද තමයි මේ පැත්තට ආවේ. කාන්තාරේ හිටියට මේක නම් සියළු සැප පහසුකම් තියෙන මගී නෞකාවක් වගේ. මටත් ලොකු ඇරියස් ටිකක් තියෙනව මේ හිංගල චිත්තරපටි කාරයොත් එක්ක සැටල් කර ගන්න.. මෙහෙම චෑන්ස් එකක්වත් හම්බවෙච්ච එක හොඳයි. දැන් වෙලා මදි නිවාඩු පාඩුවේ හටනට සහයෝගෙට එන්නං. ජයවේව!

    ReplyDelete
  5. සිංහල සිනමාවටත් නෝවාගෙ නැවක් අවශ්‍යව ඇත!

    ReplyDelete
    Replies
    1. වැඩක් වෙයිද මංදා....

      Delete
  6. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
    Replies
    1. අම්බානක් ස්තුතියි...

      Delete
  7. Anonymous23:42

    Wow, this post is pleasant, my younger sister is analyzing these
    kinds of things, therefore I am going to tell her.

    Also visit my homepage ... eagles shop

    ReplyDelete
  8. Anonymous02:53

    I absolutely love your blog and find many of your post's to be
    precisely what I'm looking for. Do you offer guest writers to write content available
    for you? I wouldn't mind creating a post or elaborating on some of
    the subjects you write about here. Again, awesome web log!



    Here is my blog ... weight loss tips [w3ightl055.com]

    ReplyDelete
    Replies
    1. Thanks for your comment and willingness.
      send your write-up to
      otukatha@gmail.com

      Delete