Pages

Thursday, 29 January 2015

දින 100යේ පැණි වරකා ගහට හෙණ වැදීම නොහොත් ආඬි හත් දෙනාගේ කැඳ හැළියේ විගඩම

හරීන්ට හරි කියලා හිතුනට වැඩේ වැරදියි -බිමල්



ජනාධිපතිවරණයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවට දූෂිත මැති ඇමැතිවරු ඇතුලත් කිරීමට විරෝධය පළ කළ ඌව පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු තමන්ට බලය ලබාගැනීම සදහා දූෂිත මන්ත්‍රීවරුන් එකතු කර ගනිමින් ඌව පළාත් සභාවේ මහ ඇමැතිවරයා බවට පත්වීම පිළිකුල් සහගත බව ජවිපෙ ජාතික සංවිධායක බිමල්රත්නායක සදහන් කර සිටී.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ හරීන් ප්‍රනාන්දු මහ ඇමති වශයෙන් පත්වීමට සදහා අවශ්‍ය බලය ගොඩනගා ගැනීමට එක් කොටගත් පිරිස අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත තුළ සිටින දූෂීතම මන්ත්‍රීවරුන් පිරිසක් එකතු කොටගෙන ඇති බවයි. ඒ අතර අනුර විදාන ගමගේ සහ ඒ.එම්. බුද්ධදාස යන පළාත් සභා මන්ත්‍රීවරුන් සිටින අතර ඒ.එම්. බුද්ධදාස බදුල්ල දිස්ත්‍රික්කය පුරා මත්පැන්හල් පවත්වාගෙන යමින් නීති විරෝධී ගල්වලවල් පවත්වා‍ගෙන ගිය පුද්ගලයෙකු බවත් ඔහු කළක් එම පළාත් සභාවේ මහ ඇමතිවරයා වශයෙන්ද කටයුතු කළ අතර ඔහුගේ එවක වංචා දූෂණ සම්බන්ධයෙන්ද දැඩි චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු බවයි.

\
එසේම අනුර විදාන ගමගේ පසුගිය ජනාධිපතිවරණ සමයේ නීතිවිරෝධී රථපෙළපාලියක් පැවැත්වූ අතර එයට ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩර් රථ හැට ගණනක්ද යොදාගෙන තිබූ බවට චෝදනා එල්ල වූ අතර එය වැලැක්වීමට ගිය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකුට ද සහ පොලිස් නිලධාරීන්ට පහරදී පන්නා දැමීම පිළිබඳ චෝදනාද එල්ල වූ පුද්ගලයෙක් විය.



මෙවැනි පිරිස් එකතු කොට තමන්ගේ බලය තරකර ගැනීම විසින් යහපාලනය පිළිබද නන්දොඩවා ක්‍රියාවෙන් එය සිදුනොකිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දුට දැඩි විවේචනයක් එල්ලවන බවද ජාතික සංන්විධායකවරයා පවසා සිටී.





  චම්පිකගේ බටයා, ධනුෂ්ක ලක්ෂ 80ක් හොරා කාලා !

Dhanushka

විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගිය කාලයේ යහපාලනය ගැන නිතර පාරම්බාන ලද අය අතර ඉදිරියෙන් සිටි ඇත්තෙකි.
ඔහු මෛත්‍රීපාලනය හා බද්ධ වූ වහාම සිදු කළේ හෙළ උරුමයේ සිටි ඔහුට පක්ෂ අය මාධ්‍ය ආයතන වලට පත් කිරීමය.
ඒ දේශපාලන වශයෙන් අනාතව සිටින හෙළ උරුමයට යන්තන් පණ ගැටගසා ගැනීමට මඟක් සෙවීමටය.ඒ අනුව කලක් චම්පිකගේ බටයා වෙමින් ඔහුගේ විවාහයටද බාධාවක් වූ ධනුෂ්ක රාමනායක නැමැති හාදයා චම්පික ITN එකේ අධ්‍යක්ෂ ධූරයකට පත් කළේය.
ධනුෂ්ක පට්ටම පට්ට හොරෙකි.
ඔහු රුපියල් ලක්ෂ 80ක් හොරා කෑ අයෙකි.
වරක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වූයේ පාඨලීය.
ඒ කාලයේ ඔහුගේ මාධ්‍ය ලේකම්වූයේ ධනුෂ්කයාය.
මේ ධනුෂ්කයා ඒ කාලයේදී විදුලිය ඉතිරි කිරීමේ වැඩසටහනක ප්‍රධානියා විය.
එය නමින් හෙට වෙනුනේ අදය.
මේ තරගයට ලැප්ටොප් ලබාදීමට මුදල් දෙනු ලැබුවේ ශ්‍රී ලංකා ටෙලිකොම්ය.එහි අරමුණ වූයේ විදුලිය අඩුවෙන් පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයන්ට හා පාසල් දරුවන් අතර තරඟ පවත්වා ලැප්ටොප් ලබාදීමය



.
එය රුපියල් ලක්ෂ 100කි.
මේ මුදල විගනකාධිපති ආයතනයේ ඇති විදුලි බල මණ්ඩල හෝ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ගිනුමකට බැර නොවූ අතර කපටි ධනුෂ්කයා මෙය දමාගනු ලැබුවේ ශ්‍රී ලංකා ට්‍රාන්ස් ෆෝමර් ලිමිටඩ් නැමැති  ආයතනයේ ගිනුමටය.
ශ්‍රී ලංකා ට්‍රාන්ස් ෆෝමර් ලිමිටඩ් විදුලි බල මණ්ඩලය යටතේ පවත්වාගෙන යනු ලැබූ සමාගම් පනත යටතේ ස්ථාපිත වූවකි.
ධනුෂ්ක මින් රුපියල් ලක්ෂ 80ක් වියදම් කර තිබූ අතර, 2012 දී චම්පික අමාත්‍යංශය අත්හැර යද්දී ඔහු චම්පික සමඟම යන්න ගියේය.
ඉන් පසුව  ”හෙට වෙනුනේ අද” තරගයේ ජයග්‍රාහකයන්ට තෑගි දෙන්නට ප්‍රමාණවත් මුදල් නැති වූ නිසා  ශ්‍රී ලංකා ට්‍රාන්ස් ෆෝමර් ලිමිටඩ් ගිනුමේ ඉතිරිව තිබූ රුපියල් ලක්ෂ 20 යළි ටෙලිකොම් ආයතනයටම ලබා දෙන ලදී.
අවසානයේ සිදුවූයේ ”හෙට වෙනුනේ අද” තරගය දිනූ තරගකරුවන් නිරන්තරයෙන් විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශයට සොයා ඒම හා දුරකඨනයෙන් බැන වැදීම බව පැවසේ.
මෛත්‍රී යහ පාලනයේ කොටස් කරුවකු වන පාඨලීගේ මේ භට ධනුෂ්ක ගැන අප සතුව තව තොරතුරු තිබේ.
ඉරියේදී ඒවා ලියකියවිලි සහිතව පැපා හෙලි කරන්නෙමු.

Paparasinews.com


දින 100යේ පැණි වරකා ගහට හෙණ වදී - පස්සෙම ආපු අය කලින්ම ඉවත්වේ.



මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙහි පළමු දෙදෙරීම සිදුවීමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තාවේ. මෙය නිර්මාණය වී ඇත්තේ සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන ෆයිසර් මුස්තාපා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තිරණය කිරීමත් සමගය.

මේ සදහා හේතු වී ඇත්තේ ද තම අමාත්‍යංශය විෂය පථයට අදාළ ආයතන කිහිපයක් ඉන් ගලවා අර්ජුන රණතුංග ඇමැතිවරයාගෙ අමාත්‍යංශය යටතට පත්කීරම බවද වාර්තාවේ.


කෙසේ නමුත් මේ කරුණ පදනම් කොට ගෙන ඇමැතිධුරයෙන් ඉවත් වීමට කටයුතු කිරීම විසින් ඇමතිවරයා මෛත්‍රී පාල සිරිසේන ජනාධිපතිවරයාට සහය පළකිරීම ව්‍යාජයක් බව පෙන්වන්නක් වන බවට වෙනත් ඇමැතිවරු අතර කතාබහට ලක්ව ඇත. එසේම ඔවුන් සදහන්කොට ඇත්තේ මහින්දගෙන් ගැලවී අවසානයේදී මෛත්‍රීපාල සිරීසේන මහතාට සම්බන්ධ වූ මුස්තාෆා තමන්ට සතුටුවන දෙයක් නොලැබිමෙන් කලින් ම ඉවත්ව යන බවයි.



කෙසේ නමුත් ෆයිසර් මුස්තාපා ඇමතිවරයා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සමග අදාල අමාත්‍යංශ පරිශ්‍ර යෙන් පසුගිය අගහරුවාදා පිටවගොස් ඇති බව ශ්‍රී ලංකාන් මීරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි.





මේව අහල පන පලයං පෙරේදාාාා....


මේ සිද්ධ වෙන සංගදි දිහා බලද්දි ඔටුකතා ලියන එකත් එපා වෙනව බොලල්ලාාා....




- සෙරන්ඩිබ් ඔටුවා



8 comments:

  1. Anonymous22:22

    ඔහේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු කරද්දී වෙබ් සයිට් බැලුවෙ නැතෙයි. අලුත් ආණ්ඩුව ආවට පස්සෙයි බ්ලොක් කරල තිබුණු වෙබ් සයිට් බලන්න පටන් ගත්තෙ බෝම්බ පුපුරද්දී නිදා ගත්තු බල්ලො රතිඥඥා කරලක් පුපුරන කොට හිටං බුරනව කියන්නෙ මෙව්වට තමයි!

    ReplyDelete
    Replies
    1. ඔටුව නං අවදියෙන් උන්නෙ.
      බල්ලො නිදා ගත්තද දන්නෙ නෑ ආයිබං...

      Delete
  2. කොහෙමටත් දැන් කාලෙක ඉඳලා ඔටු කතා ලිව්වේ නෑ නේද, කොපි ඇන්ඩ් පේස්ට් වැඩ මිසක?

    ReplyDelete
    Replies
    1. මේ වෙන දේවල් වල හැටියට මොනව ලියන්නද? 
      සේරම කොපි ඇන්ඩ් පේස්ට් වැඩමනෙ සිද්ධ වෙන්නෙ.
      කොහාමත් ඔටුව ටික කාලෙකට සමුගන්න හිතුව.
      සෙස්ස පස්සට.

      Delete
  3. දුමින්ද සිල්වා මංත්‍රී තුමා සිරි ලන්කා නිදහස් පක්සයෙන් පත් වූ මංත්‍රී වරයෙකි. සිරිසේන දැන් සිරිලන්කා නිදහස් පක්සයේ සබාපති සහ නායක තුමාය.

    එක ලියුම කෑල්ලෙන් මේ රටේ අග විනිසුරු ගෙදර යවා පරන අග විනිසුරු පත් කිරීමට තරම් නිර්බීත සිරිසේන දුමින්ද සිල්වා ව තවම සිරි ලන්කා පක්සයෙන් ඉවත් කිරීමට කටයුතු කලේ නැත....

    ඒ වනාහේ සිරිසේනයා දුමින්ද ගේ කුඩු සල්ලි වලට යට වෙලා දූසනයට බීසනයට "ලයික්" දාන නිසාදැයි මේ රටේ ජහමනයා වන අපට සිතේ..

    ReplyDelete
    Replies
    1. හා...හා...කට...කට...
      යහපාලකයින් එහෙම කරන්නෙ නැතෝ්....
      ළඟදීම දුමින්දයා ඇට දෙකෙන් එල්ලනවෝ....

      Delete
  4. අනේ මංද බොලං...
    දැං දැං අලුත් බෝතල් වල ඇති පරණ වයින් වල පාට පේන්න පටං ඇරං වගේ නේද ආයිබංඩ

    ReplyDelete
  5. මේකයි සීන් එක... යහපාලනයක් කිව්වට ඇත්තටම එහෙම එකක් කරන්න බෑ... මොකද අද දේශපා‍ලනේ හොරෙක් වංචාකාරයෙක් දූෂකයෙක් නොවන අය හොයාගන්න බෑ.. දේශපාලකයෝ ගත්තත් එකයි... ලොකු ලොකු තනතුරු වල හිටපු අය ගත්තත් එකයි... අනික මුස්තාප විතරක් නෙමෙයි යහපාලනයට සෙට් වෙච්ච හැමෝම වගේ තනතුරු බලාපොරොත්තුවෙන් තමයි ආවේ... ඒක කවදටත් සත්‍යයක්... අපි මේක දන්නවා.. නමුත් අවශ්‍ය වුනේ පවතින පාලනය වෙනස් කරන්න.. මොකද එකම පාලකයෙක් අවුරුදු ගණනාවක්(12කටත් වඩා) එක දිගට රටක් පාලනය කරන එක ප්‍රජාතන්ත්‍රවාදී රටකට ගැලපෙන්නේ නෑ... කොච්චර හොඳ රාජ්‍ය නිළධාරියෙක් වුනත් පනස් පහෙන්, හැටෙන් විශ්‍රාම යවන්න රටේ ප්‍රතිපත්ති සකස් කරල තියෙන්නේ මේ නිසා තමයි... ඒක දේශපාලනයටත් පොදුයි... මෛත්‍රීපාල ජනාධිපතිතුමා, රනිල් අගමැතිතුමා ගත්තත් එයාල වුනත් තමන්ගේ කාලේ රට පාලනය කරල අලුත් නායකයන්ට රට බාර දීල යන්න ඕන.. එහෙම යන්නේ නැත්නම් අපිට වාරයක් එනවා එයාලවත් යවන්න... මේ බ්ලොග් එකේ පෙන්වන කරුණුත් ගොඩක් වැදගත්.. මොකද ආණ්ඩුවේ හොඳ දේවල් වගේම නරක පැත්ත ගැනත් අපි දැනගන්න එක ඡන්ද දායකයෝ විදියට අපිට ප්‍රයෝජනවත් නිසා...

    ReplyDelete