Pages

Saturday, 5 December 2015

චිච්චියට වින කටින අංගජාතයෝ එක්ක අරාබි වහලියෝ

යන්නම් කියා යන්න ගියාට සිද්ධ වෙන දේවල් දැක්කම කට පුක වහන් ඉන්න බෑ ආයිබං...
ඒ හංද මෙන්න වෙන බ්ලොග් රෝලක ලියල තිබුණ කයියක් එතනින් ගලවල මෙතෙන්ට ගත්ත..



රාබිකරයේ විවිධ රට වල එක් එක් ආකාරයේ නීති ඇත්තේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති ඕමානයේ වෙනස් ආකාරයක් ගනී. කුවේටයේ නීති කටාර් රාජ්‍යයට අදාළ නොවේ. සෞදියේ නීති බහරේන් රාජ්‍යයට ගව් ගාණක් දුරය.

ඒ ගැන තේරුම් ගැනීම අසීරු නැත.

ඒ ඒ රාජ්‍ය පාලකයාගේ රුචි අරුචිකම් මෙන්ම රටේ පැවැත්ම පිළිබඳ කොන්දේසිද නීති රීති සම්පාදනයේදී පදනම් වීම ස්වභාවිකය.

මැදපෙරදිග රටවල වැඩි වශයෙන් පවතින්නේ රාජාණ්ඩුය. හොඳ පැත්තට රාජාණ්ඩු හොඳ වෙන්නා සේම නරක පැත්තට අන්තිම නරකය.

එක් එක් කලට රටේ නීති මෙන්ම ජනජීවිතයේ පැවැත්මද තීරණය වන්නේ පවත්නා පාලනය අනුවය.

මේ කලාපයේම රස්සාව කරන නිසා නොලියා නොහැකි මේ ටික ලියන්නේ පරෙස්සමින්‍ ය. මෙහෙම ලිව්වාමත් බිජ්ජ කපනවා කියා නීති පොතක තියෙනවාද දන්නේ නැත. එහෙම වුණොත් ගම රට යන්න වෙන්නේ බිජ්ජ නැතිවය.




චිච්චියට වින කටින අංගජාත කියා මාතෘකාවට දැම්ම කතාව මේකය.

චිච්චිය යනු කාන්තා අවයවය ය. කාන්‍තාවන්ට අවයව ගොඩාක් තියෙනවනෙ කියන අයට කියන්න තියෙන්නේ ඒ සංසර්ගය සඳහාත්, චූ කිරීම සඳහාත් යොදා ගන්නා අවයවය කියාය.

අංගජාතය යනුවෙන් අදහස් කළේ ඊට ප්‍රතිවිරුද්ධ පිරිමි අවයවය ය. කොටින්ම පිරිමි නිමිත්තය.

දැන් බලාගෙන යද්දී සමහර රටවල නීති වලට අනුව අංගජාතය ඕනෑ හැටියට භාවිතා කිරීම අවුලක් නැත. ඒත් තමන්ගේම චිච්චිය තමන්ට රිසි අයුරින් වුවද ප්‍රයෝජනයට අවසර නැත.

මේවා ගැන අප හැප්පෙන එකේ තේරුමක් නැත. නඩුත් රජ්ජුරුවන්ගෙ, බඩුත් රජ්ජුරුවන්ගේය. කරන්න තියෙන එකම දේ මෙවැනි අසමජ්ජාති, නිහීන නීති තියෙන රට වලට අපේ රටේ අම්මලා, දුවලා, සොයුරියන් වහල් සේවයට නොයෙදවීමට අපේ රටේ නීති සම්පාදනය කෙරුමය.

කොච්චර කෑ ගැහුවත් කොරන්නෙ නැත්තෙත් ඒකමය. රට කරවන් හැත්ත වගේම ගෙදර මනුස්පයත් හිතාගෙන ඉන්නේ ගෑනුන්ව රට යවා සල්ලි හම්බ කිරීම් මහා වීරකමක් කියාය.

රටේ ජාතික ආදායමෙන් වැඩිම පංගුව මැදපෙරදිග ශ්‍රමිකයන්ගෙන්ය, ඉනුත් ගෘහසේවිකාවන්ගෙන්‍ ය කියා උදම් අනනේ පොන්නයින්‍ ය.




http://otukatha.blogspot.com/2014/04/blog-post_12.html

උන්ට අනුව කාන්තාවන් බිල්ලට දී හෝ මඩිය තර කරගැනීම වටනේය. රට විරුවෝ කිය අන්දන්නේ ඒකය.

උන්ට සුරසැප විදින්න කාන්තාර බිමේ කඹුරන එක වීර කමක්‍ ය.

ලැජ්ජ නැතිව දේසපාලුවන් මේ අහිංසකයන් රටේ වීරයින් කියා පුරසාරම් දොඩනවාය. පට්ටපල් බේගල් ඇදබානවාය. හරිනං කපන්න ඕනෙ උන්ගේ අංගජාතය ය. මොකද ගල් ගසා මරන්නට නීති ගේන උන්ගේ අංගජාත කපන්නට අපට හයියක් නැති නිසාය.

ඒ නිසා වහල් සේවයට එන්නට අවසර දෙන, එකී විදේශ විනිමයෙන් සුරසැප විඳින, ආපු එවුන් ගැන සොයා නොබලන විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය නමැති සුදු අලියාගේත්, තීරණ ගන්න උන්ගේත්, මේ සුදු අලිය බාර ඇමැත්තා හෝ ඇමැත්තියගේත් රෙදි ගලවන්න ඕනෑය.

වෙන මොකටවත් නොවේ.. අංගජාත හෝ චිච්චි තියෙනවාදැයි සැක හැර ගන්නටය. පේන විදිහට ඔවුන්ට ඔය දෙකම නැත.



අරාබි වහලියෝ
කියා මාතෘකාවට දැම්ම කතාව මේකය.

මැදපෙරදිග බොහෝ රටවලට ගෘහසේවා වහල් සේවයට එන්නේත්, එවන්නේත් පවුල සුඛිත මුදිත කිරීමටය. එවන උන් කියන්නේ ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා එනවා කියාය.

එන කාන්තාවනුත්, උන්ගේ ස්වාමිපුරුෂයනුත්, රට කරවන උනුත් මේකම මතුරන්නේ පවුලට, රටට සෞභාග්‍යය උදාවන්නේ වහල් සේවයට ඒමෙන් කියාය.

ඒත් මේ රටවල දහසුමේ කඹුරා ලැබෙන්නේ සොච්චමක්ය. බොහෝ විට ලංකාවේ මුදලින් මාසිකව රුපියල් විසිදහසකටත් අඩු වැටුපකටය. 

මේ අබග්ගය තේරුම් ගන්නා කාන්තාවන් පැමිණි පසු සල්ලි හොයන්න වෙන ක්‍රම තෝරා ගන්නවාය.

එක්කෝ තමන් ගෙන්වා ගත් බාබා සමග බුදියනවාය. නැත්නම් බාබාගේත්, පවුලේ අනෙක් උන්ගේත් බලපෑම්, හිරිහැර ඉවසා ගත නොහී එළියට පනිනවාය. නැත්නම් වැඩි ආදායමක් ලබන්නට ගෙන්වූ තැනින් පනිනවාය.

ඊට පසුව සිද්ධ වෙන්න පුළුවන් දේ බොහොමය.

එක්කෝ මෝරෙක් අල්ලාගෙන පවුල් කන්න වෙනවාය. අහුවෙයි කියල බයට හැංගි මුත්තං කෙළිමින් ගෙයින් ගෙට ගොස් වහල් වැඩ කරන්න සිද්ධ වෙනවාය.

එතකොට නම් මාසෙකට ආදායම ටිකක් වැඩි ගාණක් හොයන්න පුළුවන්‍ ය.

එහෙම් පැන්න අය පොලිසියෙන් අල්ලනවාය. හිරේ විලංගුවේ දානවාය.

මේ දවස් වල වාළුකාවේ මුතු දූපතේ නං එහෙම පැන්න අයට පොදුසමා කාලය එළැඹිලාය. පොලිසියට බාර වුණාම දවස් දහයක් විතර හිරේ දමා දඬුවමක් දී පිටුවහල් කරනවාය.

එහෙම පැන්න කාන්තාවන් දාස් ගාණක් ඉන්න බවට ගණන් බලා තියෙනවා කියා ඇසුණේය.

වහල් සේවයට පුරුදු වුණාමත් ඉන් ගැලවීමක් නැත.

ළිඳට වැටුණාට පස්සෙ ළිං කටෙන්ම ගොඩ එන්නට බලනවාය.

ළිඳට වැටෙන්නට නොදී ගොඩින් ජාමෙ බේර ගන්න එක වඩා හොඳය.

නැත්නම් වෙන්නේ අවයව නැතිව, සදාකාලික අබ්බගාතයින් වෙමින් අන්තිමේදි මරණයත් හිමි කරගන්නටය.

 සෙස්ස පස්සටය......

 
- සෙරන්ඩිබ් ඔටුවා

8 comments:

  1. Anonymous08:49

    පැහැදිලි ඇත්ත ඔටුවෝ....පරෙස්සමින්. බිජ්ජ කැපුවොත් නං ඉඳල වැඩක් නෑ.
    කියන්න තියෙන ඇත්ත නියමෙට කියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පැත්ත ගියත් ඇත්ත

      Delete
  2. Anonymous14:54

    මං ඉන්නෙ මැදපෙරදිග තියෙන නිදහස්ම රට ඩුබායි වල.අම්මප ලංකාවට වඩා ලිංගික නිදහසක් මේ රටේ තීනව.ගාගෙන නොකන ඕනෑම කෙනෙකුට නිදහසේ තමුන් කැමති දෙයක් භුක්ති විඳිතැකි.නමුත් මෙහෙම රටක උනත් ගෘහ සේවෙට එන ගැහැණියකගේ ඉරණම හරිම සෝචනීයයි.හැබැයි සවුදිය කියන්නෙ ඒකෙ අනික් පැත්ත සිවිලයිස් සමාජෙක හැදුනු මිනිහෙකුට ජීවිතේ යම් හරි නිදහසක් භුක්ති විඳපු කෙනෙකුට ජීවත් වෙන්න හරිම අමාරු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාන්තාරයක්. ඒ වගේ රටකට නැති බැරි කම නිසාම යනව මිසක් වෙන නම් හේතුවක් නැහැ.කොහොමත් මැදපෙරදිග කලාපෙට ගෘහ සේවිකවො එවන්නෙ අපි පිලිපිනෙ සහ අප්‍රිකානු රටවල් කීපයක් විතරයි.කොටින්ම ඔච්චර දුප්පතුන් ඉන්න ඉන්දියාව පවා පිරිමි ශ්‍රමිකයන් සහ පුහුණු ශ්‍රමිකයන් ඇරුනම ගැහැනුන් වහල්කමට එවන්නෙ නැහැ.මූණුපොතේ සිංහ ලේ ගාගෙන රට ජාතිය ගැන මොර දෙන තුං පැයේම තම්බින්ගෙන් ගේම ඉල්ලන දේශප්‍රේමී අයයියල මල්ලිල ජීවත් වෙන්නෙත් දිවි හිමියෙන් රට රකින ජනතා සේවක සුදු සාදුල ටික සැප විඳින්නෙත් තමුන්ගෙ රටේ ගෑනුන්ව වහල්කමේ යොදෝල ගන්න සල්ලි වලින් කියල උන්ට තඹ දොයිතුවක ගානක් වත් නැහැ.කොටින්ම ජිනීවා වල කැස්සත් මෙහේ පාරට බැහැල මරා ගන්න දේශප්‍රේමියෝ ටික අපේම රටේ සහෝදරියක් වහල්කමට යවල ගල් ගහල මරද්දි මොකද්ද දක්වපු විරෝදය.දේශප්‍රේමෙ ජනතාහිතවාදීකම රෙද්ද පල්ලෙන් බේරෙනව!

    ReplyDelete
    Replies
    1. ඒ අතින් ඉංදියාව ඉදිරියෙන් තමයි. බංගලි දේශය පවා. කාන්තාවන් වහල් කමට එවල විදේශ විනිමය හෙව්ව කියල පම්පෝරි ගහන්නෙ නෑ.

      Delete

  3. කිසිම වරප්‍රසාදයක් නැති පිරිසකට ගොඩ එන්න තියෙන එකම මග. මිනිස්සුනට් රැකියා උපද්දවන ක්‍රමයක් නැත්නම් මිනිස්සුම හොයාගෙන යන රැකියා මේවා. එහෙම නැත්නම් වෙන්නේ පවුල් පිටින්ම බෝට්ටුවල නැගලා ඉන්දියාවට හරි යන්න. රස්සාවක් තිබුනා කියලා. අනෙක් මිනිස්සුන්ගේ රැකියා පහත් කොට සලකන්නේ ඊට වඩා පොන්නයෝ. ඊට වඩා හොඳ නැද්ද විකල්පයක් කියනවා නම්. මේ මිනිස්සුන්ගේ පවුල් වලට කන්න දෙන්නේ ඔහේද?
    කියල Maathalan - Priyantha Hewage
    https://www.blogger.com/profile/16483074739561663830
    අහල .තිබුණ.

    ReplyDelete
    Replies
    1. මේකයි මාතලන් ගොයියෝ...
      ඔටුව කිසිම විදිහකින් රස්සාවක් පහත් කොට සැළකුවේ නැහැ. ගොඩ එන්න හිතාගෙන ගිහිං වළපල්ලට යන එක ගැනයි කතා කළේ.
      මෙතෙන්ට වැටිලම බලන්න ඕනෙ මේ විනාශෙ තරම.
      ඉංදියාව, බංග්ලාදේශය වගේ රටවල් වුණත් ගෑනු වහල් කමට යවල සල්ලි හොයන්නෙ නෑ.
      විකල්පය තියෙන්නෙ එට කරන උන් අතේ. ඔය එකෙක්වත් තමන්ගෙ ගෑනිව බිල්ලට දෙනවද?

      Delete
  4. වෙන බලොග් රෝලක මුලින් දාපු ගමන් ඇවිත් තිබුණ කොමෙන්ටු.

    Aththatama owani rata walata rakiya walata yama thahanam kala yuthumayi!Mokada oya wage ratawala thirisan neethi wenas karanna apita hakiyawak nathi nisa!
    Sarath Perera
    **********************************
    තිත්ත ඇත්ත.
    Wmk Samarasekara
    **********************************
    සුර සැප විඳින්න හිතා ගෙන වහල් සේවයට යන්නට උත්සහ කරන අය අල්පය. මාධ්‍ය වලින් ප්‍රකාශ වෙන දේ නොදන්නවාද නෝවේ. ළඟපාත ඇති ලිඳකට ගඟකට පනිනවාට වඩා, තමන්ගේ ළමයින්ටත් වසදී තමනුත් වසබී නැතින්ම ගිනි තියාගෙන එහෙමත් නැති නම් ලණුවක හය්ය බලනාවට වඩා " අනේ දෙය්යනේ කියලා සල්ලි ටිකක් හම්බ කරන් එන්නට් තියෙනවා නම්...: ඒ මවෙක් සහෝදරියක්ගෙ කැපකිර්‍රිමය. තෙවරක් බුදුන් වැඩි මේ සසිරි බර සිරිලක තුන්වේලක් පිරිමහගන්න විදියක් තියෙන්නෙ කීයෙන් කීදෙනාටද? බඩගින්නක අමාරුව දැනෙන්න ඒක විඳලා තියෙන්නම ඕනි. 1948 නිදහසෙන් පසු මෙරටට වැඩිය රට කරවන උන්දැලා කළේ බඩ වඩා ගැනීමයි . පක්ෂ පාට බේදයකින් තොරව අන්ත දුගී බවින් උඩට එන්න. ළමයෙක් ඕනි කළමනා ඇතිව ස්කෝළෙට යවන්න පුළුවන් ක්‍රමයක් හැමෝටම තියෙනවා නම්... ප්‍රශ්න හුඟක් විසඳෙයි. පුලුවන් අධ‍යාපනය හැමෝටම ලබා ගන්න විධිහක් හා හැමෝටම මොකක් හරි රස්සාවක් රට තුලම ලබාදෙන්න විධිහක් තියෙනව නම් හොඳයි
    Priyanthi Hansamaali

    ReplyDelete
  5. Anonymous21:02

    පහත ලින්කුවෙන් පිවිස ඔබත් දැන්ම අත්සනක් තබන්න ..
    අනිත් අයවත් දැනුවත් කරන්නට මෙය Share කරන්න.
    // මේ වන විට අප අසල් වැසි ඉන්දියාව සවුදි අරාබියට ශ්‍රමිකයන් යැවීම සම්පූර්ණයෙන්ම නවත්වා ඇති අතර ඉන්දුනීසියාව සවුදි අරාබියාවේ සේවය කරන හත් ලක්ෂයකට ආසන්න තම රට වැසියන්ට නැවත මවු රටට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. කලාපීය සෙසු රටවල්ද කෙමෙන් කෙමෙන් මෙම තීරණය ගන්නට සූදානම් මොහොතක අපද එම තීරණය ගත යුතුව ඇත. //

    https://secure.avaaz.org/en/petition/The_President_of_the_Sri_Lanka_Stop_Sending_Workers_to_Saudi_Arabia/

    ReplyDelete