Pages

Tuesday, 15 December 2015

වර්ජන කොරපල්ල.....අපි බය නෑ...


යහපාලන ආංඩුවක් ආව ගමන් වර්ජන කිරීම ඉතා වැරදිය.

මේ විජාතික (සොරි අවජාතක) අනේ සොරි... ජාතිකලු නේ....ආංඩුව ඔය වර්ජන වලට බය නැත.

ජේ.ආර්. මාමණ්ඩි 80 වර්ජනය කළ රජයේ සේවකයන්ට දුන්න දීම මතක නං මේ හු..... සොරි රාජ්‍ය සේවක පුතාල වර්ජනය කරන්න හිතන්නේවත් නැත.

කොහොමත් අගමැතිත්, සෞඛ්‍ය ඇමතිත් මේ කඩාකප්පල්කාරී වැඩ වලට ඉඩ දෙන්නේ නැති බව නං ෂුවර්ය. එහෙම නැතිව ආංඩු කරන්නට බැරිය. 

අයවැය හැදුවේ ආර්ථික විද්‍යාවේ පකීර් කෙනෙක්ය.

ඒ හංදා අයවැය යෝජනා එක එකාට ඕනෙ විදිහට වෙනස් කරන්නනං ආණ්ඩුවක් ඕනේ නැත.

අයවැය වෙනුවෙන් කොන්දේසි විරහිතව තප්පුලන්නට දාස පුතාත් ඉන්වාය. කවුරු කියන දේ ජනතාව ඇහුවෙ නැතත් දාස පුතා සිරසෙන් සද්දෙ දැම්මම ජනතාව පිළිගන්නවාය.

කොරල බලමුකො වර්ජන...
දෙන්නෙම නෑ ඉල්ලීම්.....


-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා 



3 comments:

  1. ඔටුවා අපේක්‍ෂාභංගත්වයට පත්වීමට නියමිත බව පෙනේ!
    පව්!

    ReplyDelete
    Replies
    1. භංගත්වයට පත් වෙන්න අපේක්ෂා තියෙන්න එපැයි ළමයෝ....මුං එක්ක මොන අපේක්ෂාද ....

      Delete