Pages

Thursday, 14 November 2019

සිංහලයා පරදවන්නට සජිත්ට ඡන්දය

සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ඡන්දය දීමෙන් පමණයි.



ඒ මදිවට ඒකීය රාජ්‍යය ප්‍රතික්ෂේප කරනවා.



මේවනෙ ජාතිවාදී ප්‍රකාශ


දෙමළ ‌අවස්ථාවාදය පරදන්න ‌ගෝඨා ට ඡන්දය ‌දෙන්න කිව්ව නං බලන්න තිබුණා.
තොපි අමු  ජාතිවාදියෝ කියයි. 
දැන් සුමන්තිරන්ලා ‌මොක්කුද ?




සජිත් වටා ‌‌රොක්  වන දෙමළ අවස්ථාවාදය පරදන්න 
ගෝඨා ට ඡන්දය ‌දෙමු.

ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කෙරුණා...







යම් පුද්ගලයකුට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකය ලැබුණු පසු එම පුද්ගලයා ඇමෙරිකානු පුරවැසිභාවය සම්පූර්ණයෙන් ඉවත් කෙරුණු පුද්ගලයකු ලෙස සැලකෙන බව
- ඇමරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්ගොන් කියයි.









ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම මෙතෙක් ෆෙඩරල් ලේඛනයේ පළ වී නොමැතිවීමට අදාළව පසුගිය දිනවල යළිත් ආන්දෝලනයක් ඇතිවිය. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කළ බවට අදාළ සියලූ ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කර තිබේ.




Wednesday, 13 November 2019

ෆෙඩරල් ලේඛනයේ නම පළවීමට මාස ගාණක් යනවා

ෆෙඩරල් ලේඛනයේ නම පළවීමට මාස ගාණක් යනවා
 - කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය 


ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමට අදාළව ෆෙඩරල් ලේඛනයේ නම පළවීමට මාස ගණනක් කල් යා හැකි බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප‍්‍රකාශකයකු විසින් සඳහන් කර ඇත.

 එසේම යම් අයකුගේ පුරවැසිභාවය ඉවත් කිරීමට අදාළ තොරතුරු ලබාදීමට කොළඹ ඇමෙරිකානු තානාපති කාාර්යාලයට සදාචාරාත්මක අයිතියක් නැති බවත් එම ප‍්‍රකාශනයේ සඳහන් කර ඇත.

 ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම මෙතෙක් ෆෙඩරල් ලේඛනයේ පළ වී නොමැතිවීමට අදාළව පසුගිය දිනවල යළිත් ආන්දෝලනයක් ඇතිවිය. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කළ බවට අදාළ සියලූ ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කර තිබේ.

Friday, 8 November 2019

බළලා මල්ලෙන් පිටතට පැනීම නොහොත් සජිත් රට පාවා දීම.


බළලා මල්ලෙන් පිටතට පැනීම නොහොත් සජිත් රට පාවා දීම.




දෙමළ පක්ෂ කොන්දේසි 13 ක පැනවූවා.
ඒවයින් රට බෙදන්න යෝජනා කරලයි තියෙන්නේ.
ගේඨා සහ අනුර මේ විනාශකාරී ඉල්ලීම් ඉටු කරන්නෙ නෑ කියලා ප්‍රසිද්ධියේම කිව්වා.
සජිත් කළේ මෙහෙම ඉල්ලීම් තියෙන බව වත් නොදන්නා සේ දෙමළ පක්ෂවල සහය ගැනීමයි.



මෙන්න අන්තිමේට TNA විශ්වවිද්‍යාල සිසුන් ලවා මෙහෙම කියවනවා.
TNA ඩසහය ලබන අපේක්ෂකයා ඉල්ලීම් 13 ඉටු නොකළොත් මාස 3 කදී ජනතාව පාරට බස්සනවා.”

        රට පාවා දෙන සජිත්/රනිල් හවුල පරදමු.



Thursday, 7 November 2019

පූර්ණ ලෙස බලය බෙදීම යනු රට බෙදීමයි



                                                             මානව හිමිකම් කටයුතු පිළිබඳ නීතිඥ - කල්‍යානන්ද තිරණාගම

හංසයා ලකුණින් තරග කරන සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පිළිබඳව මානව හිමිකම් කටයුතු පිළිබඳ නීතිඥ කල්‍යානන්ද තිරණාගම මහතා දැක්වූ අදහස් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය - ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්‍ෂය තීරණය කරලා තිබෙනවා ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය ලබාදෙන්න. එම තීරණය ඔබ දකින්නේ කෙසේද?

 පිළිතුර - මීට දින කිහිපයකට පෙර දෙමළ සන්ධානය යෝජනා 13 කින් සමන්විත යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. එම යෝජනා ඉදිරිපත් කළේ සියලූ අපේක්‍ෂකයන් සඳහා. ඒ සඳහා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්‍ෂය ප‍්‍රධාන තවත් පක්‍ෂ 4 ක් සම්බන්ධ වී තිබුණා. ඉල්ලීම් 13 ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් සඳහන් කළා ඔවුන්ගේ සහයෝගය හිමිවන්නේ එම ඉල්ලීම් පිළිගන්නා අපේක්‍ෂකයාට බව.

 ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරලා තිබුණා එම අවස්ථාවේදී. නමුත් සජිත් පේ‍්‍රමදාස මහතා ඒ පිළිබඳව වචන මාත‍්‍රයක් සඳහන් නොකර නිහඬව සිටියා. ඒ අතරේ නොවැම්බර් 03 වැනි දින දෙමළ සන්ධානය ප‍්‍රකාශ කළා ඔවුන්ගේ සහයෝගය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදෙන බව.

 සජිත් පේ‍්‍රමදාස මහතා දෙමළ සන්ධානයේ ඉල්ලීම් 13 පිළිගෙනද? සජිත් පේ‍්‍රමදාස එම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරලා නම් නැහැ.

 මේ අවස්ථාවේදී අපි බලන්න ඕනි පසුගිය කාලයේදී දමිළ සන්ධානය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර තිබුණ සම්බන්ධය. මේ ආණ්ඩුව බලයට ගෙනාවේ දෙමළ සන්ධානය සම්බන්ධ වෙලා. 2013 දී සිංගප්පූරු මූලධර්ම කියන ලියැවිල්ල සකස් කිරීම සඳහා මූලිකත්වය ගත්තෙත් දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන්. සුමන්තිරන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් සඳහා යෝජනා 10 ක් ඉදිරිපත් කළා. එම යෝජනා අතර තිබුණ එක් කාරණයක් තමයි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබිය යුතු කාරණා මොනවාද කියන එක.

 පසුගිය ඉරිදා සුමන්තිරන් කළ ප‍්‍රකාශයක් විiුත් මාධ්‍යවල ප‍්‍රචාරය වූවා. එහිදී සුමන්තිරන් ප‍්‍රකාශ කළා සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය කියවා බලා ඒ අනුව ඔහුට සහයෝගය ලබාදීමට තීරණය කළ බව.

 එයින් පැහැදිලි වන්නේ කුමක්ද? එයින් පැහැදිලි වනවා සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ දෙමළ සන්ධානයේ ඉල්ලීම් 13 ඉෂ්ට කිරීමට අවශ්‍ය දේ තිබෙන බව.

 ප‍්‍රශ්නය - දෙමළ සන්ධානය ඉල්ලපු ඉල්ලීම් 13 මොනවාද?

 පිළිතුර - ඉතා භයානක ඉල්ලීම් 13 ක් තමයි ඔවුන් ඉල්ලලා තිබෙන්නේ. එක ඉල්ලීමක් තමයි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං නිර්ණ අයිතිය

 ලබාගැනීම. ස්වයං නිර්ණ අයිතිය කියන්නේ වෙන්වීමේ අයිතිය. දෙවැනි භයානක ඉල්ලීම තමයි උතුර සහ නැගෙනහිර රජයේ ඉඩම් නිදහස් කරන්න කියන එක. ඒ කියන්නේ එම පළාත්වල රජයේ ඉඩම් තියෙන්න බැහැ කියන එක. තුන්වැනි යෝජනාව තමයි උතුර සහ නැගෙනහිර සිංහල ජනාවාසකරණය නතර කිරීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම. එම ඉල්ලීම අනුව අම්පාර, වැලිඔය, සේරුවිල යන ප‍්‍රදේශවල සිටින සිංහල ජනතාවත් එම ප‍්‍රදේශවලින් ඉවත් කිරීමට සිද්ධ වෙනවා. ඊළඟ භයානක ඉල්ලීම තමයි මහවැලි සංවර්ධන ක‍්‍රියාවලිය යටතේ උතුර සහ නැගෙනහිර පළාත්වල සිදුකර ඇති සිංහල ජනාවාසකරණය නැවැත්වීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම. මොරගහකන්ද ජලාශයෙන් උතුරට වතුර දෙන්න ඕනි නමුත් සිංහල ජනාවාස බෑ. එපමණක් නොවෙයි පිහිටුවා ඇති ජනාවාසත් ඉවත් කළ යුතුයි. මේ කියන්නේ වවුනියාව, කිළිනොච්චිය යන ප‍්‍රදේශවල සිංහල ජනතාව ඉවත් කරන්න කියන එක තමයි ඊළඟ ඉල්ලීම තමයි පුරාවිiා, වනජීවී හා වන සංරක්‍ෂණ දෙපාර්තමේතු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරීම. පුරාවිiා දෙපාර්තමේන්තුව යටතේ දෙමළ ජනතාවගේ භූමි නෑ. ඒ ඉඩම් සියල්ලම රජයේ ඉඩම්. මෙම ඉල්ලීමේ තේරුම තමයි උතුර - නැගෙනහිර තිබෙන සියලූම පුරාවස්තු විනාශ කිරීම සඳහා මේ අයට දෙන්න කියන එක. අනෙක් භයානක යෝජනාව තමයි යුද සමයේදී සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්‍ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙසට කරපු යෝජනාව.

 මේ වගේ යේජනා මීට පෙරත් කරලා තිබෙනවා. ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර පැවති තිම්පු සාකච්ඡුාවලදීත් උතුර සහ නැගෙනහිර ප‍්‍රදේශ දෙමළ ජනතාවගේ නිජභූමිය ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිටියා. වඩුක්කොඬේ සම්මේලනයේදීත් ඔය යෝජනා ඉදිරිපත් කළා. 1949 සිට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්‍ෂය එම යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා.

 එපමණක් නොවෙයි දෙමළ සන්ධානය ඔය යෝජනා මාලාව ඉතා පැහැදිලිව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන සඳහාත් ඉදිරිපත් කරලා තිබෙනවා.

 ප‍්‍රශ්නය - සජිත් පේ‍්‍රමදාස මහතා ඔය යෝජනා පිළිගෙන තිබෙන බව ප‍්‍රකාශ කරන්නේ කුමන පදනමකින්ද?

 පිළිතුර - සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ 15 සහ 16 යන පිටුවල සඳහන් ජනතාවගේ ව්‍යවස්ථාව යන කොටසේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් සඳහා ඉදිරිපත් කළ යෝජනා මාලාවේ තිබුණේ භයානක යෝජනා.

 සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරීමට පෙර රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලා සිටියා දෙමළ සන්ධානය සමග කතා කරලා එන්න කියලා. ඒ අනුව ඔහු දෙමළ සන්ධානය සමග සාකච්ඡුා කළා. නමුත් කතා කළේ මොනවද කියල කිව්වේ නෑ. ඔවුන් සමග එකඟතාවට ආපු නිසා තමයි සජිත් මහතාට නාමයෝජනා ලබාදුන්නේ.

 සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කරලා තිබෙනවා ඔහු පූර්ණ ලෙස බලය බෙදීමට එකඟ බව. නමුත් පූර්ණ බලය බෙදීම කියන්නේ කුමක්ද කියලා කොහේවත් පැහැදිලි කරලා නෑ. පූර්ණ බලය බෙදනවා කියන්නේ ඉල්ලන ඉල්ලීම් ටික දෙනවා කියන එක තමයි.

 ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකට අනුව 2003 දී පමණ උතුර සහ නැගෙනහිර පළාත් දෙකකට වෙන් කළා. නමුත් ඊට පසුව 2006 දී රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කළා උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීම සඳහා යෝජනාවක් ගෙන ආවොත් ඒ සඳහා එ. ජා. පක්‍ෂයේ සහයෝගය ලබාදෙන බව. ඒ අනුව පැහැදිලි වනවා උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීම එ. ජා. පක්‍ෂයේ ප‍්‍රතිපත්තිය වන බව.

 සජිත් පේ‍්‍රමදාස මහතාට සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී අපේක්‍ෂකත්වය ලබාදුන් අවස්ථාවේදී රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළා අලූත් ආණ්ඩුවේ පළමු කාරණය ලෙස හය මාසයක් තුළ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගෙන එන බව. දෙවැනි කාරණය තමයි සජිත් මහතාගේ නායකත්වය යටතේ මගේ න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කරන බවට රනිල් මහතා කළ ප‍්‍රකාශය. එම න්‍යාය පත‍්‍රයේ පළමු කාරණය තමයි උතුරට සහ නැගෙනහිරට ස්වාධීන පාලනයක් ලබාදෙන විධියේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා කියන එක. මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඊට අවශ්‍ය දේ තිබෙනවා. එහි තිබෙනවා නව පාර්ලිමේන්තුව විසින් අරම්භ කරන ලද අග‍්‍රාමාත්‍යවරයාගේ එකඟත්වය මත විධායක ජනාධිපති ධුරයේ ක‍්‍රියාකාරීත්වය අහෝසි කිරීම පිළිබඳව. එම ධුරය අහෝසි කළ ගමන් දෙමළ සන්ධානයේ ඉල්ලීම් ටික ලැබෙනවා. ඒ වගේම බලය බෙදීමේ ක‍්‍රියාවලිය ප‍්‍රමාදයකින් තොරව අවසන් කරන බවත් එහි තිබෙනවා. ඒ වගේම මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තවදුරටත් සඳහන් කරලා තිබෙනවා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත්කරන ලද ස්වාධීන රජයේ අභිචෝදකයකු බිහිකරන බව. ඒ කියන්නේ උතුර සහ නැගෙනහිරට වෙනම ඇටෝර්නි ජනරාල් කෙනකු දෙනවා කියන එක තමයි. ඊළඟට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ අර්ථ නිරූපණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට ගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණයට යොමු කරන බව සඳහන් කරලා තිබෙනවා. එමඟින් පළාත් අතර ආරවුල් නිශ්චය කරන බවත් එහි සඳහන් කරලා තිබෙනවා. මේ කියන්නේ වෙනම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවනවා කියන එක තමයි. නොබෙදුණු සහ වෙන් කළ නොහැකි ශ‍්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදාහැරීමක් කරන බවත් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් වෙනවා.

 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා මුල් වූ අය සඳහන් කළා අපට ලේබල් වැඩක් නොමැති බවත් අවශ්‍ය වන්නේ ක‍්‍රියාකාරීත්වය පමණක් වන බවත්. එහි හරය තමයි බලය දෙනවා නමුත් ඒකීය යන වචනය යොදනවා. නමුත් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඒකීය රටක් ගැන කිව්වත් ඒකීය රාජ්‍යයක් පිළිබඳව සඳහන් වන්නේ නැහැ.

 ඒ වගේම මොවුන් සිංහලෙන් ඒකීය යන වචනය යෙදුවත් දෙමළ පිටපතට යොදන්නේ ඔරුමිත්තනාඩු යන වචනය. ඔරුමිත්තනාඩු කියන්නේ එක්සත් කියන එක මිස ඒකීය කියන එක නෙවෙයි. සම්බන්ධන් 2016 දී අපට ලේබල් වැදගත් නොවන බව සඳහන් කරලා තිබෙනවා. සම්බන්ධන් කියලා තිබෙනවා එක්සත් නොබෙදුණු සහ නොබෙදිය හැකි ශ‍්‍රී ලංකාවක් තුළ නව ව්‍යවස්ථාව සකස් කරන බව. එම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුව මහ ආණ්ඩුව ආරක්‍ෂාව, විදේශ කටයුතු, එක් මුදල් ඒකකයක්, එක් විදේශ ගමන් බලපත‍්‍රයක් පමණක් ඉතිරි කර අනෙක් සියලූ බලතල ඔවුන්ට අවශ්‍ය බව ප‍්‍රකාශ කරලා තිබෙනවා. පූර්ණ බලය බෙදීම කියන්නේ ඒක තමයි. ඔය ටික දුන්නට පස්සේ උතුර සහ නැගෙනහිරින් සිංහලයන් එලවන එක ප‍්‍රශ්නයක් නොවෙයි. ඒ වගේම පුරාවස්තු ටික විනාශ කරන එකත් ප‍්‍රශ්නයක් නෙවෙයි.

 මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පළාත් සභා නියෝජිතයන්ගෙන් සමන්විත දෙවැනි සභාවක් හෙවත් සෙනට් සභාවක් පිහිටුවන බවත් සඳහන් වෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සකසපු යෝජනා මාලාවෙන් සෙනට් සභාවක් පිළිබඳව සඳහන් වෙනවා. ඉල්ලන ඒවාටත් වඩා දෙන්න තමයි මේ සූදානම් කරලා තිබෙන්නේ. මුදල් රැුස්කිරීමේ බලයත්, බෙදාහරින ලද බලය ක‍්‍රියාත්මක කිරීමේ බලයත් ලබාදෙන බවත් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිබෙනවා. දැන් පළාත් සභාවලට මුදල් බලතල නෑ. එම බලතල තිබෙන්නේ මහ ආණ්ඩුවට පමණයි. ඒ වගේම රජයේ නිලධාරීන් ආණ්ඩුවේ කටයුතු සහ පළාත් සභාවල කටයුතු කරන බවත් සඳහන් කරලා තිබෙනවා. එතකොට හැඳුනුම්පත හදන්න, පාස්පෝට් එක හදන්න එතනට දෙන්න පුළුවන්. මෙම යෝජනාවල ත‍්‍රිවිධ හමුදාව පිළිබඳව සඳහන් කළත් පොලිසිය පිළිබඳව සඳහන් කරලා නෑ. එයින් පැහැදිලි වෙනවා පොලිස් බලතලය ලබාදෙන බව.

 පොලිස්, ඉඩම් සහ මුදල් ලැබුණට පසු බිහිවන්නේ වෙනම රටක් තමයි. මේ අනුව පැහැදිලි වනවා සජිත් පේ‍්‍රමදාස මහතා දෙමළ සන්ධානයේ ඉල්ලීම් 13 ලබාදීමට එකඟ වී ඇති බව. එම නිසා තමයි දෙමළ සන්ධානය ඔහුට සහයෝගය ලබාදීමට තීරණය කරලා තිබෙන්නේ.

 මේ කියන්කේ සජිත් දිනුවොත් ශී‍්‍ර ලංකාව තවදුරටත් රටක් වශයෙන් පවතින්නේ නැහැ කියන එක තමයි. ප‍්‍රභාකරන්ට යුද්ධයෙන් දිනා ගැනීමට නොහැකි වූ දේවල් රනිල් සහ සජිත් එකතු වෙලා දෙනවා.

 උතුර සහ නැගෙනහිර ජල විදුලිය උපදවන්න බෑ. ඒ වගේම එම ප‍්‍රදේශවල ජලය නැහැ. ගංගාවක් හරවල තමයි එම ප‍්‍රදේශයට ජලය දෙන්නේ. එම පසුබිම තුළ සජිත් මහතාගේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කළහොත් ඇති වන්නේ එළදෙනගේ කිරි තිබෙන ප‍්‍රදේශය ඔවුන්ට දීලා තණකොළ කැවීම අපි භාරගත්ත වගේ වැඩක්. ඒ කියන්නේ මෙම ප‍්‍රදේශවල වියදමින් උතුර සහ නැගෙනහිර වෙනම රටක් ලෙස පාලනය වනවා. එම ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙන්කර ගන්නවාට වඩා එම තත්ත්වය ඔවුන්ට වාසිදායකයි.


(දිවයින පුවත්පතිනි)

Wednesday, 30 October 2019

කතිරය X පමණක් ඇති



ජනාධිපතිවරණයකදී ‌තෝරන්නේ ඒක් 
පුද්ගලයෙක් නිසා කතිරය 

X

හොඳටම ඇති.

ආයෙ ‌මොන ඉලක්කම්ද ?


Wednesday, 23 October 2019

කර්මය පළදීම ‌නොහොත් කුඩු වී මිය යාම


තරුණ තරුණියන් ප්‍රධාන 60,000කට ආසන්න පිරිසක් චිරස්චින ලෙස ඝාතනය වූ 1986 සිට 1990 දක්වා පැවති ජවිපෙ 2වැනි කැරැල්ලෙන්ද නිදසුන් එමටය. බොහෝ දෙනෙකු ඝාතනය කළේ වධබන්ධන වලට මුහුණදීමෙන් පසුවය. ගෞරවනීය මරණයක් වෙනුවට මහමඟ ටයර් සෑයවල් උරුම විය.  කර්මය පලදීමේදී සමාජ තරාතිරම් කිසිවක් වැදගත් නැත. රජකම් කලත් කලකම් පළදේ යනුවෙන් කියමනක් ඇත.



බොහෝ දෙනෙකුට ස්වභාවික මරණයක් හිමි නොවීය. එය ස්වභාදහමේ නියතය විය. ඇතැම් බෝම්බවලට හසුවී අකල් මරණයන්ට ලක්වූ අයගේ අළු පොදක් පවා සොයාගැනීම අසීරු විය. ජනප්‍රවාදයේ ප්‍රකට කියමනක් වන්නේ කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ යන්නය. වධදීම් සහ ඝාතන වලට සම්බන්ධවු බහුතරයකටම වාගේ සුවදායක ජිවිතයක් හෝ ගෞරවනීය මරණයක් හිමිවූයේ නැත.


ජවිපෙ 2වැනි කැරැල්ල මුළුමනින් පරාජය කිරීමට දේශපාලන නායකත්වය ලබාදුන් 
ජනාධිපති රණසිංහ ප්‍රේමදාස දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ 
මරාගෙන මැරෙන බෝම්බයකින් ආමර්වීදියේදී හංදියේදී 
1993 මැයි 1දා ඝාතනයට ලක්වූ අවස්ථාවේ 
එම ස්ථානය දිස්වූයේ මෙසේය. 
එහිදී ජනාධිපතිගේ ආරක්ෂකයින් ඇතුළු 16 දෙනෙක්ද මරු වැළඳ ගත්හ.(ඉහළ) 
සහ ජනාධිපති ප්‍රේමදාස ඝාතනයෙන් පසු 
පවුලේ ඥාතීන් මතක වස්ත්‍ර පූජාව සිදුකල අයුරු(පහළ).



60,000කට ආසන්න පිරිසක් ඝාතනයට ලක්කරමින් 
ජවිපෙ දෙවැනි කැරැල්ල පරාජය කිරීමට සංවිධානාත්මක නායකත්වය දුන් 
එජාප සභාපති සහ ජාතික ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න
දෙමළ බෙදුමාවාදී කොටි සංවිධානයේ කාර් බෝම්බයකින් 
හැව්ලොක් ටවුමේ පොලිස් ක්‍රීඩාංගනය ඉදිරිපිටදී 
1991 මාර්තු 2වැනිදා ඔහුගේ වාහනය සමගින්ම 
දැවී අළුවී ගිය අයුරු(ඉහළ) 
ඇමති විජේරත්න ඇතුළු පුද්ගලයින් 17ක් 
ඝාතනයවූ එම ස්ථානයේ දර්ශනයක්(පහළ).










කීර්තිධර මාධ්‍යවේදී රිචඩ් සොයිසා(වමේ) 
ඔහු සිය රාජගිරියේ නිවසේ සිටියදී 1990 පෙබරවාරි 18 අලුයම 3.30ට 
පැහැරගෙන ගොස් ඝාතනයකර සොයිසාගේ සිරුර මොරටුව මුහුදට දැමූ 
සැලසුම මෙහෙයවූ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ(දකුණේ)ද 
1993 මැයි 01 ජනපති ප්‍රේමදාස ඝාතන සිදුවීමේදී 
එම බෝම්බයටම හසුවී දැවී අළුවී ගියේය. 
රිචඩ්ගේ සිරුර 1990 පෙබරවාරි 19වැනිදා 
මොරටුව කොරළවැල්ල දුම්රිය ස්ථානය අසළට ගොඩගසා තිබිණි. 




උපුටා ගැනීම අන්තර්ජාලයේ පළවූ ධර්මන් වික්‍රමරත්න ‌ගේ ලිපියකිනි.







ප්‍රේමදාස සහ ප්‍රේමදාස


The Sunday Times පුවත්පතට ආරක්ෂක  තොරතුරු පිළිබඳව වසර  ගණනක් ලිපි ලිවූ ඉක්බාල් අතාස් UPI පුවත් සේවයට ලියන  ලද  ලිපියකට අනුව ඔහුට දුරකතනයෙන් කතා  කළ  උඩුගම්පොල , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රෙජිස්ටාර් වරයාවූ T.E. නාගහවත්ත මහතා දිවා  ආහාරයට  නිවසට  යාමට මෝටර් රථයට  නගින විට    ජවිපෙ විසින් ඔහුට  වෙඩි තබා  මරා දැමීමෙන් පසු  එහි කඩා වැදුණු කණ්ඩායමක්  එහි සේවකයන් 14 දෙනෙකු අල්ලාගෙන   ඔවුන්ගෙන්  6 දෙනෙකුගේ බෙලිකපා සරසවි භුමියේ  කුඩා  පොකුණක් වටා තබා  තිබෙන බවත් අනෙක් 8 දෙනාට වෙඩි තබා  මරා දමා  තිබෙන බවත් කියා   තිබේ. ‘කන්ද උඩරට  උකුස්සෝ ‘ නැමති සංවිධානයක්  විසින්  රෙජිස්ටාර්වරයා මර දැමීමට  පලිගැනීමක් ලෙස   එය  කර ඇති බව  උඩුගම්පොල වැඩි දුරටත් ඉක්බාල් අතාස් ට  කියා  තිබේ  . ඒම ඝාතන උඩුගම්පොලගේ නියෝගයකින් හෝ  ආශිර්වාදයෙන්  කෙරුණු බවට සිතීම සාධාරණය.



ජවිපෙ විනාශ කිරීම  තම එකම රාජකාරිය  කර  ගත් අය අතර උඩුගම්පොල ප්‍රමුඛයෙක් විය. නීති රීති  බල්ලට දමා  මිනිසුන් ඝාතනය  කරන ලෙස  ආණ්ඩුවට  යෝජනාකරන ලද්දේ ඔහු බව  කියනු ලැබේ.  හමුදා  පවුල් තුනක් ඝාතනය  කිරීමට  පලි ගැනීමක් ලෙස  උඩුගම්පොලගේ රාජකාරී ප්‍රදේශයට අයත්  මැණික්හින්නේ  මිනිසුන් 150 ක් එක දිනකදී  මරා දමනු ලැබිණ.
විශ්‍රාම යාමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වූ අතර  ඔහු ප්‍රේමදාසගේ  ගජයෙක් බවට  පත්විය . ප්‍රේමදාසට එරෙහිව  ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක නායකත්වය දුන් අවස්ථාවේදී   උඩුගම්පොලද එයට එක් වීම නිසා ප්‍රේමදාස ඔහුගෙන් පලි ගැනීමට  සුදානම් විය.  මෙය දැනගත් උඩුගම්පොල ඉන්දියාවට  පැන ගිය අතර  යලි  ඔහු ලංකාවට  පැමිණියේ  ප්‍රේමදාස කොටි බෝම්බයෙන් 1993 දී මිය යාමෙන් පසුවය .
එක්සත්  ජාතික  පක්ෂය සමග  යලිත් දේශපාලනය  කළ  ඔහු 2010 ජනාධිපතිවරණයේදී සරත්  ෆොන්සේකා  දිනවීමට වෙහෙස  මහන්සිවී  කටයුතු කළේය . ජවිපෙද සරත් ෆොන්සේකා දිනවීමට මුලිකත්වය ගෙන  තිබු  බැවින්  පරම සතුරන් දෙදෙනෙකු එක අරමුණක් වෙනුවෙන් එකතු වීම    88-89  මියගිය අයට කරන  ලද සරදමක් ලෙස ඇතැමෙකු දකිනු ඇත.  
(අන්තර්ජාලයෙන් උපුටා ගැනීමනි.)

Tuesday, 22 October 2019

මෙන්න බටලන්ද!

භීෂණය සහ ඝාතනය රට පුරාම වෙලා ගත්තේය. ඝාතන සංස්කෘතියේ පුරෝගාමීන් නිරුපද්‍රිතව සිටියදී ඔවුන්ගේ මනදොල සපුරාලමින් සැණකෙලිද, බලි බිලිද අඩු නොවීය. ආරක්ෂක අංශ, ගෝනි බිල්ලෝ සමඟින් දඩයම් සොයා ඉගිල ගියහ. රටපුරා තැන් තැන්වල මිනී කඳු ගොඩ ගැසිණි. වධකාගාර තැන තැන ඇරඹිණි.


ජවිපෙ දෙවන කැරැල්ලේදී වධකාගාර වල දුක්විද සිය ගණනින් නොව දහස් ගණනින් මිය ගියෝය. ඔවුන්ගේ සිරුරු පුළුස්සා හෝ ගංගාවල පා කර හරින ලදී. වධකාගාර ස්ථාපිත වූයේ රජයේ ආයතන, කුළියට ගත් පෞද්ගලික නිවාස, පොදු ස්ථාන සහ නිවාස සංකීර්ණයන්හිදීය. කොළඹින් පිට ප්‍රචලිත වධ කඳවුරු පිහිටියේ මාතර එළියකන්ද, පැලවත්ත, ඇඹිලිපිටිය ජාතික පාසල ඉදිරිපිට මහවැලි නිල නිවාස, කළුතර සොරණාතොට වත්ත, ගාල්ල වලව්වත්ත, අගුණුකොලපෑලැස්සේ ප්‍රජා ශාලාව, මැදිරිගිරිය ඒකනායක, දඹුල්ලේ පැල්වෙහෙර රජයේ ගොවි‍පල, බදුල්ලේ හාලිඇල මෝටර්ස් ගරාජය, හලාවත පොල්වත්ත, වැලිගම කඳවුර, මාතර තලල්ලේ කම්කරු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, ගාල්ල හිල්ටොප්, ගාල්ල ‍කොටිගල, කරන්දෙනිය උණගස්වල, කළුතර බෝඹුවල, මොණරාගල සියඹලාන්ඩුව අම්පාර 4 කනුව අසල මුතුකණ්ඩි ව්‍යාපෘති කාර්යාලය, පොල්ගොල්ල සමූපකාර විද්‍යාලය, බතීගම වත්ත, කෑගල්ලේ වික්‍රමසිංහ බංගලාව, හපුතලේ බෙරගල සමර් ‍ෆැසන් ඇඟළුම් කම්හල, නුවරඑළිය පුරහළ, පල්ලකැලේ කඳවුර අසළ ග‍ඟෙන් එ‍ගොඩ සියඹලාගස ඉදිරිපිට වර්තමානයේ හෝටලයක් ඉදිකර ඇති ස්ථානය, කුරුණෑගල වැහැර, ලිදුළ තේ කම්හල ආදී ස්ථාන කිහිපයකමය.

කොළඹ සහ ඒ අවට ප්‍රකට වධකාගාර පිහිටියේ කොළඹ යටාරෝ කැෆ්ටේරියාව, කොළඹ තුම්මුල්ල, කොළඹ රේස්කෝස් පිටිය, බියගම සපුගස්කන්දේ බටලන්ද, බත්තරමුල්ලේ සෙත්සිරිපාය, ඔරුවල වානේ සංස්ථා පුහුණු ආයතනය, කොළඹ සරසවි නීති පීඨය, කොළඹ ටොරින්ටන් සහ ග්‍රෙගරි පාරේ කාර්යාල, කැලණි සරසවියේ ක්‍රීඩාගාරය, මත්තේගොඩ කඳවුර, මීරිගම යොවුන් නිකේතනය, පෑලියගොඩ පට්ටිය හන්දිය, කැස්බෑව, දෙමටගොඩ හරක් මඩුව, බොරැල්ල කනත්ත, මොඩර් ෆාම්පාරේ ‍ගොල්ෆ් පිටිය, ජයවර්ධනපුර නේවාසිකාගාරය, ජයවර්ධනපුර සරසවියේ කළමනාකාර ගොඩනැගිල්ල, හැව්ලොක් ටවුන් හෙන්ද්‍රි ප්‍රේදිරිස් ක්‍රීඩා මණ්ඩපය, මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා මණ්ඩපය, කැලණියේ පට්ටිය හන්දියේ බිලියඩ් ශාලාව වැනි ස්ථානවලය.

මෙම දුක්මුසු වධකාගාර නාටකයේ හද කම්පා කරවන එක් ආන්දෝලනාත්මක ජවනිකාවක් වූයේ බටලන්ද වධකාගාරයයි. එය පිහිටියේ ගමිපහ දිස්ත්‍රික්කයේ බියගම මැතිවරණ කොට්ඨාශයේ බටලන්ද පිහිටි අක්කර 20ක පොල් ඉඩමකය. ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කිරීම සදහා රාජ්‍ය පොහොර සංස්ථාව පිහිටවූ අතර ඒ සඳහා අවශ්‍ය යූරියා නිෂ්පාදන යන්ත්‍රාගාරයක් ස්ථාපනය කිරීම බ්‍රිතාන්‍යයේ කොලොන් සමාගමට පවරන ලදී. ඒ අනුව සපුගස්කන්දේ පිහිටි භූමියක් තෝරාගත් අතර විදේශීය කාර්මික විශේෂඥයින් සෑහෙන කලක් ශ්‍රී ලංකාවේ සිටිය යුතු බැවින් බටලන්ද නිවාස යෝජනා ක්‍රමය බියගමදී ඉදිකරන ලදී. සපුගස්කන්ද පොලිස් ස්ථානය, කිරිබත්ගොඩ බියගම මාර්ග‍යේ පිහිටා ඇති අතර එම හන්දියෙන් හැරී කිලෝමීටර් 2ක් යන විට බටලන්ද ගම හමුවේ. බටලන්ද නිවාස යෝජනා ක්‍රමය පිහිටා ඇත්තේ එහිය. මෙයට සාදා ඇති විවිධ වර්ගයේ නිවාස ඒකක 64ක් අයත්ය. කාර්යාල සංකීර්ණයක්, සමාජ ශාලා ගොඩනැගිල්ලක් සහ පිනුම් තටාකයක්ද එහි විය.


බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ සිටි විදේශික විශේෂඥයෝ අසූව දශකය මුල් භාගයෙන් ශ්‍රී ලංකාවෙන් බැහැර ගියහ. අනතුරුව නිවාස යෝජනා ක්‍රමයේ නිවාස සමහරක් ඉහළ නිළධාරින්ගේ පදිංචියට වෙන්විය. තවත් සමහරක් ගිවිසුම් මත විදුලි බල මණ්ඩලයේ සහ ඇල්පෙක්ස් පෞද්ගලික ආරක්ෂක සමාගමේ නිළධාරින්ට කුලි පදමක් මත ලබාදි තිබිණි. යුධ හමුදාවටද 1985දී යුධ හමුදා කඳවුරක් පිහිටුවීම සදහා කොටසක් නිල වශයෙන් මුදා හරින ලදී.

මානව සංහතිය මුහුණ දුන් බිහිසුණු කුරිරු රංගනයක යෙදුණු බටලන්ද වධකාගාරයේ ම්ලෙච්ඡ ජවනිකා ක්‍රමයෙන් අනාවරණය වන්නට විය. ඝාතකයින්ට දේශපාලනයේ අනුග්‍රහය ලැබෙද්දී එහි දුගඳ කැළණි මිටියාවත හරහා තන බිම් ඔස්සේද පැතිරිණි. ජනතා‍වගෙන් වසා තබන්නට වෑයම්කල රහස් සොබා දහමේ හාස්කමකින් මතු වූයේ පුදුමයක් මෙනි. ඒ බටලන්ද වධකාගාරයේ සිටි කිහිප දෙනෙක් එළියට පැන යාමෙන් පසු කල හෙළිදරව්වන් සහ නෛතික ක්‍රියාමාර්ගයන් නිසාය.


එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා, ජේෂ්ඨ පොලිස් අධිකාරි නලීන් දෙල්ගොඩ,
උප පොලිස් පරික්ෂකයෙකු වශයෙන් සිටියදී සහ 
සපුගස්කන්ද පොලිස් අත්අඩංගුවේ සිටියදී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 
මියගිය නීතිඥ විජේදාස ලියනාරච්චි.

බටලන්ද වධකාගාරයේ ප්‍රධාන සැකකරුවෙක් වූයේ කැළණිය කොට්ඨාශයේ ‍සහකාර පොලිස් අධිකාරි මෙහෙයුම් ලෙස කටයුතු කරමින් එයට නායකත්වය දුන් ඩග්ලස් පීරිස්ය. විභාගයෙන් අසමත්වීම හේතුවෙන් 1990 වනවිට පීරිස් සිටියේ ස්ථීර නොකළ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙසය. ජේෂ්ඨ පොලිස් අධිකාරි නලීන් දෙල්ගොඩ විසින් 1989 නොවැම්බර් 25වැනිදා පොලිස් අධිකාරි තනතුරකට ඩග්ලස් පීරිස් උසස් කරන ලෙසට නිර්දේශ කරන ලදී. එයට ‍හේතු ලෙස ලිපියේ දක්වා තිබුණේ ජවිපෙ දෙවනි කැරැල්ල පැවති කාලයේ එය ඉදිරියට යෑම වැලැක්වීමටත් කඩාකප්පල්කාරින් ඉවත්කොට දැමීමට වගකිවයුතු වන දේ සිදුකල යුතු බවය. 

ඩග්ලස් පිරිස්ට වැටුප් වර්ධක දෙකක් ලබාදෙන ලෙසට නිර්දේශය 1990 පෙබරවාරි 6වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමත විය. පත්විම 1988 ජුලි 20 වැනිදා සිට අතීතයට බලපවත්වන සේ ක්‍රියාත්මක විය. මෙම පත්වීමෙන් පොලිස් නිලධාරින් 130 දෙනෙකු ඉක්මවා ඔහු‍ ජේෂ්ඨත්වයෙන් ඉහළ නැංගේය. පොලිස් සේවයේ එතෙක් සිදුකරන ලද දිගම දුර පැනීම එය විය. 

මෙහිදී ඉවත්කොට දැමීම යනුවෙන් අදහස් කළේ මනුෂ්‍ය ඝාතන සිදු කිරීමය. මෙම මනුෂ්‍ය ඝාතන හදුන්වනු ලැබුවේ 55 එෆ්.එෆ් මරණ යනුවෙනි. අදාළ වචනයන්හි සාමාන්‍ය තේරුම නැතිකර දමනවා හෝ මරණයට පත්කිරීම බව ඩග්ලස් පීරිස් පිළිගත්තේය. ඉවත් කොට දැමීම යනු අධිකරණ ක්‍රමයෙන් බාහිරව කඩාකප්පල්කාරින් ඝාතනය කිරීම බව එවකට සිටි පොලිස්පති අර්නස්ට් එඩ්වඩ් පෙරේරා කොමිසමේදී පිළිගත්තේය. සිරුරු මත ටයර් දමා ගිනි තැබීම හැදින්වුයේ ටයර් සෑයවල් යන නමිනි. 

ඩග්ලස් පීරිස් හදිසියේම අතුරුදහන්ව කොමිසම ඉදිරියට පසුව ආවේ නැත. ඔහු තල්පාවිල විදාන කංකානම්ගේ විමලසේන නමින් ව්‍යාජ ගමන් බලපත්‍රයකින් 1996 ජුලි 20වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ස්විස්ලන්තයට පැන ගියේය. කොමිසම හමුවේ සාක්කි දීමට පොලිස් පරික්ෂක පී. නිශ්ශංක කැඳවීමට ටික වේලාවකට පෙර නිශ්ශංක තමාටම වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත්තේය.

කොමිසන් වාර්තාවේ ප්‍රකට ලෙසින් හෙළිවන අය අතර සහකාර පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස්, සපුගස්කන්ද පොලිස් ස්ථානයේ කාර්යභාර්ය නිලධාරි වශයෙන් කටයුතු කල පොලිස් පරික්ෂක කිර්ති අතපත්තු, කැළණිය පොලිස් කොට්ඨාශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරියේ නලීන් දෙල්ගොඩ, කැළණියේ පොලිස් කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති වූ මෙරිල් ගුණරත්න, කැළණිය පොලිස් ‍කොට්ඨාශයේ කඩාකප්පල්කාරි ක්‍රියා මර්ධන ‍ඒකකයේ කාර්යභාර නිළධාරි රංජිත් වික්‍රමසිංහද, බියගම ආසනය නියෝජනය කල ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ යෞවන කටයුතු සහ රැකිරක්ෂා ඇමති රනිල් වික්‍රමසිංහ විය.



නියෝජ්‍ය පොලිස්පති මෙරිල් පෙරේරාගේ සාක්ෂි අනුව රටේ පැවති තත්ය විශේෂ එකක් වූ අතර එය මැඩලීමට විශේෂ ක්‍රියාමාර්ග ගැනිමට සිදුවිය. පොලිස් කොට්ඨාශවල ප්‍රධාන පොලිස් ස්ථානයන්හි කඩාකල්පල් ක්‍රියා මර්ධන ඒකක පිහිටුවුයේ 1987දීය. නිලධාරින්ට සිවිල් ඇදුමින් සැරසී සිවිල් ලක්ෂණ දැරූ වාහන පවරාගෙන ගමන් කිරීමට බලය දෙනු ලැබීය. මෙම වාහන සමහරකට ලියාපදිංචි අංක නොතිබු අතර තිබු‍ණේ ගරාජ් අංක පමණි. මෙම කණ්ඩායම් සෝදිසි කණ්ඩායම් ලෙස හැදින්විණි. ඒවා ප්‍රා, කොළ කොටි, කළු බළල්ලු, කහ බළල්ලු, දිවි මකුළුවා යන නම්වලින් හැදින්විණි. ඒවායේ ප්‍රධාන කාර්යය වූයේ කඩාකප්පල්කාරින් අත්අඩංගුවට ගෙන විනාශ කිරීමය. කැබිනට් අමාත්‍ය සහ එජාප මන්ත්‍රී ජෝන් අමරතුංග කොමිසම හමුවේ කියා සිටියේ ඔහු තුළ පැවති විශ්වාසයනම් කළු බළල්ලු ශ්‍රී ලංකාවේ පොලිසියේම සංවිධානයක් බවය. ඔහුගේ කැබිනට් සගයින් වන රනිල් වික්‍රමසිංහ සහ ජෝෂප් මයිකල් එම අදහසට එකඟවීම ප්‍රතික්ෂේප කලහ. ඩග්ලස් පීරිස්ගේ නිවස ඉදිරිපිටවූ ආරක්ෂක නිළධාරින් සිටි නිවසේ බිත්තිවල කළු බළල්ලු යන වචනය ලියා තිබිණි.

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස 20ක් පමණ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පිට වෙන්කරගෙන තිබිණි. කොමිසම පවසන පරිදි රනිල් වික්‍රමසිංහ, ඔහු‍ගේ ආරක්ෂකයින්, කාර්යාලය සඳහා ඉන් නිවාස 7 භාවිතා විය. සෙසු නිවාස පොලිස් නිළධාරින් සහ භටයන් සඳහා වෙන්විය. කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වූ පද්මිණී ප්‍රේමලතා, කාන්ති ප්‍රනාන්දු, සේපාලිකා යන අයද බටලන්ද සංවිධානමය ව්‍යුහය තුළ විය. තමන් නීති විරෝධීව රඳවා වධදුන් බවට ඉන් නිවාස කිහිපයක්  රැදවුම්භාරයෙන් පලා ඒමට සමත්වූ ටී.එම්. බන්දුල, සුගී පෙරේරා, අජිත් ජයසිංහ යන සාක්ෂිකරුවන් විසින් කොමිසම ඉදිරියේ හදුනා ගන්නා ලදී. මෙම නිවාස කිසිවක් විධිමත් පිළිවෙලක් අනුගමනය කොට පොලිසියට අත්පත්කරගෙන නොතිබූ අතර ගෙවා තිබුණේ ජල සහ විදුලි බිල් පමණි. බටලන්දේ නිවාස මුදාලන ලෙසට රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින ලද්දේ ඩග්ලස් පීරිස් විසින් වන අතර එය ඔහු තම නිළධාරින්ට හිතුවක්කාරි ලෙස වෙන්කරදී තිබිණි. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති(පාලන) 1990 පෙබරවාරි 13වැනිදා චක්‍රලේඛනයක් මගින් අත්පත්කර තිබූ සියළු ගොඩනැගිලි ඒවායේ හිමිකරුවන්ට ආපසු භාරදෙන ලෙස  නි‍‍යෝග කර තිබුණද බටලන්දේ නිවාස 1994 අවසාන වනතුරු පරිහරණය ක‍ළහ.

බටලන්ද වධකාගාරයේ සැකකරුවන්ට කෘර, අමානුෂික සහ ආත්ම ගෞරවය කෙළෙසන වදදීම්වලට භාජනය කිරීම ඇතුළු වධ හිංසා දීමේ ක්‍රම ගණනාවක්ම සිදුවිය. බටලන්ද කොමිසම හමුවේ සාක්ෂිකරුවන් බවට පත්වූ එහි රැඳවියන්ව සිට පලාආ සෞඛ්‍ය අමාතාංශයේ කම්කරුවෙකු වූ අර්ල් සුගී පෙරේරා, මහජන බැංකුවේ ලිපිකරුවෙකු වූ වාසල ජයසේකර, විදුලි ශිල්පියෙකු වූ මුදලිගේ බන්දුල, බෞද්ධ භික්ෂුවක වූ තිස්ස පලිපාන හිමි ඇතුළු කිහිපදෙනෙක්ද රැඳවියන්ට ප්‍රතිකාර කල ආයුර්වේද වෛද්‍ය නිමල් අත්තනායකද මෙම කරුණු කොමිසම හමුවේ හෙළිදරව් ක‍ළහ.

එහිදී හෙළිවූ පරිදි සැකකරුවන් බටලන්දට ගෙන යන්නේ ඇස් වසා බැදගෙනය. පුද්ගලයින්ගේ හිස පහලට සිටින සේ එල්ලා සිටි අතර ඔවුන්ගේ සිරුරු අතරින් ලේ වැගිරෙනු දක්නට ලැබිණි. නිර්වස්ත්‍රකර අනුකම්පා විරහිතව පහරදුන් අතර දෑස් වලට මිරිස් කුඩු දමා ඇගිලිවලට ඇල්පෙනිති කටුවලින් ඇන්නෝය. සෑම අවස්ථාවකදීම ඇස් වසා බැදි රෙදි පටිය සහ ඔහුගේ අත්පා බැදි දම්වැල ඉවත් කරනුයේ වැසිකිලියට යෑමේදී සහ ආහාර ගැනීමේදී පමණි. රැඳවුම්කරුවන්ට දිනකට දෙනු ලැබුවේ එක් ආහාර වේලක් පමණි. පෙරවරු 10ට දෙන එම කෑම බොහෝ අවස්ථාවල නරක්වී තිබිණි. කාමරයේ සිටින විට අත්පා බැදි දම්වැල ගෘහ භාණ්ඩයකට බැද තබා තිබුණි. පහරදීමේදී මිනිසුන් වේදනාවෙන් හඬනු දිගටම ඇසිණි. නිර්වස්ත්‍ර රැඳවුම්කරුවන් බිම වේදනාවෙන් කෙදිරි ගාමින් සිටියෝය. පහරදීම් නිසා ලේ ගලන තුවාල ඇතිවී තිබිණි. ඇතමෙකුට මුත්‍රා සමඟින් ලේ පිටවිය. අත් ඉහළට සිටින සේ සැකකරුවන් පොළවෙන් උස්සා වහලේ එල්ලනු ලැබීය. ඉන් පසු රැඳවියා පද්දන විට පුද්ගලයෝ ඔහුට පොලුවලින් පහර දුන්නෝය. වේදනාවෙන් කෑගසන විට කෑගැසීම වැලැක්විම පිණිස මුඛයට පාන්කඩ එබූ අතර පහරදීම යළි පටන් ගැනිණි.

එම සාක්ෂිකරුවන් ‍බටලන්ද කොමිසම ඉදිරියේ තවදුරටත් පැවසූ පරිදි ඇතමෙකුගේ තුවාල පැසවා තිබූ අතර පැසූ තුවාලවල පනුවන් ගසා තිබිණි. අයකුගේ මුඛය පුළුස්සා තිබිණි. එමෙන්ම සැකකරුවෙක් දෑත් සහ දෙපා ධර්මචක්‍ර සංකේතයක් ලෙස බැඳ සැකකරු කරකවමින් පොලු කැබලිවලින් යටිපතුල්වලට පහරදී ධර්මවක්‍ර වධය පැමිණිම, දැල්වෙන දුම්වැටිවලින් පිලිස්සීම යන වධ ක්‍රමද ක්‍රියාත්මක විය. 

එමෙන්ම බටලන්දේ රැඳවියන් ගෝනි බිල්ලන් බවට පත්කර ගනිමින් මහා මාර්ගවලටද ජවිපෙ සැකකරුවන් සෙවීම සඳහා ගෙන යන ලදී. ඇතැම් සැකකරුවන්ට කිහිප වතාවක්ම  ගැහැණු ඇදුම් අන්දවා බොරු කොණ්ඩයක් පළදවා සඟයන් පෙන්වන ලෙස කියමින් අවට නගරවල එහා මෙහා ගෙන ගියෝය. සෑම අවස්ථාවකම මෙම නිවාස වල රඳවා සිටි පුද්ගලයින් සංඛ්‍යාව 100කට අධිකය. පිටතට ගෙන ගිය අය ඉන් පසු නැවත නිවෙස් තුළට ගෙන ආවේ නැත. නිදහස්කල ඇතැම් රැදවියන් නිදහස් වී තිබුණේ රුපියල් 50,000ක පමණ මුදලක් ඔවුන් නම් කල අයෙකු වෙත රැඳවියන්ගේ ඥාතීන් විසින් ලබාදීමෙන් පසුවය.

මානෙල්වත්ත විහාරයේ  පලිපාන හිමි 1989 ජනවාරි 31වැනිදා අත්අඩංගුවට පත් අතර බටලන්ද නිවාසයේ රඳවා සිටින කාලයේ ඔහුගේ සිවුර ගලවා නිර්වස්ත්‍රව තබන ලදී. එම හිමියන්ට පයින් පහරදී පුළුස්සාද තිබිණි. පලිපාන හිමි කොමිසම හමුවේ පැවසූ  පරිදි පහරදුන් එක් අයෙකු ‍වූයේ කොමිෂන් සභාව ඉදිරියට කැඳවූ අවස්ථාවේදී හදුනාගත් කාන්තා උප පොලිස් පරික්ෂක පද්මිණී ප්‍රේමලතාය. ‍

ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරි සාමාජිකයෙකු වූ නිතිඥ විජේදාස ලියනාරච්චි 1988 අගොස්තු 25වැනිදා පස්වරු 4ට නුගේගොඩ ගංගොඩවිලදී පැහැරගෙන තංගල්ල පොලිස් අධිකාරි කරවිටගේ ධර්මදාස‍ගේ තංගල්ලේ පිහිටි නිල නිවසේ තබාගත් අතර එහිදී වධ බන්ධනයට ගොඳුරු විය. ඒ පිළිබදව නැගුණු උද්ඝෝෂණය නිසා කොළඹට ගෙන ආ ඔහු 1988 සැප්තැම්බර් 1වැනිදා පෙරවරු 11.30ට ගෙනවිත් රඳවාගෙන සිටියේ බටලන්ද ක්‍රියාත්මක කරන කැළණියේ විශේෂ පොලිස් කණ්ඩායම යටතේ සපුගස්කන්ද පොලිසියේය. පසුව මරණයට පත්වූ ඔහුගේ ඝාතනය පිළිබද නඩු විභාගය 1989 දෙසැම්බර් මස ආරම්භ වූයේ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් ජුරි සභාවක් ඉදිරියේය. 
නඩු විභාගය අවසානයේ තීන්දුව 1991 ප්‍රකාශ කිරීමට පෙර අනපේක්ෂිත ලෙසින් තමන් ලියනාරච්චි පැහැරගෙන යාම සහ අයුතු ලෙස සිරකිරීම සම්බන්ධයෙන් වරදකරුවන් බව චූදිතයන් කියා සිටියේය. ඔවුන්ට නියම කරන ලද්දේ අත්හිටවූ සිර දඬුවම් පමණි. රහසිගත ස්ථනයකදී මියයන තෙක් ලියනාරච්චිට වධ හිංසා පමුණුවා ඇති බව හෙළිවිය. ඔහුට පහර දුන්නේ තංගල්ලේදිද සපුගස්කන්දේද යන ප්‍රශ්නයට උත්තර දිය හැක්කේ අදාළ සාපරාධි ක්‍රියාවට වගකිවයුතු පුද්ගලයන්ට පමණක් බව බටලන්ද කොමිසමේ මතය විය.

ජවිපෙ සන්නද්ධ අංශය විසින් 1989 ජුලි 16 වැනිදා අළුයම 2.55‍ට සපුගස්කන්ද පොලිසියට පහරදී ආයුධ කිහිපයක් ගෙන ගිය අතර ප්‍රහාරකයින් දෙදෙනෙකු සහ පොලිසියේ තිදෙනෙකු මරමුවට පත්විය. එක් මියගිය ප්‍රහාරකයෙකු වූයේ සුමිත් පෙරේරා හෙවත් කළුවාය. පසුව සපුගස්කන්ද පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රෝහිත ප්‍රියදර්ශන 1990 පෙබරවාරි 20 පස්වරු 8.30ට අතුරුදහන් විය.ඔහු‍‍ගේ සිරුර 1990 පෙබරවාරි 23වැනිදා සවස කැළණි නදියේ පාවෙමින් තිබියදී හමුවිය. ප්‍රියදර්ශනගේ සිරුරෙහි තනපුඩු 4ක් තිබීම හේතුවෙන් සිරුර හඳුනාගැනීම පහසුවිය. එවකට සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා වූයේ කීර්ති අතපත්තුය. අතුරුදහන් වීම් වලට විරෝධය පෑ ජාඇල පොලිසි‍යේ උප පොලිස් පරික්ෂක අජිත් ජයසිංහ 1990 පෙබරවාරි 24වැනිදා දෙමටගොඩ දුම්රිය හරස් පාර අසළදී ඩග්ලස් පීරිස්ගේ මෙහෙයවීමෙන් පැහැරගෙන ගොස් නීති විරෝධීව රඳවා ගන්නා ලදී.

එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු වන දෙල්ගොඩ කඳුබොඩ අඹ සෙවන නිවසේ පදිංචි උදයචන්ද්‍ර සහ රත්නචන්ද්‍ර යන ලියනගේ පවුලේ සහෝදරවරුන් දෙදෙනා 1989 ජුලි 7 පැහැරගෙන ගොස් බටලන්ද වධකාගාරයේ සිරකර තබාගෙන තිබිණි. ඒ පිළිබදව අභියාචනාධිකරණයට හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් විය. රත්නචන්ද්‍ර ලියනගේ මරාදමා තිබූ අතර බේරී ආ ඔහුගේ සොහොයුරා වූ උදයචන්ද්‍ර නඩු විභාගයේදි සාක්ෂි දුන්නේය. එය විභාග කල ගම්පහ මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමආරච්චි මරණය සිදුකිරීමේ අරමුණින් පැහැරගෙන යාමේ චෝදනාවට වරදකරුවූ හිටපු පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරින් 5 දෙනෙකුට 2009 අගෝස්තු 26වැනිදා බරපතල වැඩ සහිත වසර 5ක සිර දඬුවම් නියම කළේය.

බටලන්දේ පැවති රැස්වීම් වලින් සාකච්ඡා කරනු ලැබූ කරුණු නීති විරෝධි ඒවා බව යමෙකුට එළඹිය හැකි එකම නිගමනය වනු ඇතැයි කියා සිටි කොමිසම අවසර නොලත් රැස්වීම්වලදී කඩාකප්පල්කාරි මර්ධන කටයුතු සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියා කලාපයට රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇතැයිද එබදු නියමයන් කිරීමට ‍නෛතික බලයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් ඔහු තම බලය අයථා ලෙස පාවිචිචි කර ඇතැයිද කියා සිටියේය. ඉහත සඳහන් බලය නොලත් රැස්වීම් බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැදවීමේ ස්ථාන සහ වධකාගාර පැවැත්වීම සමඟ බේරිය ‍නොහැකි ලෙස වෙළී පැටලී තිබෙන බව කොමිසම ප්‍රකාශ කර තිබේ.

බටලන්ද කොමිසම ප්‍රකාශ කළ පරිදි සහකාර පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස්, ‍ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් වික්‍රමසිංහ සහ කැළණිය කඩාකප්පල්කාරි ක්‍රියා මර්ධන ඒකකයේ වෙනත් යටත් නිළධාරින් නිති විරෝධී රැඳවුම් ස්ථාන සහ වධකාගාර පැවැත්වීම සම්බන්ධයෙන් සෘජුවම වගකිව යුතු අතර වරදට සහායවීම ගැන කිසිදු සැකයක් නැත.
බටලන්ද වධකාගාරය මුලින්ම වීඩියෝ ගත කිරීමට සහභාගි වූ එවකට ජනාධිපති ඒකකයේ මාධ්‍ය ඒකකයේ වසන්ත කුලතුංගට අනුව අදාළ වීඩියෝව ජනාධිපතිනියගේ මාධ්‍ය උපදේශකට භාර දී තිබේ. එහෙත් රජයේ රස පරික්ෂක බටලන්ද වධකාගාරය තිබූ භූමියට යනවිට තම කැමරාවට හසුවූ බටලන්ද වධකාගාරයේ ලේ පැල්ලම් සියල්ල මකා මඩ තවරා තිබු බව හෙතෙම කියා සිටියේය.

බටලන්ද කොමිසම අවසාන වශයෙන් කළ නි‍ර්දේශ අතර මෙයද විය.

 “ජේෂ්ඨ පොලිස් නිලධාරින් විසින් මෙන්ම එවකට රජයේ දේශපාලනඥයෙකු විසිනුත් මානව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය නිරීක්ෂණය කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා ඇති අධිකරණ බලයත් එම අධිකරණය විසින් අධිකරණ බලය උචිත ලෙස ක්‍රියාත්මක කිරීමත් නොතකාම පෙරකී අයිතිවාසිකම් දඬුවම් විදීමට සිදුවන බියක් නොමැතිව පිට පිට උල්ලංඝනය කර තිබෙනු අපට පෙනී යයි. විධායකය නියෝජනය කරන යම් යම් පුද්ගලයින් විසින් මූලික මිනිස් අයිතිවාසිකම් දිගින් දිගටම උල්ලංඝනය කිරීමට එක් හේතුවක් නම් ඔවුන්ගේ හැසිරීම අප්‍රමාදව ක්‍රියාත්මක වන සහ උචිත දඬුවම්වල තරවටුවලට ලක් නොවිමය. පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිටම උල්ලංඝනය කර ඇතැයි හඳුනා ගනු ලබන පුද්ගලයින්ගේ ‘ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ’ ස්වරූපයෙන්වූ  සුදුසු දඬුවම් එම පුද්ගලයින්ට පැවරීමට අවශ්‍ය අතිරේක අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීම අපි ‍නි‍ර්දේශ කරමු.”

ජනාධිපතිවරුන් 6 දෙනෙක් විසින් වරින්වර ස්ථාපිත කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවන්හි ලද ප්‍රගතීන් කුමක්දැයි කිසිවෙකු ඇසුවහොත් දිය හැකි පිළිතුර වන්නේ එම කොමිෂන් සභා සියල්ලම ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක නොකළ හුදෙක් නාමමාත්‍රික සහ නෛතික බලයක් ක්‍රියාවට නොනැගූ දේශපාලන ඇස් බැන්දුම් පමණක් වන බවය. මෙම සෑම කොමිසමකම නිර්දේශ පිළිබදව අදාළ ජනාධිපතිවරුන් විසින් නීතියේ මුලික මූලධර්මයක් වන වගකීමට බැදි සිටීම හෙවත් වගවීම පිළිබඳ දැනුවත්ව හෝ නොදැනුවත්ව අත්හැර දමා ඇත්තේය.

(ධර්මන් වික්‍රමරත්න‌‌ ලියූ ලියවිල්ලක් අන්තර්ජාලයෙනි.)

Monday, 21 October 2019

මහවත්ත සමූල ඝාතනය – යුක්තිය ගිනිගත් අතීතයක කතාව



මීට වසර 30 ට පමණ පෙර මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහවත්ත ගමේ නිවාස 120ක් පමණ ගිනි තබා විනාශ කරන ලදී.
1989 සැප්තැම්බරය වන විට නිවැසියන්ගෙන් වැඩිහිටි පිරිමි බොහෝ දෙනකු ඒ වනවිටද අත්අඩංගුවට ගෙන හෝ පැහැර ගෙන ගොස් මරා දමා තිබිණි. මේ කාලයේ මහනුවර මෙන්ම රට පුරා බිහිසුණු ඝාතන ක්‍රියාදාමයක් පැවතිනි. එක් පැත්තකින් දේශප්‍රේමී අරගලයේ සන්නද්ධ ක්‍රියාමාර්ග නිසා ජනතාව අන්දමන්දව සිටි අතර ප්‍රතිප්‍රහාර ලෙස හැකි සෑම තැනම කුඩා යුද හමුදා කදවුරුපිහිටුවමින් පොලිසිය මෙන්ම වෙනත් නිල නොවන කණ්ඩායම් දඩයමේ නිරතව සිටියහ. මහවත්ත ගම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ක්‍රියාමාර්ගවලදී කේන්ද්‍රස්ථානයක් ලෙස ආරක්ෂක අංශ විසින් හදුනාගෙන තිබිණි.
මහනුවර සිට මහියංගනය මාර්ගයේ කිලෝමීටර් හතක් පමණ ගිය විට නත්තරම්පොත නව නගරය පසුකර වරාපිටිය හන්දියට පැමිණ කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලය අසළින් වැටී ඇති මාර්ගයේ මහවත්ත ගමට යාමට පහසුය. 29 වසරකට පෙරාතුව අද වැනි දවසක සිදුවූ මහා විනාශය එකල රටපුරා පැවති බිහිසුණු අත්දැකීම්වල කූටප්‍රාප්තියක් වැනිය. මහවත්ත සංහාරය ආරම්භ වූයේ ආසන්නයේ පිහිටි මැණික්හින්න ප්‍රෙද්ශයේ හමුදා පවුල් ඝාතනයක් නිසා බවට ඒ දිනවලආරංචි පැතිර ගොස් තිබිණි. දේශප්‍රේමි අරගලය මර්දනය කිරීමේ ධනපති ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට සහාය නොදී ආරක්ෂක හමුදාවෙන් ඉවත්වන ලෙස දේශප්‍රේමි සන්නද්ධ ව්‍යාපාරය විසින් විසින් නිවේදනයක් නිකුත් කර තිබිණි. එහිදී සන්නද්ධ හමුදාව තුළ භිතියක් අැති කළ නමුත් සිය රැකියාවෙන් ඉවත්වන්නට තරම් දේශප්‍රේමි අරගලය ඔවුන්ට බලපෑමක් කර නොතිබිණි.
ඉන් කාලයකට පසුව නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක හමුදාවෙන් ඉවත් නොවන භටයන්ගේ පවුල්වලටද වන්දි ගෙවන්නට සිදුවන බව දක්වා තිබිණි. 1989දී මැණික්හින්න අවට හමුදා පවුල් තුනක පුද්ගලයන් ඝාතනයට ලක්ව තිබුණේ ඒ අනුවය. මෙයින් ප්‍රකෝප වූ හමුදා භටයන් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ යැයි සැක කළත් නැතත් මහනුවර අවට ගම්වල තරුණ තරුණියන් සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීම සිදුකරණ ලදී. මහවත් ගම්මානයේ සංහාරයට පසුබම සකස් වන්නේ එසේය.
මහවත්ත අවට ඇතැම් නිවෙස්වල එකම පවුලේ සහෝදරයන් කිහිප දෙනකුම මේ ආකාරයට ඝාතකයන්ට හසුව තිබුණු අතර ප්‍රකට කාරණයක් වූයේ නත්තරම්පොත නව නගරයේ පොලිස් අශ්වාරෝහක කොට්ඨාශය ලෙස අද හැදින්වෙන මින් පෙර පොලිස් අභ්‍යාස විදුහලක්ව තිබුණු ස්ථානයේ එවකට පවත්වාගෙන ගිය වධකාගාරයේදී අත්අඩංගුවට ගත්තවුන් වධ දී මරා දැමුණු බවයි.
එක් අවස්ථාවකදී මහවත්ත ගමේ පිරිසක් පැහැරගෙන ගිය පසු දින ඔවුන් වෙඩි තබා ගම අසළ දමා ගොස් තිබිණි. එහි සිටි බොහෝ දෙනා උණු ලේ වගුරමින් තවමත් හුස්ම ගනිමින් සිටි බව භීතියෙන් අලලී සිරුරු වෙත ළගා වූ ගම්වාසින්ට දැක ගන්නට හැකි විය. එහි පැමිණි පුද්ගලයෙක් සිය සමීප ඥාතියකු බව හදුනාගත් අයකුගේ ගෙල ප්‍රදේශයෙන් ඇතුලු වූ උණ්ඩයක් කම්මුලින් පිටව ගොස් ඇති නිසා ජීවිතය බේරාගන්නට හැකියාවක් ඇති බව අනුමාන කළේය. එහෙත් වාහනයක් සොයා ගෙන එහි නැවත පැමිණෙන විට ආරක්ෂක හමුදාවෙන් පැමිණ එම සිරුරු රැගෙන ගොස් තිබිණි. 1990 වසරේ බිහිසුණු ධවල භීෂණය අවසන් වන විට මහවත්ත ප්‍රදේශයේ සිය ගණනක් මිනිසුන් සංහාරයේ ගොදුරු බවට පත්ව සිටියහ.
මහවත්ත ගම ඉලක්ක කරගත් මේ රුදුරු සංහාරය සදහා බලපෑ තවත් හේතුවක් ලෙස අනුමාන කෙරෙන්නේ ‘1990 ගම්උදාව‘ සදහා සිදුකළ සූදානමයි. 
එවකට, එක්සත් ජාතික පක්ෂයේ නිවාස හා ඉඩම් ඇමති රණසිංහ ප්‍රේමදාස, ගම්උදාව නමින් විවිධ ස්ථානවල සිදුකළ සැණකෙළියට 1990 සදහා තෝරාගෙන තිබුණේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලේකැලේ ප්‍රදේශයයි. ඒ සදහා මුල්ගල තැබීම 1989 සැප්තැම්බර් 14 වැනිදාට නියමිත වූ අතර ගම්උදාව පැවැත්වීම සම්බන්ධයෙන් සන්නද්ධ ව්‍යාපාරයේ බාධාව ආරක්ෂක අංශ විසින් ප්‍රේමදාස වෙත දන්වා තිබිණි. ඒ අනුව, දේශප්‍රෙමී ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය ලෙස මහවත්ත ගම්මානය වනසා දැමීමට තීන්දු කෙරුණු බවක් කියැවේ. මුල්ගල තැබීමේ අවස්ථාවට පැමිණි ප්‍රේමදාස හෙළිකොප්ටරයෙන් යනවිට මහවත්ත ගිනිගන්නා ආකාරය ගුවනින් නැරඹූ බවක කියනු ලැබේ.
නිවාස ගිනිතැබීමේ සිදුවීමෙන් පසුව ගම පාලුවට ගිය අතර පණ බේරාගත් බොහෝ දෙනා තමතමන්ගේ ඥාති නිවෙස්වල රහසිගතව සැගවී සිට යළි ගමට පැමිණියේද භීෂණ සමය අවසන් වූ පසුවය. නිවෙස් අහිමිව සහ ඇතැමුන්ට සිය පවුලේ වැඩිහිටි පිරිමි කිසිවකු නැති තත්වයක් තුළ ජීවිතය දුෂ්කරතා බහුල සමයක් විය. එහෙත් 1992 පමණ වනවිට ඔවුන් නැවත නිවෙස් කරා පැමිණ සිය ජීවිත අලුතින් පටන්ගත් බවද මේ වනවිට එදා සිදුවූ බිහිසුණු අත්දැකීම් මතකයෙන්ද ගිලිහී යන තත්වයකට පත්ව තිබෙන බවද ප්‍රදේශවාසීන් සමග කළ කතාබහ අනුව අපට තේරුම් ගත හැකි විය.
එහෙත් සියල්ල මතකයෙන් අමතක කළ නොහැකිය, මිනිසුන් සතුන් මෙන් මහමග ටයර් මත දමා සංහාරය කළ අතීතයකින් පැමිණි අපට එය කළ නොහැකිය. 1971 වේවා 1989 වේවා 2009 දක්වා තිස් අවුරුදු යුද සමයේ වේවා මිනිස් ඝාතන මගින් ජනතාවගේ යුක්ති සහගත අරමුණු පාගාදැමීමට අප විරුද්ධ විය යුතුය. මතු දිනයකදීත් මිනිස් අරමුණු සමග ඒකරාශිවන ජනයා පවතින සමාජ ආර්ථික පීඩාවන්ට එරෙහිව නැගී සිටින බව විශ්වාස කරන අපි මරා දැමුනු මිනිසුන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන්නට හැකි සෑම දෙයක්ම කළ යුතු වෙමු. අවම වශයෙන් ඒ මරා දැමුණු මිනිසුන් සිහිපත් කරමින් ඔවුන් මිනිසුන්ය යන ගෞරවාන්විත මතකය අප වෙත ඉතිරි කරගත යුතුව ඇත.
( උපුටනය lankaviews.com)

Thursday, 17 October 2019

රණවිරු ගාය


වමේ සිට ලෙෆ්ටිනන්ට් කර්නල් විපුල බොතේජු, ලෙෆ්ටිනන්ට් කර්නල්  සරත් ජයවර්ධන, කර්නල් විජය විමලරත්න, බ්‍රිෙග්ඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ගෝඨාභය රාජපක්ෂ (1987 දී) 


එදා මේ රටේ රණවිරුවන් තුළ වූ ගායේ තරම මුල්වරට ලොවටම කියා දුන්නේ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, ජෙනරාල් ලයනල් බලගල්ලේ වැනි විරුවන් එක්ව 1987 වසරේදී එල්ටීටීඊයට එරෙහිව ආරම්භ කළ වඩමාරච්චි මෙහෙයුමේදී විය. එය ප‍්‍රභාකරන්ගේ ගෙල සිඳෙන තැන දක්වාම ඇදී යද්දී 1987 වසරේදී මෙරට ගුවන් තලය ආක‍්‍රමණය කළ ඉන්දීය හමුදා උතුරට අහසින් පැමිණ ටොන් විසිපහක් පමණ වූ ආහාර තොග හෙළනු ලැබුවේ එකී රණවිරු ගායේ තරම දැන සිටි නිසාය.

 මේ නිසාම එදා වඩමාරච්චි මෙහෙයුම අතරමඟ නතර කිරීමට එවකට පැවති ජයවර්ධන රජයට සිදුවිය. එකී අඳුරු යුගයට අයත් වූ 1992 වසරේදී මිනිසත් බවින් පිරිපුන් යුද සෙන්පතියකු වූ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න සහ රියර් අද්මිරාල් මොහාන් ජයමහ ඇතුළු විරුවන් රැසක් යාපනය අරාලි තුඩුවේදී එල්ටීටීඊය ඇටවූ බිම් බෝම්බයකට බිලි වී රට වෙනුවෙන් ජීවිත පූජා කරනු ලැබුවේද මේ කියන රණවිරු ගාය නිසාමය.

 ඉකුත් 1985 වසරේදී අනුරාධපුර ජය ශී‍්‍රමහ බෝ සමි`දුන් සෙවනේ සිටි උවැසු උවැසියන් අමු අමුවේම ඝාතනය කළ එල්ටීටීඊ මිනී මරුවන් ඉන් නොනැවතී 1998 වසරේදී ලෝක බෞද්ධ උරුමයක් වූ ශී‍්‍ර දළදා මාලිගාවට ම්ලේච්ච ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබුවේද මේ රට වෙනුවෙන් පෙරට ගිය රණවිරුවන්ගේ ගාය නතර කිරීමේ අදහසින් යුතුවය.

 එසේම මේ ශාපලත් කාලසීමාව තුළදී 378 ට වැඩි මරාගෙන මැරෙන් ප‍්‍රහාර ප‍්‍රමාණයක් එල්ල කරමින් සිය ලේ පිපාසාව සංසිඳුවා ගන්නට වෙහෙසුණු වේලූපිල්ලේ ප‍්‍රභාකරන් එකී බෝම්බ ප‍්‍රහාරවල ගොදුරු ලෙස මේ රටේ මිනිසුන් අමු අමුවේ මරා දැමුවේද එකී රණවිරු ගාය නතර කිරීමේ අරමුණ ඇතිවය.

 අරන්තලාවේ භික්‍ෂු ඝාතනය, ගම්මානපිටින් කපා කොටා කිරි දරුවන් පවා මරා දැමීම ආදී ලෙසින් අතිශය ම්ලේච්ඡු භීෂණයක් සමිය ඊළාම් සිහිනය වෙනුවෙන් ප‍්‍රභාකරන් රට පුරා පතුරවා හරිනු ලැබුවේද අපේ විරුවන්ගේ ගාය නතර කරවා ගන්නටය.

 එන්ජී ඕ පාට කණ්ණාඩි සමඟ රට පසෙක තබා ඊනියා සර්වපිත්තල ජාතික සමඟියක් ගැන කතා කරන චන්ද්‍රගුප්ත තේනුවරලා නොදන්නවා සේ හැසිරෙන එහෙත් මේ රටේ මිනිස්සු පැහැදිලිවම දන්නා ඒ රණවිරු ගාය නතර කිරීමට නම් වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට කුමකින් කුමක් කළත් කිසිසේත්ම නොහැකි විය.

 අද මේ රටට එරෙහි සමස්ත එන්ජී ඕ නඩ ලක් මවගේ මරණ මංචකය දකිනු රිසියෙන් හඬා වැලපෙමින් මළ ප‍්‍රභාකරන්ට පහන් දල්වමින් සිටිනුයේද ප‍්‍රභාකරන් එසේ අසමත් වූ නිසාය. මේ මොහොතේ රණවිරු ගායට බෙහෙත් දෙනවා යැයි කියමින් චන්ද්‍රගුප්ත තේනුවරයන්ගේ මුවින් පිටවෙමින් තිබෙන්නේ එකී ගුප්ත විලාපයේ අඬවැඩියාව නොවේද?

ප‍්‍රභාකරන්ගේ අසමත්කම සේම අද දවසේ මේ විලාපයන්ට තවත් එක් ප‍්‍රබල හේතුවක් වී තිබෙන්නේ ලක් මවගේ සුජාත දරුවන් වූ රට බේරාගත් රණවිරුවන්ගේ ගායට ඉකුත් 2005 වසරේදී නිසි අරුතක් ලැබීම හමුවේ ඔවුන් තුළ ඇතිවී තිබෙන කුහක වේදනාවය. එල්ටීටීඊ ත‍්‍රස්තවාදය හමුවේ මේ කුහක සිත් ඇත්තෝ ප‍්‍රභාකරන්ටත් වඩා යැපුනාහ. රට තුළ බෙදුම්වාදය වැපිරී තිබීම ඔවුන්ගේ ප‍්‍රාණජීව ඖෂධය විය.

 ඉකුත් 2006 වසරේදී වේලූපිල්ලේ ප‍්‍රභාකරන් මාවිල්ආරු සොරොව්ව වසා දමා නැගෙනහිර සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ප‍්‍රාණ ඇපයට ගනිද්දී මේ ඇරඹෙන්නේ තමන්ගේ පැවත්මේ අවසානය බව මොවුහු නිකමටවත් නොසිතූහ. මාවිල්ආරු සොරොව්ව වසා දැමීමත් සමඟ ඉතිහාසයේ නොවූ පරිදි මේ රටේ රණවිරු ගායට නිසි අරුතක් දෙන්නට රාජපක්‍ෂ රජය කටයුතු කරනු ඇතැයි ඔවුහු කල්පනා නොකළහ. සැමදා සිදුවන පරිදි එය තවත් සාම සාකච්ඡුාවකින් කෙළවර වනු ඇතැයි ඔවුන්ගේ කල්පනාව විය.

 එහෙත් සිදුවූයේ අනෙකකි. මාවිල්ආරු සොරොව්ව වසා දැමීමත් සම`ග රණවිරු ගායට නිසි තැන ලබා දුන් රජය නැගෙනහිර මානුෂීය මෙහෙයුම ඇරඹීය. අවසානයේ නැගෙනහිරින් ප‍්‍රභාකරන්ගේ බලය බිඳවැටී ගියේය. ඉන්පසුව වන්නි මානුෂීය මෙහෙයුමද ආරම්භ විය.

 ඒ වන විට මේ රට බේරා ගත් විරුවන්ගේ රණවිරු ගායේ තරම තිබුණේ වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ හදවතේ රිද්මය පවා අවුල් කරන තැනකය. එකී රණවිරු ගායේ තරම දැන් අඟලට සැතපුමේ න්‍යායෙන් මෙහි සඳහන් කළ යුතු නැත. අද මේ රටේ මිනිස්සු නිදහසේ හුස්ම ගන්නේ එකී රණවිරු ගායට පිංසිදු වන්නටය.

 එය මේ මොහොතේ කුමක් කීවද මහාචාර්ය තේනුවරයන්ට සහ අද
‘ප‍්‍රභාකරන් වලප’ රඟ දක්වන්නට වෙහෙසෙන සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් මෙන්ම එන්ජී ඕ කාඩරයන් ලෙස පෙනී සිටිමින් රට වනසන්නට සැරසෙන උන්ටද අදාළය.


(ලිපිය දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලද්දකි.)

වරළස කපා දැමීම

ඇයට දිගු වරළසක් තිබිණ. 
හදිසියේම ඒ වරළස කපා දැමුවේ ආර්යාවකගේ උවමනාවට බවට එකල කතා පැතිරිණ. ? 
ඒ කිනම් හේතුවක් නිසාද ?