Pages

Wednesday, 20 November 2019

ගෝඨාගමනය

‘‘බොරුවක් විශාල ලෙස පවසන්න. එය නිරතුරුව පවසන විට ජනතාව විශ්වාස කරයි’’ 


 ශ‍්‍රී ලංකා ඉතිහාසයේ වෙනත් කිසිදු ජනපතිවරයකුට එල්ල නොවූ චෝදනා ජනාධිපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එල්ල විය.
 
 මේ එම දීන කි‍්‍රයාදාමය මෙහෙයවූවන්
 
 ⋆ ෆේස්බුක් අඩවිකරුවන් 200 යි
 
 ⋆ විදෙස් අරමුදල් ලබන එන්.ජී. ඕ ප‍්‍රධානීන් පහක් සහ කි‍්‍රයාකාරීහු 257 යි
 
 ⋆ විදේශ රාජ්‍ය නොවන සංවිධාන 47
 
 ⋆ කොටි ඩයස්පෝරාව
 
 ⋆ කොළඹ ඇමරිකානු, බි‍්‍රතාන්‍ය, ජර්මානු, ප‍්‍රංශ, ස්විස්, නෝර්වේ, ඔස්ටේ‍්‍රලියානු කැනඩා තානාපති කාර්යාල
 
 ⋆ ඉන්දීය රෝ බුද්ධි සේවාව සහ කොළඹ රෝ ඒජන්තවරු පිරිස
 
 ⋆ උතුරේ කොටි හිතවාදීන්
 
 ⋆ ද්‍රවිඩ සන්ධානය
 
 ⋆ දේශපාලනයට පැමිණි නවක මන්ත‍්‍රීවරු පිරිසක්
 
 මෙවන් පසුබිමක් මැද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා යුද්ධයට බයේ හමුදාවෙන් පැනගිය බවට ද්‍රෝහී පාර්ශ්ව ගතවූ කාලය මුළුල්ලේ ප‍්‍රචාරය කරනු ලැබීය. එහෙත් 1985 වසරේ සැප්තැම්බර් 27 දා අනුරාධපුර සාලියපුර හමුදා කඳවුරේ පළමු ගජබා රෙජිමේන්තුවේ දෙවැනි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ගෝ්්ඨාභය රාජපක්‍ෂට මහවිලච්චිය පොලිසියට කොටි පහරදෙන බවට ලත් තොරතුරු මත සිය කඳවුරේ සිටි නවක භට පිරිසක් සමඟ එම ස්ථානයට පිටත්විය. ඒවනවිට කොටි ප‍්‍රහාරය නිමකර විල්පත්තුව කැලයට පලාගොස් තිබුණි. මේ බව තහවුරු කරගත්, ගෝඨාභය රාජපක්‍ෂ කොටින්ට පෙර විල්පත්තු සීමාවට අවතීර්ණ විය. එකල කොටි පසුපස හඹාගොස් ප‍්‍රහාර එල්ල කිරීමේ ක‍්‍රමවේදය කි‍්‍රයාත්මක නොවුණි. එහෙත් ගෝඨාභය විල්පත්තු කැලයේ ඉදිරියට එමින් සිටි කොටින්ට ප‍්‍රහාර එල්ල කිරීමට භට පිරිසට නියෝග කළේය. එහිදී කොටි හයදෙනකු මරුමුවට පත්වූ අතර තුවාල ලබාසිටි කොටි දෙදෙනෙක් අල්ලා ගැනීමටද හැකිවිය.
 
 මෙහිදී එක් හමුදා භටයෙක් ජීවිතක්‍ෂයට පත්විය.
 
 මෙරට හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වරට පැවැත්වූ වීරක‍්‍රියාව උදෙසාවූ වීර පදක්කම් පැලඳීමේ උත්සවයේදී එවකට ජනපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන විසින් ගෝඨාභයටද වීර සම්මානය පිරිනැමීය. ජේ. ආර්. ජයවර්ධන විසින් එහිදී 15 කට වීර පදක්කම් පිරිනමනු ලැබිණි.
 
 එහෙත් සතුරෝ මෙම සිද්ධිය වසන් කර ඇත.
 
 1971 අපේ‍්‍රල් 26 දා කැඩෙට් නිලධාරියකු ලෙස හමුදාවට බැඳුණු ගෝඨාභය රාජපක්‍ෂ 1972 මැයි 25 දා දෙවැනි ලූතිනන්වරයකු ලෙස හමුදා දිවිය ආරම්භ කළේය.
 
 1982 දී මේජර් නිලය උදෙසා මාණ්ඩලික පාඨමාලාවක් හැදෑරීම සඳහා ඉන්දියාවේ හමුදා විiාපීඨයට හමුදා නිලධාරින් යැවීමේ විභාගයක් පැවැත්වුණි.
 
 එහිදී එම විභාගයෙන් පළමුවැනියා වී ඉන්දීය පාඨමාලාව හැදෑරීම සඳහා ඔහු සුදුසුකම් ලැබීය. මේ පාඨමාලාවට හිටපු හමුදාපති සරත් ෆොන්සේකාද පෙනී සිටියේය.
 
 අනතුරුව රජරට රයිපල්ස් සහ සිංහ රෙජිමේන්තුවේ සේවය කළ ගෝඨාභය රාජපක්‍ෂ 1983 එ.ජා.ප. පාලනය තුළ ගජබා සේනාංකයට මාරු කෙරුණි.
 
 ඉන්පසු වඩමාරච්චි මෙහෙයුම සමයේ 1 වැනි ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්‍ෂගේ විධායක අධිකාරි ලෙස ලූතිනන් ශවේන්ද්‍ර සිල්වා කි‍්‍රයාකළේය.
 
 1987 මැයි 26 දා වඩමාරච්චි මෙහෙයුම ආරම්භ වූ අතර දින දෙකක් තුළ උඩුප්පිඩි - වැල්වැටිතුරේ සහ පේදුරුතුඩුව යන ප‍්‍රදේශ මුළුමනින්ම හමුදා පාලනයට නතුවිය.
 
 මෙම වඩමාරච්චි මෙහෙයුමේ විශේෂත්වය වූයේ ජංගම මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට බෆල් යුද රියක් ලබාදී තිබීමයි. වඩමාරච්චි මෙහෙයුම ආරම්භ වී සුළු වේලාවකට පසු පළමු ගජබා සේනාංකයට ලබාදී තිබූ බෆල් රිය බිම් බෝම්බයකින් විනාශ විය. එහිදී සෙබළුන් සිතුවේ බෆල් රියේ ගෝඨාභය සිටි බවයි. එහෙත් මෙහෙයුම ආරම්භයේ සිට ගෝඨාභය රාජපක්‍ෂ සෙබළුන් එක්ව ගමන් කළ නිසා කොටි උත්සාහය ව්‍යාර්ථ විය.
 
 1990 වසරේදී ස්ට‍්‍රයික් ගාඞ් සහ ති‍්‍රවිධ බලය යන මෙහෙයුම්වල ආඥාපති ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්‍ෂ 1992 වසරේ ලූතිනන් කර්නල් ධුරයට පත්විය. ඉන්පසු කොතලාවල ආරක්‍ෂක විශ්වවිiාලයේ ප‍්‍රධාන ධුරය හිමිකරගත් ගෝඨාභය 1992 දී විශ‍්‍රාම ඉල්ලා අයදුම් කර ඇමරිකාවට ගියේය.
 
 එ.ජා.ප දේශපාලකයන් විසින් ගෝඨාභය ඇමරිකාවට පැනගිය බව කියන්නේ මේ නිසාය. එවකට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ගෝඨාභයගේ විශ‍්‍රාම යෑම අනුමත කර තිබුණි.
 
 වසර 20 ක් තිස්සේ ඊලම් යුද්ධ තුනකට සම්බන්ධ වී සටන් කර මෙරටින් යාමට මුල්වූයේ එදා යුද්ධය කොටින්ට අවශ්‍ය ලෙස සිදුවීම නිසාය.
 
 ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්වීමෙන් පසු ගුවන් හමුදාවේ පිරිස් බලය 18000 සිට 35000 ක් දක්වා ඔහු වැඩි කළේය. නාවික පිරිස් බලය 25000 සිට 55000 දක්වාද යුද හමුදාව 120,000 සිට 20,0000 දක්වාද වැඩි කළේය.
 
 වන්නි මෙහෙයුම සමයේ කෙයාර් සංවිධානයට සම්බන්ධව සිටි කොටි ගෝඨාභය රාජපක්‍ෂ ඝාතනය කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ විය.
 
 ඉන්පසු 2006 දෙසැම්බර් 1 දා කොල්ලූපිටියේ පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන කොටි ගෝඨාභය රාජපක්‍ෂ ඝාතනය කිරීමට දැරූ ප‍්‍රයත්නයද අසාර්ථක විය.
 
 ඒ අනුව ඝාතන උත්සාහයන් තුනක ඉලක්කය බවට ඔහු පත්විය.
 
 පිත්තල හන්දියේ සිදුවූ මරාගෙන මැරෙන ප‍්‍රහාරය ගැන හමුදාපති සරත් ෆොන්සේකා පැවසුවේ එය ජනතා අනුකම්පාව ලබාගැනීමට ගෝඨාභය දියත් කළ මෙහෙයුමක් බවයි.
 
 ජනතාවගේ අනුකම්පාව දිනාගැනීමට මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදාගැනීමට ආරක්‍ෂක ලේකම්වරයකු කි‍්‍රයාකරනු ඇතැයි විශ්වාස කළ හැකිද?
 
 වන්නි මෙහෙයුම ජයගත හැකි බව පැවසුවේ ගෝඨාභය රාජපක්‍ෂ පමණි.
 
 ඉන්දීය බුද්ධි සේවාවේ හිටපු ප‍්‍රධානි බී. රාමන් පැවසුවේ ගෝඨාභය රාජපක්‍ෂ ඉල්ලාගෙන කන බවයි.
 
 ඉන්දීය සාම හමුදාවේ හිටපු බුද්ධි ප‍්‍රධානි කර්නල් හරිහරන්ද කීවේ ගෝඨාභය රාජපක්‍ෂ ප‍්‍රමුඛ හමුදාව පරදින බවයි.
 
 නෝර්වේ සාම කටයුතු ඇමැති එරික් සෝල්හයිම්ද මෙරටට පැමිණ පැවසුවේ ප‍්‍රභාකරන් යුද්ධ කරන හැටි තමා දුටු බවත් ඔහුව පරාජය කළ නොහැකි බවත්ය.
 
 එහෙත් ගෝඨාභය වන්නි මෙහෙයුම ජයගන්නා බව තමන්ට පැවැසූ බව සෝල්හයිම් පළ කළේය.
 
 මේ පසුබිම මැද විදේශ රාජ්‍ය නොවන සංවිධාන 117 ක් ගෝඨාභයට එරෙහි විය. දකුණු අපි‍්‍රකානු අගරදගුරු ඩෙස්මන්ට් ටුටු, දේවගැති ජෙසී ජැක්සන් ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයිද වන්නි මෙහෙයුමට යන ගෝඨාභයට එරෙහි විය.
 
 එසේ වූවත් වන්නි මෙහෙයුම නතර කිරීමට ඔවුන්ට නොහැකි විය. යුද්ධය ජයගැනීමෙන් පසු දෙස් විදෙස් සතුරන් රැුසක් ගෝඨාභයට එරෙහිව මහා පරිමාණයෙන් කි‍්‍රයාත්මක විය.
 
 තාජුඞීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන ගැනද ඔහුට චෝදනා කෙරුණි. පැහැරගෙන යාම් ගැනද සාක්කි නැතත් චෝදනා එල්ල විය. රජයේ සිංහල සහ ඉංග‍්‍රීසි මාධ්‍ය අතුරුදන්වූ කොටි ගැනද චෝදනා කළේ ගෝඨාභය රාජපක්‍ෂටය.
 
 සතුරන්, ද්‍රෝහීන් සහ චරපුරුෂයෝ නොකඩවාම ප‍්‍රහාර එල්ල කරද්දී ගෝඨාභය රාජපක්‍ෂ සැලූනේ නැත.
 
 පසුව ඔහුගේ සතුරෝ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට සහ අල් ෂහබාබ් ත‍්‍රස්ත කල්ලිය ද ඔහු සම්බන්ධ යයි චෝදනා කළහ.
 
 මේ සතුරු කි‍්‍රයාදාමය කොතරම් උග‍්‍රව කි‍්‍රයාත්මක වූවාද කිවහොත් ඔහුගේ පුරවැසි බවද අධිකරණය දක්වාම ගෙනයාමට කි‍්‍රයාකළහ.
 
 මේ තත්ත්වය මත ලෝක ඉතිහාසයේ අවමන් සහගත තත්ත්වයකට මුහුණ පා ජය ලැබූ මෙවන් ජනාධිපතිවරයෙක් නැත.
 
 කොතරම් අවලාද එල්ල වූවත් ගෝඨාභය රාජපක්‍ෂ සටන අත්හැරියේ නැත. පසුගිය 16 වැනිදා ගෝඨාභය වෙනුවෙන් ප‍්‍රතිචාර දැක්වූයේ රටේ ජනතාවගෙන් ලක්‍ෂ 69 ක අතිවිශාල ජනසමූහයකි.
 
 විදේශ මාධ්‍ය මෙවන් ප‍්‍රතිචාරයක් කිසිවිටෙක බලාපොරොත්තු වුණේ නැත.
 
 වන්නි මෙහෙයුම ජයගැනීමෙන් පසු හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ලත් විශිෂ්ටතම ජයග‍්‍රහණය ජනපතිවරණ ජයයි.
 
 එම ජයග‍්‍රහණය කිසිවකුටත් නතර කිරීමට නොහැකි විය.
 
 නොවැම්බර් 16 දා පැවැති ජනපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ ජය ගැනීමත් සමඟම කොටි ඩයස්පෝරාව බරපතළ ප‍්‍රශ්නයකට මුහුණ පෑවේය.
 
 අපේ සතුරා ජයගෙන ඇත. එය නතර කිරීමට අපට නොහැකිවුණා යයි බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදය කියා සිටියේය.

 

 කීර්ති වර්ණකුලසූරිය දිවයින පුවත්පතට ලියූ ලිපියකි.

No comments:

Post a Comment